Tuesday, July 25, 2017

පස්ස නිසා ඈෂ්ලිට ලැබුණ හුරතල් නම​

ඈෂ්ලි ග්‍රැහැම් 29 හැවිරිදි ඇමරිකානු නිරූපණ ශිල්පිණියක්. ඇය වෝග්, හාර්පර්ස් බසාර්, එල්ලේ, ග්ලැමර් ආදී විවිධ සඟරා සඳහා නිරූපණ කටයුතුවල නිරත වනවා. සාමාන්‍යයෙන් ඇය තරමක මහත සිරුරකින් හෙබි කාන්තාවක්.

ඈෂ්ලි සිය විශේෂත්වය ලෙස මොඩ්ලින්වලදි, ඒ කියන්නෙ නිරූපණ ක්ෂේත්‍රයේදි භාවිතා කරන්නෙත් තම මහත ශරීරයයි. ඈෂ්ලිගේ තන් වගේම විශාල පස්සත් ප්‍රසිද්ධ නිරූපිකාවන් අතර ඇයට වෙනම ස්ථානයක් ගෙනෙනවා.

ඈෂ්ලි හෙවත් "තට්ටමී" (Sports Illustrated)
මෑතකදි වෝග් සඟරාව සමඟ ඇය සහභාගී වූ සාකච්ඡාවකදි ඇය සිය සැමියා වන ජස්ටින් අර්වින් ඇයට හුරතලයට කියන නම හෙළි කළා.

ඔහු ඇයට හුරතලයට කියන්නේ "butt" (පස්ස​) කියලා. අපට ඒ නම "තට්ටමී" කියා හඳුන්වන්න පුලුවන්.

"ඒකට ඉතින් හේතුව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නෙ" යනුවෙන් ඈෂ්ලි සඳහන් කළේ ඇගේ පස්ස ගැන අමුතුවෙන් කිව යුතු නැති නිසා.​

No comments:

Post a Comment