Sunday, June 22, 2014

බොදු බල සේනාව සහ ඇමරිකාව​

පසුගිය දිනවල බොදු බල සේනාව යන බෞද්ධ කියා කියාගන්නා අන්තවාදී සංවිධානය ශ්‍රී ලංකාවේ සාමයට තර්ජනයක් වෙන විදියේ කලහකාරී කටයුතුවල නිරත වුනා. ඒ විතරක් නෙවෙයි, එයිට පස්සෙ එහෙම කිසි දෙයක් කලේ නෑ කියලත් ප්‍රකාශ කල බව දකින්න ලැබුණා.

බොදු බල සේනාව ක්‍රියාත්මක වන ආකාරය ගත්තහම එයට ඇමරිකාවේ සම්බන්ධයක් නැහැ කියල හිතන්න අමාරුයි. මේ ගැන නම් වැඩිපුර කතා කරනවා අපි දැකලා නෑ. නමුත් එය වැදගත් දෙයක්... සාකච්ඡා කල යුතුමයි.

ඇමරිකාව සහ බොදු බල සේනාව අතර සම් බන් ධය කෙලින්ම තියෙන එකක් වන්නත් පුලුවන්, වක්‍ර එකක් වෙන්නත් පුලුවන්. ඒ ගැන උපකල්පන පමණයි තියෙන්නෙ. මොකද අපට හරියටම කියන්න බැරි නිසා. නමුත් ඒ උපකල්පන ගැන හොයාබලන්න වෙනවා.

එකක් තමයි මේ දෙගොල්ලො අතරෙ තියෙන්න පුලුවන් ඍජු සම්බන්ධය​. ඒ කියන්නෙ බටහිර රටවල් බොදු බල සේනාව අතකොලුවක් විදියට පාවිච්චි කිරීම​. යුද්ධයක් ඉවර වෙලා සාමය පිහිටෙව්වාට පසුවත් ආපහු මේ රටේ ප්‍රශ්න ඇති කිරීම සමහරුන් ගෙ බලාපොරොත්තුවක් බව පේනවා. ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න ලේසිම ක්‍රමය තමයි මෙහෙ ඉන්න එවුන් ටිකකට සල්ලි ටිකක් දීලා ආගම්වාදය​, ජාතිවාදය පතුරවන්න අනුබල දෙන එක​.

මේ වෙනකොට මුස්ලිම් අන්තවාදය පතුරවන ප්‍රධානම රට බවට පේන්න තියෙන්නෙ සවුදි අරාබිය​. නමුත් සවුදිය සහ ඇමරිකාව අනිත් පැත්තෙන් යාලුවො. ඒ කියන්නෙ දෙගොල්ලො එකතුවෙලා තමයි මේ විදියට ලෝකය පුරා අන්තවාදය පතුරවන්නෙ.

හොඳයි බොදු බල සේනාවට ඇමරිකාවෙ උදව් ලැබෙන්නෙ නැහැ කියමු. එහෙම වුනත් එතන ඇමරිකන් සම්බන්ධයක් තියෙනව වෙන්න පුලුවන්.

ලංකාවෙ බෞද්ධ අන්තවාදයක් කියල කියන එකක් පතුරවලා ඒ මගින් මුස්ලිම් අන්තවාදය වැඩි දියිණු වෙන්න කරුණු සැලැස්සුවහම ආණ්ඩුවට පුලුවන් ඇමරිකාවෙන් උදව් ඉල්ලගන්න​. ඇමරිකාවත් කැමති වෙයි උදව් කරන්න​. එතකොට ජිනීවාත් ඉවරයි.


මේකත් කොයි තරම් දුරට වෙන්න පුලුවන් දෙයක්ද කියන්න අපි දන්නෙ නෑ. නමුත් වෙන්න බැරි දෙයක් නෙවෙයි.

අද බුරුමයේ මුස්ලිම් අයට ගහන එක ගැන ඇමරිකාව සද්ද නෑ. අවුන්ග් සාං සූකයි වත් සද්ද නෑ. අද ඇමරිකාවයි බුරුමෙයි බොහොම යාලුවො මිත්‍රයො වගේ ඉන්නවා.

රටක් දියුණු වෙනවා නම් කිසිම රටකට ඕනෑවට වඩා ළං වෙන්නත් හොඳ නෑ. ඕනවට වඩා ඈත් වෙන්නත් හොඳ නෑ. ඒක මතක තියාගන්න ඕන​.

අනෙක රටේ සාමය ගැන මුලින්ම කටයුතු කරන්න ඕන​. එහෙම නම් අන්තවාදී සංවිධාන ඕනෑම එකක් මර්ධනය කරන්න ඕන​.

Monday, June 16, 2014

සෝවියට් දේශය ආපහු නිර්මාණය කරන්න හදන පුටින්

මේ දවස්වල බටහිර ජනමාධ්‍යවලින් දිගටම පහර දෙන නායකයෙක් තමයි රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්. සමහර බටහිර ජනමාධ්‍ය කියන්නේ පුටින් නැවත සෝවියට් දේශය නිර්මාණය කරන්න යන බවයි.

නැවත සෝවියට් දේශයක් නිර්මාණය කරන්න පුටින්ට ඇත්තෙන්ම අවශ්‍යද කියල වෙනමම කතා කරන්න ඕන කාරණාවක්. අපිට පෙනෙන්න තියෙන විදියට පැරණි සෝවියට් දේශය ආපහු නිර්මාණය කිරීම සෙල්ලම් වැඩක් නෙවෙයි. අනික පුටින් ගෙනියන දේශපාලනය තුළ ඒ වගේ දේකට ඉඩක් නැහැ.

මොකද සෝවියට් දේශය නිර්මාණය වුනේ එක අදහසක් මත​. පුතින් දේශපාලනේ කරන්න වෙනත් මතවාදයක් මත​.

සෝවියට් දේශය නිර්මාණය වුනේ නිර්ධන පන්තියේ ආඥාදායකත්වය කියන මතවාදය මත​. එතනදි ජාතිකවාදයට වඩා වැදගත් වුනේ පන්ති සටන කියන සංකල්පය​. මේක ඇත්තෙන්ම සිද්ධ වුනේ වෙනස් විදියට​. ඒ කියන්නෙ බලාපොරොත්තු වෙච්ච සර්ව සාධාරන සමාජවාදී සමාජයක් සෝවියට් සමූහාණ් ඩුවෙ ඇති වුනේ නැහැ. ඒ වගේම සෝවියට් දේශයේ සුලු ජාතීන් ගෙ එක් චෝදනාවක් වුනේ රුසියානු ජාතිකයන් විසින් ඔවුන් පහත හෙලන බවත් රුසියානු සංස්කෘතිය බලෙන් ඔවුන් මත පටවන බවත්.

පුටින් දේශපාලය කරන්නේ රුසියානු ජාතිකවාදය මත ඉඳගෙන​. සෝවියට් දේශය වගේ ජාතීන් අතර සමානතාව වගේ දේවල් නෙවෙයි පුටින් කියන්නේ. යුක්රේනයෙන් ක්‍රිමියාව ගලවලා ගන්න පුටින්ට උදව් වුනේ රුසියානු ජාතිකවාදය​. නමුත් නැගෙනහිර යුක්රේනයේ අනෙක් ප්‍රදේශ එහෙම එක සැරේ ගලවලා ගන්න පුටින් කටයුතු කළේ නැහැ. පුටින් බොහොම හෙමින් ගමනක් යන කෙනෙක්.

සමහරවිට අනාගතේදි පැරණි සෝවියට් දේශයේ රුසියාවෙන් පිට රුසියානුවන් වැඩිපුර ඉන්න පළාත් දිහාට රුසියාවේ අවධානය වැඩිපුර එල්ල වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම රුසියාව එක්ක මිත්‍රත්වයෙන් ඉන්න බෙලෝරුසියාව සහ කසක්ස්ථානය වගේ රටවල් එක්ක සම්බන්ධතා වැඩි වෙනවා. ඒත් බටහිර එක්ක වැඩිපුර එකතු වෙලා ඉන්න රටවල්වලට අමතර බලපෑම් කරන්න පුටින් උත්සාහ කරන එකක් නැහැ. මොකද ඒක ඔහුට පාඩු වෙන කාරණයක් නිසා.

පැරණි සෝවියට් දේශයක් ආපහු නිර්මාණය කරන්න හදනවා කියන්නේ වෙන්න බැරි දෙයක්. ඒ බව දැනගෙන ඒ බව කියන එක නැති භීතියක් ඇති කරන්න කරන උත්සාහයක්.

Sunday, June 8, 2014

ඉතාලියානු ඇමතිවරියගේ ජී-ස්ට්‍රිං පෑන්ටිය​

මාරියා එලේනා බොෂි ඉතාලියේ කැබිනෙට් මණ් ඩලයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ පාර්ලිමේන්තු සම් බන් ධීකාරක ඇමතිනිය ලෙස කටයුතු කරනවා. ඉතාලියේ අලුත් අගමැති මටෙයෝ රෙන්සිගේ කැබිනෙට් මණ් ඩලයේ සිටින කාන්තාවන් පිරිසෙන් ඇයත් එක්කෙනෙක්. මාරියා තවම වයස අවුරුදු 33 ක තරුණියක්. එයාගෙ උපන් දිනය 1981 ජනවාරි 24 වනදා.

පෙබරවාරි මාසයේ අලුත් ඇමතිවරුන් දිවුරුම් දීම සිද්ධ වුනේ මේ අවුරුද්දෙ පෙබරවාරි 22 වනදා. එයින් ටික දවසකින් පස්සෙ ඉන්ටර්නෙට් එකේ මාරියා බොෂිගේ පින්තූරයක් ජනප්‍රිය වුනා.

මේ පින්තූරයේ හැටියට මාරියා මේසයක් දිහාවට නැමීගෙන ලියවිල්ලකට අත්සන් කරද්දි එයාගෙ කලිසම පහත් වෙලා යටට ඇඳගෙන ඉන්න පෑන්ටිය පේනවා. මේ සාමාන්‍ය ජංගියක් නෙවෙයි. පිටිපස්සෙන් තට්ටම් දෙක මැදින් යන්තම් වැහෙන​ ජී-ස්ට්‍රිං එකක්. මේ විදියෙ ජංගි ඇඳපුවාම අඳින කෙනාගෙ පස්ස එළියෙ බව අමුතුවෙන් කියන්න ඕන නෑ. මේ වගේ ජංගි අඳින්නෙ ටිකක් කාමුක ගැහැණු බව තමයි සාමාන්‍ය මතය​.

නමුත් මේ ෆොටෝ එක දිහා බලාපුවාම මේක ඇත්ත පින්තූරයක් නොවන බව පැහැදිලිවම පේනවා.

අනික, මාරියා ඇඳන් ඉන්න පෑන්ටිය එයාට ගැලපෙන්නෙත් නෑ වගේ. :) ඔච්චර ෆැෂන් කරන කෙල්ලෙක් එහෙම එකක් අඳීවිද කියලත් ටිකක් දුරදිග හිතුවොත් කෙනෙක්ට හිතෙන්න පුලුවනි. (නමුත් එයාගෙ නිල්පාට ඇඳුම කොහොමත් එයාට නොගැලපෙන බවට චෝදනා මාධ්‍ය ඔස්සේ එල්ල වුණා)

මේ තියෙන්නෙ ඔරිජිනල් පින්තූරය​. අනිවාර්යයෙන් මේක ෆොටෝශොප් කරලා තමයි උඩ තියෙන පෑන්ටිය පේන ෆොටෝ එක හදලා තියෙන්නෙ.

Women of China වෙබ් සයිට් එක කියන විදියට මේ පින්තූරය මුලින්ම එළියට ආවෙ චීනයේ වෙයිබෝ සමාජ ජාලය හරහා. ඒ පෙබරවාරිවලදිම තමයි. නමුත් මේක ඉන්ටර්නෙට් එකෙන් පැතිරුනේ ඊට පස්සෙ.

මේකෙන් පෙන්වන්නේ ඕනම පින්තූරයක් දිහා විපරමෙන් බලන්න ඕන බවයි.

ඒ වගේම Women of China වෙබ් සයිට් එකනම් කියන විදියට කාන්තාවන් වැදගත් තැන්වලට එන එක නුරුස්සන​, ගෑණුන් පහත් කරලා සලකන කෙනෙක් මේක හදන්න ඇති ලු. නැති විසේකාරකමක් පෙන්වලා ඒ ගෑණු කෙනා වගකීමක් ගන්න නුසුදුසු බව පෙන්වන්න හදනවා කියලා තමයි ඔවුන් කියන්නේ.

සමහරවිට මේ ෆොටෝශොප් එක කරපු කෙනා තනිකරම විහිලුවක් කරන්න බලාපොරොත්තු වෙන්න ඇති. නමුත් ෆොටෝ එක දැකලා ශෙයාර් කරපු, ප්‍රසිද්ධ කරපු අයගෙන් කොටසක් හරි ඇමතිවරිය වල් ගෑණියක් කියන හැඟීමෙන් ඒක කරන්න ඇති. ඒකෙ සැකයක් නැහැ.

මේක ෆොටෝශොප් කරපු කෙනාට කරන්න තිබුණ අනිත් වැඩේ තමයි මාරියා බොෂිගෙ ජංගියත් ගලවලා යටට අඳින්නෙ නැති වල් ගෑණියක් කියලා අඟවන එක​! (පහල පින්තූරෙ ඉන්න ඩැනියෙල් ලිනෙකර්ට කලකට කළින් වුනා වගේ. ඒ නම් ඇත්තම පින්තූරයක්)

මාරියා බොෂිගේ ෆොටෝ එකෙන් පේනවා ෆොටෝශොප් දන්න කෙනාට තියෙන බලේ. ටික වෙලාවකට හරි ඇමතිවරියකගේ ජංගිය පෙන්නන්න පුලුවන් වෙන කාටද​? නමුත් මේකෙන් පේනවා ඉන්ටර්නෙට් එකේ තියෙන හැම කෙහෙල්මලම විශ්වාස කරනවාට වඩා ඒ ගැන විපරමින් බලන්න පුරුදු වෙන්න ඕන කියන එක​.

අහිංසක කෙල්ලක් වල් කෙල්ලක් කළාට පස්සෙ ඒ කෙල්ලගේ චරිතය ආයෙ හදන්න අමාරුයි. ඒ බව කවුරුත් දැනගන්න ඕන​. අනික මේ වගේ මෝඩයෝ නිසා ඉන්ටර්නෙට් එකේ නියම අගය නැති වෙන බවත් අපි මතක් කරන්න ඕන​.

Wednesday, June 4, 2014

සම්මානය ගන්න 'හෙලුවෙන්' ආපු රිහානා

සුප්‍රසිද්ධ ගායිකාවක වන 26 හැවිරිදි රිහානා, බටහිර ලෝකයේ සිටින සරාගීම ගායිකාවක්. ඒ වගේම ඈ කළක පටන්ම නිතර නිතර එයාගෙ ඇඟ පෙනෙන්න ඇඳුම් අඳින්න පටන් ගත්තා. ඒ වගේම සඟරාවල ෆොටෝවලටත් බාගෙට හෙලුවෙන් පෙනී හිටියා. නමුත් ළඟදි දවසක එයා වෙනදාටත් වඩා කැපී පෙනන විදියට ප්‍රසිද්ධියේ පෙනී හිටියා.

ඇමරිකාවේ මෝස්තර නිර්මාණකරුවන් ගේ සංගමයේ වාර්ෂික සම්මාන උත්සවය ජූනි 2 වනදා පැවැත්වුනා. මෙහිදී රිහානාටත් මෝස්තර නිරූපණය සඳහා වන විශේෂ සම්මානයක් ලබා දුන්නා. මේ අවස්ථාවට රිහානා ආවේ අපූරු ඇඳුමක් ඇඳගෙන​.

දැල් රෙද්දකින් මහපු ඇඳුමෙන් රිහානාගේ ඇඟේ ඉස්සරහ පැත්තෙන් බොහෝ කොටසක් වැහෙනවා. පස්ස පැත්තෙන් නම් පිට සම්පූර්ණෙන්ම වගේ එළියෙ තියෙන්නේ. ඇඟට ගාණට මහපු ඇඳුමෙන් රිහානාගෙ ඇඟේ හැඩය ලස්සනට පෙනෙනවා. මේ ඇඳුම ඒකට අල්ලාපු ක්‍රිස්ටල් නිසා දිලිසෙනවා. හැබෑ ලස්සනයි.

ඔලුව වැහෙන්න දාපු බැන්ඩනා එකත් ක්‍රිස්ටල් නිසා දිලිසෙනවා. ඒකෙන් රිහානාගෙ මූණෙ ලස්සන තවත් කැපිලා පේනවා.

නමුත් එක හේතුවක් නිසා ඇඳුම වඩාත් කතාවට ලක් වුනා. රිහානාගෙ ඇඳුම සම්පූර්ණයෙන් දුහුල්. ඒ වගේම එයා හමේ පාටට ඇඳපු ජී-ස්ට්‍රිං ජංගියෙන් එයාගෙ පස්ස වැහෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි, බ්‍රා එකක් ඇඳලා නැති නිසා කෙල්ලගේ තන් දෙක එළියේ වගේ.

මේ නිසා රිහානාගෙ ඇඳුමෙන් එයාගෙ ලැජ්ජාව යන්තම් වැහෙනවා විතරයි.

රිහානගේ ඇඟේ තියෙන ටැටූ සෙට් එකෙන් වැඩිහරියක් පේනවා.

ඇඟම වගේ වැහෙන නිසා අඳුරෙදි මේ ඇඳුමෙ ලොකු අවුලක් නෑ. නමුත් එළිය තියෙන තැනකට ආවම ආයෙ හංගන්න දෙයක් රිහානට ඉතුරු වෙන්නෙ නෑ. ඇයි ඉතින් තනයි පුකයි සේරම එළියෙ නෙ?

සමහර පින්තූරවල පෙනෙන විදියට නම් හිතෙන්නෙ මේ ඇඳුම ඇඳන් ආවට වැඩිය හොඳයි අමු හෙලුවැල්ලෙන්ම ආවා නම් කියලා; යෝනිය වහගන්න ඕනම නම් ජී-ස්ට්‍රිංග් ජංගිය ඇඳන් වෙන ඇඳුමක් නැතුව එන්න තිබුණා. නමුත් එහෙම ආවා නම් මේ වගේ ලස්සනට ඉන්න එකක් නම් නැහැ.

පහුගිය කාලෙ රිහානා පුක එළියෙ දාගෙන ෆොටෝ වගයකට පෙනී හිටියා. පස්සෙ දවසක තන් දෙකත් එළිය දාගෙන ප්‍රංශ සඟරාවක පෙනී හිටියා.

දැන් රිහානට ඉතුරු වෙලා තියෙන්නෙ යෝනිය පෙන්නන්න විතරයි. ළඟදිම එයා ඒකත් කරාවි කියලා හිතෙනවා.​