Monday, December 28, 2015

ISIS සංවිධානයට ලංකාවෙන් 45 දෙනෙක්

ශ්‍රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු ISIS සංවිධානයට එක්‌වීම සඳහා සිරියාවට ගොස්‌ ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇති බව දිවයින පුවත්පත පවසනවා.

මෙරට ISIS ක්‍රියාකාරකම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව විදේශ රටවල් දෙකක්‌ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවයි එම පුවත්පත ප්‍රකාශ කරන්නේ.
ISIS සංවිධානය 2020 දී පාලනය කිරීමට බලාපොරොත්තු වන ප්‍රදේශ​. මෙයට ලංකාවත් අයත්

ශ්‍රී ලංකාව තුළ ISIS සංවිධානයට හිතවත් ත්‍රස්‌ත සානුකම්පිත පිරිස වර්ධනය වෙමින් පවතින බව බුද්ධි අංශ විසින් ජනපතිවරයාට හා අගමැතිවරයාට රහස්‌ ලේඛනයක්‌ මගින් දැනුම් දී තිබෙන බවත් වාර්තා වෙනවා.

බොහෝ දෙනා විශ්වාස කළේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට සහය පළකරන පිරිස්‌ නැගෙනහිර පළාතේ සිටින බවයි. නමුත් බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ අයි. එස්‌. අයි. එස්‌. හිතවාදීන් බිහිව ඇත්තේ කුරුණෑගල, නුවර, කොලොන්නාව හා දෙහිවලින් බවයි.

ලංකාවේ පළමු ISIS සටන්කාමියා ලෙස සලකන ලද තැනැත්තා සිරියාවට ගියේ සිය පවුලේ සාමාජිකයන් ඇතුලු 16 දෙනකු සමඟ බව ISIS සංවිධානය විසින් මෑතකදී ප්‍රකාශ කරනු ලැබුණා.

No comments:

Post a Comment