Wednesday, October 15, 2014

පටාචාරා කතා පුවත සහ නසියා ජැන්සන් කතා පුවත​ (18+)

පටාචාරා තෙරණින් වහන්සේගේ කතාව අපි ගොඩක් අය අසා තිබෙනවා. හිතුමතේ විවාහයක් කරගෙන, අන්තිමට සැමියා සහ දරු දෙන්නා අහිමි වෙලා පටාචාරාවගේ සිහි විකල් වෙනවා. අවසානයේදි ඇඟේ තිබුණ ඇඳුම් ද නැතිව නිරුවතින් දුව යන ඇයට මිනිස්සු ගල් ගහනවා.

නමුත් වාසනාවකට ඇයට බුදුන් වහන්සේ සිටින තැනට ලැබෙනවා. බුදුන් වහන්සේගේ කරුණාවන්ත හඬ අසන ඈ පියවි සිහියට එනවා. ඒ එක්කම ඇයට කාගෙන් හෝ උතුරු සලුවක් ලැබෙනවා විළි වසා ගන්නට​. ඉන් පසු ඈ බුදුන් වහන්සේගෙන් බණ අසා සත්‍යය අවබෝධ කරගන්නවා.

පටාචාරාවට තමන් ලෝකයට බැඳ තබන ආශාව​, තණ්හාව කියන දේවල් පිළිබඳ අවබෝධ වන්න ඇත්තේ පවුලෙන් පිටමං කර​, සැමියා සහ දරුවන් අහිමිව සහමුලින්ම කාත් කවුරුත් නැති තත්ත්වයට පත් වූ නිසා වෙන්න පුලුවන්. මුලින්ම ඇයට ඒ තනිකම දරාගන්න බැරි වෙනවා. ඒ නිසා අසරණ වෙන ඇයට අර විදියට පිස්සු හැදෙනවා. නමුත් ඇයට බුදුන් වහන්සේ දේශනා කරන ධර්මය වැටහෙන පසුබිමකට ඇගේ මනස එන්නේ ඈ තනි වී, කිසිම බැඳීමක් නැති වීමෙන් වෙන්න පුලුවනි.

පටාචාරාව මතකයට ආවේ වෙනත් තරුණියක් මෑතදී කරපු දෙයක් නිසා. සුප්‍රසිද්ධ ප්ලේබෝයි සඟරාව වෙනුවෙන් නිරූපණයේ යෙදෙමින් ජර්මන් නිරූපිකාවක් නැත්නම් මොඩ්ල් කෙනෙක් වන නසියා ජැන්සන් බුද්ධ ප්‍රතිමාවක් මත නැග ෆොටෝ ෂූට් එකක් කරපු බව දැන් ප්‍රසිද්ධ කාරණයක්.

බුද්ධ ප්‍රතිමාව ඉස්සරහ බ්‍රා එකක් සහ චූටි පෑන්ටියක් පමණක් ඇඳගෙන මුලින්ම පෙනී සිටින නසියා පස්සේ බ්‍රා එක නැතිව ජංගිය පිටින් බුද්ධ ප්‍රතිමාව මත ඉඳ ගන්නවා. අන්තිමට මේ ලැජ්ජා නැති කෙල්ල අමු හෙලුවැල්ලෙන් බුද්ධ ප්‍රතිමාව මත්තෙ දිග ඇදිලා සහ හිටගෙන පින්තූරවලට පෙනී ඉන්නේ තමන්ට තියෙන ඔක්කොම අවයව ලෝකයටම පෙනෙන විදියට​. (ඒ සමහර පින්තූර අපි මෙහි පෙන්වන්නේ නැහැ)

නසියා කරපු මේ වැඩේ ගැන අමනාපයට​, කේන්තියට පත් වූ බොහෝ අය ඇයට විරුද්ධ වුනා. මේ නිසා අන්තිමට නසියා ජැන්සන් ඈ කරපු දෙයට සමාව ගත්තා. නසියාගේ ට්විටර් ගිණුමේ පහත පණිවිඩය ඈ ලියා තිබ්බා.

"I never meant to disrespect Buddha, when I work i have to pose wherever I get told to pose, I'm really sorry ,I feel very bad, I removed it."

(මම බුදුන්ට අගරුවක් කරන්න හිතුවේ නැහැ. මගේ රැකියාවෙදි මට කියන විදියට ෆොටෝවලට පෙනී ඉන්න වෙනවා. මම සමාව අයදිනවා. මගේ හිතට මේ සිද්ධිය තදින් වැදුණා. මම පින්තූර අයින් කලා)

තමුන්ට කියන ආකාරයෙන් ෆොටෝවලට පෙනී ඉන්න වෙනවා කියන දේ ඇත්ත වෙන්න පුලුවනි. මොකද නසියා ජැන්සන් වගේ මොඩ්ල්ස්ලා කරන්නේ රස්සාවක්. ඒබව අපි කැමති වුනත් නැතත් පිළිගන්න වෙනවා. හෙලුවෙන් පින්තූරවලට පෙනී ඉන්න තමන්ට පොඩ්ඩක් හෝ තියෙන ලජ්ජාව නැති කරගෙන ඉදිරිපත් වෙන්න ඕන​. අපි කැමති වුනත් නැතත් ගැහැණුන් ගෙ නිරුවතට මාර්කට් එකක් තියෙනවා. ඒක තනිකර අසික්කිත පැත්තෙන් හෝ කලාව පැත්තෙන් හෝ වෙන්න පුලුවන්. කොහොම වුනත් ඒ මාර්කට් එකට සැපයීම දෙන එක තමයි මේ වගේ අය කරන්නේ.

මේ වගේ පින්තූරවලට පෙනී ඉන්නවා කියන්නේ කැමරා ශිල්පියා ඇතුලු කීප දෙනෙක් ඉස්සරහ මේ කෙල්ලො අමු හෙලුවැල්ලෙන් ඉන්නවා වගේම ඊට පස්සෙ ලෝකය වටේම ඒ අයගේ හෙලුව විකිණෙනවා. ඒ සඳහා රස්සාවක් විදියට ඒක කරන එකේ ගැටලුවක් නෑ.

නමුත් ආගමික සංකේතයක් එක්ක මෙහෙම සෙල්ලම් කරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ මාර්කට් එකම තමයි. මේ වගේ දෙයක් කළාම මේ සඟරාව නිකම්ම ප්‍රොමෝට් වෙනවා. ප්ලේබෝයි කියන්නේ ප්‍රසිද්ධ සඟරාවක් වුනත් වෙලෙඳපොල තරඟය කාටත් පොදුයි. මේ වගේ අමුතු ප්‍රචාරයක් ලැබීම ඔවුනට හරි වටිනවා.

නසියා ජෙන්සන් හෙලුවෙන් බුදු පිළිමයක් මත ඉන්න පින්තූර දුටුවහම පටාචාරා කතාව මතකයට ආවේ ඒ දෙන්නාම බුදුන් හමුවේ එකම ඇඳුමෙන්, ඒ කියන්නේ උපන් ඇඳුමෙන් පෙනී හිටපු නිසා. පටාචාරා නම් ජීවමාන බුදුන් හමුවේ. නසියා නම් බුදුන්වහන්සේගේ පිළිරුවක් ළඟ. නමුත් පටාචාරා එයින් ජීවිතය අවබෝධ කරගත්තා. නසියා ජැන්සන් මේ සිද්ධිය තවත් එක සිද්ධියක් විතරයි.
මේ විදියට ඉන්නවා දකින කාටහරි ඒකිගෙ පස්ස පැත්තට දෙකක් ගහලා බිමට බස්සන්න හිතුනොත් පුදුමයක් නෑ

නසියා අර විදියට සමාව ගත්තත් එයා පෙනී හිටපු සඟරාව තමුන්ව මාර්කට් කරගෙන ඉවරයි. නසියා පවා තමුන්ව මාර්කට් කරලා ඉවරයි. සමාව ගත්තා කියන්නේ තවත් ප්‍රසිද්ධියට හේතුවක්. දැන් ඉතින් නසියා ජැන්සන් මේ විදියට ඉන්නවා දකින කාටහරි ඒකිගෙ පස්ස පැත්තට දෙකක් ගහලා බිමට බස්සන්න හිතුනොත් පුදුමයක් නෑ. නමුත් එදාටත් නසියා ප්‍රසිද්ධ වේවි. ඔන්න ඕකයි ඇත්ත​.

මේ නිසා ජීවිතේ හැටි තියා තමුන් කරපු දේ වරදක් විදියට නසියා ජැන්සන් ඇත්තටම තේරුම් ගත්තාද කියන සැකය මතු වෙනවා.

No comments:

Post a Comment