Thursday, June 22, 2017

පෑන්ටි අඳින්නේ නැති දවස​

බොහෝ කළකට පසු යළි ලියන්නට අවස්ථාව ආවා. ඒ නිසා අද වැනි දවසක ලියන්න ඕන කියන එක හිතුණා. අද අලුත් ම ආකාරයේ දවසක් නිසා එසේ ලිවීම තවත් හොඳයි කියා තීරණය කළා.



ලෝකෙ මතු වෙච්ච අලුත් ම ට්‍රෙන්ඩ් එකක් තමා No panty day හෙවත් පෑන්ටි අඳින්නේ නැති දිනය​. මෙය ජූනි 22 වනදා සමරනු ලබනවා. මෙය සමහර අය අතර ප්‍රකට දිනයක්.

මෙහි පටන් ගැන්ම ගැන හරි අදහසක් කාහටවත් ඇති බවක් පෙනෙන්නේ නැහැ. මෙය පටන් ගෙන ඇත්තේ කලිසම් අඳින්නේ නැති දිනය හෙවත් No pants day ඇසුරින් යයි අදහසක් තිබෙනවා.



ඇතැම් බටහිර රටවල මේ දිනය තරමක් ප්‍රකටයි. මෙහිදී නමෙහි සඳහන් විදියට ම කාන්තාවන් දිනය පුරා යට කලිසම් රහිතව සිතිනු ඇතැයි අදහස් කෙරෙනවා.

ලංකාවේ අපට මෙය අමුතු දෙයක් වුණත් ඇතැම් වෙළෙඳ ව්‍යාපාරික ආයතන ඒ පිළිබඳ යම් යම් දැන්වීම් පළ කර තිබුණා.