Saturday, April 18, 2015

බිකිනි ඇඳන් මහපාරේ

මීට කළකට පෙර ඕනෑම පොඩි වැස්සකට වුනත් ලංකාවේ පාරවල් යටවීම සුලභ කාරණයක් වුනා. ඒ වගේම බොහෝ පාරවල්වල අලි නාවන්න පුලුවන් වලවල් හැදිලා තිබුණා. මාර්ග සංවර්ධනය නිසා තත්ත්වය ටිකක් වෙනස් වුනත්, අදටත් ඒ වගේ පාරවල් ඕනා තරම් ලංකාවේ තියෙනවා. මේ වගේ පාරවල් හදන්නට කෙරෙන ඉල්ලීම් ද නිතර දකින්න පුලුවනි.

රුසියාවේ තුන්වෙනියට විශාලම ජනගහනයක් ජීවත්වන​, සයිබීරියාවේ විශාලතම නගරයද වන නෝවෝසර්බීර්ස්ක් නගරයේත් පාරවල්වල වතුර එකතු වන තැන් දකින්න පුලුවනි. මේ කාළයේ රුසියාවේ හිම දියවෙන නිසා මේ තැන්වල වතුර එකතු වෙල තියෙනවා. එමෙන්ම නගරය හරිහැටි පිරිසිදු නොකරන බවත් වාර්තා වෙනවා.

මෙම නගරයේ නගරාධිපති වන්නේ කොමියුනිස්ට් පක්ෂයේ ඇනටෝලි ලොකොට්. ඔහුට එරෙහිව මෑතකදී අමුතු මාදිලියේ විරෝධතාවයක් දියත් කෙරුණා.

සුරූපී රුසියානු ළඳුන් පිරිසක් බිකිනිවලින් සහ අඩි උස සපත්තුවලින් සැරසී මේවැනි වතුර පිරුණ තැනක පාර අයිනේ හාන්සි පුටු තබාගෙන අව්ව තපින්නට පටන් ගත්තේ මුහුදු වෙරළක ස්වභාවය මවා පාමින්. ඒ වගේම ඔවුන් විටෙක ජලයට පැන එහි කෙලිසෙල්ලම් ද කළේ මහපාර මුහුදක් මෙන් බව පෙන්වමින්.

මේ 'මුහුදේ' යන වාහනවල රියැදුරන්ට නම් මෙය අපූරු දර්ශනයක් වුනා. නමුත් මාර්ග අනතුරු ගැන නම් වාර්තා වුනේ නැහැ.

එමෙන්ම මෙම විරෝධතාව මෙහෙයවාපු කෙනෙක් පැහැදිලි නැති බවයි සයිබීරියන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ. මෙය ජනාධිපති පුටින් ගේ පක්ෂයේ වැඩක් වන්නටත් හැකි බව සැක කරන්න හැකියි. රුසියාවේ විපක්ෂ පක්ෂ අතරින් ප්‍රබලම පක්ෂය වන්නේ කොමියුනිස්ට් පක්ෂයයි.

Wednesday, April 15, 2015

කිම් කර්ඩශියාන් ආර්මේනියාවේ ප්‍රදර්ශනය කළේ මොනවාද​?

ලෝක ප්‍රකට රියැලිටි තරුවක් වන කිම් කර්ඩශියාන් මෑතදී ඇගේ මුතුන් මිත්තන් වාසය කළ ආර්මේනියාවට පැමිණියා. ඒ ඇගේ සොයුරිය ක්ලෝයි, ස්වාමියා සහ දරුවාද සමඟයි.

මෙම සංචාරය සිදු වූයේ ආර්මේනියානුවන් විසින් 1915 සිදුවූ බව කියන ආර්මේනියානු ජන සංහාරය අනුස්මරණය කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී. මෙම ජන සංහාරයේදී මිලියන 1.5 ක් තරම් ආර්මේනියානුවන් මිය ගිය බව පැවසෙනවා. නමුත් මෙහි චෝදනාව එල්ල වන තුර්කිය මෙම සිද්ධියේදී ජන සංහාරයක් වූ බව පිළිගන්නට කැමති නැහැ.

මේ වැනි පසුබිමක සිදු වූ කිම් කර්ඩශියාන් ගේ ආර්මේනියානු ගමන ලෝකය පුරා ආර්මේතියාව කෙරේ අවධානය යොමු වීමට හේතු වුනා. එමෙන්ම ආර්මේනියානු රසිකයනට කිම් හැබැහින්ම දකින්නට ලැබුණා.

එක් අවස්ථාවක ආර්මේනියාවේ යෙරවාන් අගනුවර කිම් සැරිසැරුවේ තනි සුදු ඇඳුමින් සැරසීගෙනයි. ඇගේ ලෝකප්‍රකට පස්ස හොඳින් මතුවී පෙනෙන කලිසමක් සහ ටර්ට්ල්-නෙක් ටොප් එකක් ඒ ඇඳුම වුනා.

කිම් අඳින ඕනම කලිසමකින් එයාගෙ අලි පස්ස හැඩට මතුවෙන එක සුලභ දෙයක්. නමුත් ඈ ආර්මේනියාවේ රසිකයන්ට ඊට වැඩි දෙයක් පෙන්නන්න තීරණය කළා. කිම් ඇඳපු ටොප් එක ඇගේ දෙතන කිටිකිටියේ තද කළේ යටට ඇඳපු බ්‍රා එකත් ඊටත් යටින් ඇගේ තනපුඩුත් ලස්සනට මතු කරමින්.

මෑතකදී උඩුකය නිරුවතින් පමණක් නොව අමු නිරුවතින් ෆොටෝ ෂූට්වලට පෙනී හිටපු කිම්ගේ නිපල් එක කොයි වගේද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නමුත් ඇගේ රසිකයින් මේ ප්‍රදර්ශනයත් ආසාවෙන් නරඹන්න ඇති.

(කිම් යෙරවාන්වල සැරිසැරුවේ ආර්මේනියාවට එන්න නොහැකී වූ තම සහෝදරයාගෙ පින්තූරයක්ද අතේ තබාගෙනයි).