Wednesday, December 30, 2015

යහපාලනයෙන් අලුත් වැඩක්: High Speed Broadband Internet කපන්න යයි!

මෙරට තුළ අධිවේගී අන්තර්ජාල සබඳතා නවතා දැමීමට යන බව වාර්තා වේ.

මෙයට හේතු වී ඇත්තේ මේ වන විට ක්‍රියාත්මක වන NBI (National Broadband Initiative) නමැති සේවාව අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) තීරණය කිරීම යි.

අඩු මිල ගණන් යටතේ අධිවේගී අන්තර්ජාල පහසුකම් අත්විඳීමට මෙරට ජනතාවට මෙම සේවාව තුළින් හැකියාව සැලසුනි. මෙම ක්‍රමය නිසා ලංකාව ලෝකයෙන්ම හොඳම අන්තර්ජාල සේවා සපයන රටවල් 50 අතරට එක් වී තිබේ.

නමුත් පසුගිය රජය පැවති සමයේ දී ආරම්භ කළ මෙම NBI සේවාව අත්හිටුවීමට, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්ව ඇති සුනිල් එස්. සිරිසේන මහතා තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Tuesday, December 29, 2015

නිරුවතින් පාරේ යන්න ඉඩ දෙන්න බෑ, මෛත්‍රී කියයි

දේශීය වටිනාකම් ගැන කථා කළ තමාට අන්තර්ජාලයෙන් දිගට හරහට පහර දෙන නමුත් විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකි යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද (29) බත්තරමුල්ල ‘අපේගම‘ දී පැවති ජාතික ශිල්ප සභාවේ ජාතික සම්මාන ප්‍රධානෝත්සවයේදී ය.

‘දේශීය දේ අගය කරන්නැයි පැවසීම නිසා මට දිගට හරහට පහර දෙනවා. අන්තර්ජාලයෙන් මා පට්ට ගහනවා. පොඩි පට්ටම් කරනවා. හැබැයි එසේ කිරීමෙන් ඇඹරෙන්නේ මම නෙමෙයි. ඒවා කරන අයමයි. මම කුඹුරේ නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක්. අපේ හැදියාව සැකැස්ම හා හොඳ නරක අනුවයි මා වැඩ කරන්නේ. කිසිවකුටත් නිරුවතින් පාරේ යන්න ඉඩදෙන්න බෑ‘ යැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Monday, December 28, 2015

බ්‍රා නැතිව නටපු නංගි

ළඟදි දිනෙක ප්‍රසිද්ධ බටහිර ගායක එන්රික් ඉග්ලේසියාස්ගේ ප්‍රසංගයක් කොළඹ නගරයේ පැවැත්වුණා. මේ සඳහා විශාල මුදලක් ගෙවා විශාල පිරිසක් එක් රොක් වුණා. මේ අතර නංගිලා දෙන්නෙකුගේ වික්‍රම ගැන විශාල කතාබහක් ඇති වුණා.

මින් එක් තරුණියක්, වේදිකාවට නැග​, සුපිරි ගායකයාට හාද්දක් දුන්නා. වඩාත් නිවැරදිව කිව්වොත් හාද්දක් ගත්තා. ඉතින් අපේ සංස්කෘතික පොලිසිය වගේ හැසිරෙන ඇතැම් කට්ටිය මේ ගෑණු ළමයාගෙ පලු අරින්න පටන් ගත්තා.

ඒත් ඉතාම ඉක්මණින් මේ ගෑණු ළමයා අමතක වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරුණා. එයින් පෙණුනේ, යම් කිසි කෙනෙක් වේදිකාවට බ්‍රෙසියරයක් විසි කරන ආකාරයයි. ගායක ඉග්ලේසියාස් ඒ බ්‍රා එක තනි අතින් අල්ලාගත්තා.

මේ සිද්ධියට පස්සෙ ඒ නංගිගේ බ්‍රා විසිකිරීම ගැන බොහොමයක් දෙනා කතා කළ අතර අන්තිමට ජනාධිපතිවරයාත් ඒ ගැන කතා කරමින්, එවැනි සංගීත ප්‍රසංගයක් පැවැත්වීම ගැන දරුණු ලෙස පහර දුන්නා.

මේ ගෑණු ළමයාගෙ බ්‍රා එක නිසා රටට හානියක් වුනේ කොහොමද කියන එක මේ ගැන ඒ කෙල්ලව පතුරු ගහන අය පැහැදිලි කරන්න ඕන​.

බ්‍රා එක විසි කරපු නංගි ඇත්තටම ඇඳගෙන හිටපු බ්‍රා එක විසි කළාද නැත්නම් බෑග් එකේ බ්‍රා එකක් දාගෙන ආවද කියලත් හොයල බලන්න ඕනි.

ඒ නංගි ඇඳගෙන හිටපු බ්‍රා එක විසි කළා නම්, ඊළඟට ඇතිවෙන ප්‍රශ්නය තමයි, බ්‍රා එකක් නැතිව ප්‍රසංගයේ නැටුවෙ කොහොමද කියන එක​.අහල පහල හිටපු අයට මොනවා පෙනෙන්න ඇද්ද​? මොනවා හිතෙන්න ඇද්ද​?

ඊළඟ ප්‍රශ්නය​... මේ නංගිට බැනපු අය​, මේ නංගිව හරි වෙන නංගි කෙනෙක්ව හරි බ්‍රා එකක් නැතිව ඉන්නව දැක්කොත් සංස්කෘතිය ගැන බණ කියාවිද​? නැත්නම් කන්න වගේ බලන් ඉඳීවිද​?

ISIS සංවිධානයට ලංකාවෙන් 45 දෙනෙක්

ශ්‍රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු ISIS සංවිධානයට එක්‌වීම සඳහා සිරියාවට ගොස්‌ ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇති බව දිවයින පුවත්පත පවසනවා.

මෙරට ISIS ක්‍රියාකාරකම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව විදේශ රටවල් දෙකක්‌ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවයි එම පුවත්පත ප්‍රකාශ කරන්නේ.
ISIS සංවිධානය 2020 දී පාලනය කිරීමට බලාපොරොත්තු වන ප්‍රදේශ​. මෙයට ලංකාවත් අයත්

ශ්‍රී ලංකාව තුළ ISIS සංවිධානයට හිතවත් ත්‍රස්‌ත සානුකම්පිත පිරිස වර්ධනය වෙමින් පවතින බව බුද්ධි අංශ විසින් ජනපතිවරයාට හා අගමැතිවරයාට රහස්‌ ලේඛනයක්‌ මගින් දැනුම් දී තිබෙන බවත් වාර්තා වෙනවා.

බොහෝ දෙනා විශ්වාස කළේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට සහය පළකරන පිරිස්‌ නැගෙනහිර පළාතේ සිටින බවයි. නමුත් බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ අයි. එස්‌. අයි. එස්‌. හිතවාදීන් බිහිව ඇත්තේ කුරුණෑගල, නුවර, කොලොන්නාව හා දෙහිවලින් බවයි.

ලංකාවේ පළමු ISIS සටන්කාමියා ලෙස සලකන ලද තැනැත්තා සිරියාවට ගියේ සිය පවුලේ සාමාජිකයන් ඇතුලු 16 දෙනකු සමඟ බව ISIS සංවිධානය විසින් මෑතකදී ප්‍රකාශ කරනු ලැබුණා.

Sunday, December 27, 2015

සංස්කෘතිය සහ බ්‍රෙසියරය​

මෛත්‍රීපාල​ ජනාධිපතිතුමා ඉඳ හිට පිස්සු කෙලින්නට පටන් ගත්තේ ජනාධිපති වූ අලුතමය​. එක එක කාළයට ඔහුට එක එක දේවල් මතක් වන්නේය​. මෑතකදී ඔහුට ආපහු රටේ සංස්කෘතිය මතක් වී ඇත්තේය​.

මෑතකදී කොළඹ සංගීත සංදර්ශනයක් සඳහා ලෝ ප්‍රකට ගායක එන්රික් ඉග්ලේසියාස් පැමිණියා​. මෙම ප්‍රසංගයේදී කිසියම් තරුණියක් ඔහු දෙසට බ්‍රෙසියරයක් විසි කරන ලද අතර​, ඔහු ගුවනේ ඉගිලෙන එම ඇඳුම අල්ලාගන්නට සමත් වුනා​.

එතැන් පටන් ලංකාවේ සමාජ මාධ්‍යවල බොහෝ සේ කතාබහට ලක් වූයේ එන්රික් දෙසට විසි කෙරුන තනපටය සහ එයින් පෙනෙන සංස්කෘතික සෝදාපාලුව ගැනය​.

රටේ සංස්කෘතියට වින කරන බාර් වහනවා කියාපු, එක බාර් එකක්වත් නොවහපු, පණ නැති ජනපති, දැන් සංස්කෘතිය ගැන කතා කරයි. ඔහුට අනුව​, කෙල්ලක තනපටේ විසිකිරීම වැරදිය​. නමුත්, ගමේ මිනිස්සු කටගොන්නක් බීගෙන ගොස් ගෙදර ගෑණිට තඩි බෑම සංස්කෘතික අංගයකි.

අනේ අපේ සංස්කෘතිය​!

Friday, December 4, 2015

ගැහැණු ළමයකුට පහර දුන් මොහුට ප්‍රසිද්ධියේ දඬුවම් කරනු!

අද ලංකාවේ සමාජයට පොඩ්ඩක් හෝ සතුටු විය හැකි දවසක්. පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව අද මානව හිමිකම් කොමිසමෙන් තීන් දුවක් ලබා දුන්නා.

මේ අනුව​, ඔක්තෝබර 29 වනදා සිසුන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් එම සිසුනගේ මානව අයිතීන් උල්ලංඝනය වූ බව පිළිගනු ලැබුණා. පොලිසිය වරදකරු බවත්, වරද කළ නිලධාරීනට එරෙහි විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් නිර්දේශ කෙරුණා.

නීතිය ක්‍රියාත්මක වෙලා පමණක් පලක් නැහැ. ඒ බව පෙනෙන්න අවශ්‍යයි. මේ සිදු වීමෙදි පොලිසිය මුලින් කිව්වෙ පහරදීමක් කෙරුණේ නැති බව. නමුත් දැන් එම කතාවල අසත්‍යභාවය එළි වෙලා ඉවරයි.

දැන්වත් පොලිසිය අවංක විය යුතුයි. මේ ගැහැණු ළමයාට පහර දුන් තැනැත්තා ඇතුලුව​, පොලු අතින් ගත්තාම පොරවල් වෙන බොරු පොලිස්කාරයින්ට දඬුවම් පමුණවා ඒ බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ යුතුයි.

ඒ වගේම මෙසේ පහර දෙන්නට අණ කළ උසස් පොලිස් නිලධාරීන්ට ද දඬුවම් කළ යුතුයි.

සටන ඉවර නැහැ. සටන පටන් ගත්තා පමණයි.

Thursday, December 3, 2015

දොස්තරලාට අපේ හද පිරි උත්තමාචාරය​

දොස්තරවරුන්ට බය වී රජය වාහන පර්මිට් දෙන්න ආපහු පොරොන්දු වුණා.

රටේ සල්ලිවලින් ඉගෙනගෙන​, රටේ මිනිස්සුන්ට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරමින් සල්ලි ගරන දොස්තරලාට වාහන ලබා දී ස්තූති කරන්න තරමට කොන්ද පණ නැති වූ රජයට අපේ ප්‍රණාමය​.

එමෙන්ම​, ලෙඩ්ඩුන් ගේ ජීවිතවලට වඩා තමන් ගේ වාහනේ ලොකු වූ දොස්තරලාට අපේ හද පිරි උත්තමාචාරය​