Sunday, June 22, 2014

බොදු බල සේනාව සහ ඇමරිකාව​

පසුගිය දිනවල බොදු බල සේනාව යන බෞද්ධ කියා කියාගන්නා අන්තවාදී සංවිධානය ශ්‍රී ලංකාවේ සාමයට තර්ජනයක් වෙන විදියේ කලහකාරී කටයුතුවල නිරත වුනා. ඒ විතරක් නෙවෙයි, එයිට පස්සෙ එහෙම කිසි දෙයක් කලේ නෑ කියලත් ප්‍රකාශ කල බව දකින්න ලැබුණා.

බොදු බල සේනාව ක්‍රියාත්මක වන ආකාරය ගත්තහම එයට ඇමරිකාවේ සම්බන්ධයක් නැහැ කියල හිතන්න අමාරුයි. මේ ගැන නම් වැඩිපුර කතා කරනවා අපි දැකලා නෑ. නමුත් එය වැදගත් දෙයක්... සාකච්ඡා කල යුතුමයි.

ඇමරිකාව සහ බොදු බල සේනාව අතර සම් බන් ධය කෙලින්ම තියෙන එකක් වන්නත් පුලුවන්, වක්‍ර එකක් වෙන්නත් පුලුවන්. ඒ ගැන උපකල්පන පමණයි තියෙන්නෙ. මොකද අපට හරියටම කියන්න බැරි නිසා. නමුත් ඒ උපකල්පන ගැන හොයාබලන්න වෙනවා.

එකක් තමයි මේ දෙගොල්ලො අතරෙ තියෙන්න පුලුවන් ඍජු සම්බන්ධය​. ඒ කියන්නෙ බටහිර රටවල් බොදු බල සේනාව අතකොලුවක් විදියට පාවිච්චි කිරීම​. යුද්ධයක් ඉවර වෙලා සාමය පිහිටෙව්වාට පසුවත් ආපහු මේ රටේ ප්‍රශ්න ඇති කිරීම සමහරුන් ගෙ බලාපොරොත්තුවක් බව පේනවා. ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න ලේසිම ක්‍රමය තමයි මෙහෙ ඉන්න එවුන් ටිකකට සල්ලි ටිකක් දීලා ආගම්වාදය​, ජාතිවාදය පතුරවන්න අනුබල දෙන එක​.

මේ වෙනකොට මුස්ලිම් අන්තවාදය පතුරවන ප්‍රධානම රට බවට පේන්න තියෙන්නෙ සවුදි අරාබිය​. නමුත් සවුදිය සහ ඇමරිකාව අනිත් පැත්තෙන් යාලුවො. ඒ කියන්නෙ දෙගොල්ලො එකතුවෙලා තමයි මේ විදියට ලෝකය පුරා අන්තවාදය පතුරවන්නෙ.

හොඳයි බොදු බල සේනාවට ඇමරිකාවෙ උදව් ලැබෙන්නෙ නැහැ කියමු. එහෙම වුනත් එතන ඇමරිකන් සම්බන්ධයක් තියෙනව වෙන්න පුලුවන්.

ලංකාවෙ බෞද්ධ අන්තවාදයක් කියල කියන එකක් පතුරවලා ඒ මගින් මුස්ලිම් අන්තවාදය වැඩි දියිණු වෙන්න කරුණු සැලැස්සුවහම ආණ්ඩුවට පුලුවන් ඇමරිකාවෙන් උදව් ඉල්ලගන්න​. ඇමරිකාවත් කැමති වෙයි උදව් කරන්න​. එතකොට ජිනීවාත් ඉවරයි.


මේකත් කොයි තරම් දුරට වෙන්න පුලුවන් දෙයක්ද කියන්න අපි දන්නෙ නෑ. නමුත් වෙන්න බැරි දෙයක් නෙවෙයි.

අද බුරුමයේ මුස්ලිම් අයට ගහන එක ගැන ඇමරිකාව සද්ද නෑ. අවුන්ග් සාං සූකයි වත් සද්ද නෑ. අද ඇමරිකාවයි බුරුමෙයි බොහොම යාලුවො මිත්‍රයො වගේ ඉන්නවා.

රටක් දියුණු වෙනවා නම් කිසිම රටකට ඕනෑවට වඩා ළං වෙන්නත් හොඳ නෑ. ඕනවට වඩා ඈත් වෙන්නත් හොඳ නෑ. ඒක මතක තියාගන්න ඕන​.

අනෙක රටේ සාමය ගැන මුලින්ම කටයුතු කරන්න ඕන​. එහෙම නම් අන්තවාදී සංවිධාන ඕනෑම එකක් මර්ධනය කරන්න ඕන​.

No comments:

Post a Comment