Monday, June 16, 2014

සෝවියට් දේශය ආපහු නිර්මාණය කරන්න හදන පුටින්

මේ දවස්වල බටහිර ජනමාධ්‍යවලින් දිගටම පහර දෙන නායකයෙක් තමයි රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්. සමහර බටහිර ජනමාධ්‍ය කියන්නේ පුටින් නැවත සෝවියට් දේශය නිර්මාණය කරන්න යන බවයි.

නැවත සෝවියට් දේශයක් නිර්මාණය කරන්න පුටින්ට ඇත්තෙන්ම අවශ්‍යද කියල වෙනමම කතා කරන්න ඕන කාරණාවක්. අපිට පෙනෙන්න තියෙන විදියට පැරණි සෝවියට් දේශය ආපහු නිර්මාණය කිරීම සෙල්ලම් වැඩක් නෙවෙයි. අනික පුටින් ගෙනියන දේශපාලනය තුළ ඒ වගේ දේකට ඉඩක් නැහැ.

මොකද සෝවියට් දේශය නිර්මාණය වුනේ එක අදහසක් මත​. පුතින් දේශපාලනේ කරන්න වෙනත් මතවාදයක් මත​.

සෝවියට් දේශය නිර්මාණය වුනේ නිර්ධන පන්තියේ ආඥාදායකත්වය කියන මතවාදය මත​. එතනදි ජාතිකවාදයට වඩා වැදගත් වුනේ පන්ති සටන කියන සංකල්පය​. මේක ඇත්තෙන්ම සිද්ධ වුනේ වෙනස් විදියට​. ඒ කියන්නෙ බලාපොරොත්තු වෙච්ච සර්ව සාධාරන සමාජවාදී සමාජයක් සෝවියට් සමූහාණ් ඩුවෙ ඇති වුනේ නැහැ. ඒ වගේම සෝවියට් දේශයේ සුලු ජාතීන් ගෙ එක් චෝදනාවක් වුනේ රුසියානු ජාතිකයන් විසින් ඔවුන් පහත හෙලන බවත් රුසියානු සංස්කෘතිය බලෙන් ඔවුන් මත පටවන බවත්.

පුටින් දේශපාලය කරන්නේ රුසියානු ජාතිකවාදය මත ඉඳගෙන​. සෝවියට් දේශය වගේ ජාතීන් අතර සමානතාව වගේ දේවල් නෙවෙයි පුටින් කියන්නේ. යුක්රේනයෙන් ක්‍රිමියාව ගලවලා ගන්න පුටින්ට උදව් වුනේ රුසියානු ජාතිකවාදය​. නමුත් නැගෙනහිර යුක්රේනයේ අනෙක් ප්‍රදේශ එහෙම එක සැරේ ගලවලා ගන්න පුටින් කටයුතු කළේ නැහැ. පුටින් බොහොම හෙමින් ගමනක් යන කෙනෙක්.

සමහරවිට අනාගතේදි පැරණි සෝවියට් දේශයේ රුසියාවෙන් පිට රුසියානුවන් වැඩිපුර ඉන්න පළාත් දිහාට රුසියාවේ අවධානය වැඩිපුර එල්ල වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම රුසියාව එක්ක මිත්‍රත්වයෙන් ඉන්න බෙලෝරුසියාව සහ කසක්ස්ථානය වගේ රටවල් එක්ක සම්බන්ධතා වැඩි වෙනවා. ඒත් බටහිර එක්ක වැඩිපුර එකතු වෙලා ඉන්න රටවල්වලට අමතර බලපෑම් කරන්න පුටින් උත්සාහ කරන එකක් නැහැ. මොකද ඒක ඔහුට පාඩු වෙන කාරණයක් නිසා.

පැරණි සෝවියට් දේශයක් ආපහු නිර්මාණය කරන්න හදනවා කියන්නේ වෙන්න බැරි දෙයක්. ඒ බව දැනගෙන ඒ බව කියන එක නැති භීතියක් ඇති කරන්න කරන උත්සාහයක්.

No comments:

Post a Comment