Sunday, September 28, 2014

බන්දුල තියා වයිමාටත් නවත්තන්න බැරි අම්මාගේ අලුත් බෝයි ෆ්‍රෙන්ඩ්

බන්දුල ගුණවර්ධන ඇමතිතුමා අපේ රටේ ඉතා වැදගත්ම අමාත්‍යාංශයක් වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇමතිතුමා. ඒ කියන්නේ රටේ ළමා පරපුර ලොකුම විපර්යාසයකට ලක් කරන්නට හැකියාව තියෙන බොහොම බලගතු ඇමතිවරයෙක්. අවාසනාවට වගේ එතුමා වැඩිපුර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඇමතිවරයෙක් විදියට නෙවෙයි, විහිලුකාරයෙක් විදියට​.

ඒ වගේම රටේ අධ්‍යාපනය යන අත බලාපුවාම පෙනෙන්නේ එක්කෝ ඇමතිතුමාට මොකක් හෝ වරදක් වෙලා කියන එකයි. නැත්නම් ඔහු තනිකරම වැඩක් කරන්නට බැරි හරි බලයක් නැති හරි කෙනෙක්.

මෑතකදී සිදු වූ දේවල් එක්ක බලද්දි නම් පැහැදිලි වෙන්නේ ඇමතිතුමා සමහර වෙලාවට සහමුලින්ම බලරහිත කෙනෙක් බවයි.

මේකට හොඳම උදාහරණය තමයි ජාත්‍යන්තර පාසල්. මේවා ගැන බොහෝ ප්‍රශ්න කාළයක් තිස්සේම පැන නැගෙමින් තිබුනා. නමුත් මෙයින් ආසන්නම සිද්ධිය වුනේ සමහර පාසල්වල 4 වන වසරේ පෙළපොතක් විදියට යොදාගත් පොතක අඩංගු පාඩමක් ගැනයි.

"Mum's new boyfriend" ඒ කියන්නේ "අම්මාගේ අලුත් බෝයි ෆ්‍රෙන්ඩ්" කියන මේ පාඩ​මෙන් තියෙන්නේ අම්මා ගෙදර එක්කගෙන එන බෝයි ෆ්‍රෙන් ඩ් කෙනෙක් දූවරු දෙන්නාට හඳුන්වා දුන්නම ඒ අය ඒකට මුහුණ දෙන ආකාරය ඉගැන්වීම​. තුන් දෙනාගේ කණ්ඩායම් හැදිලා දූවරු දෙන්නා සහ බෝයි ෆ්‍රෙන් ඩ් විදියට ඒ අවස්ථාව රඟ දක්වා පෙන්වන්නටත් තිබුණ බවයි කියන්නේ.
"My Mom's new Boyfriend" චිත්‍රපටියේ දර්ශනයක්. (2008)

ඒ වගේම අම්මාට අලුත් බෝයි ෆ්‍රෙන් ඩ් කෙනෙක් ලැබීමේ හොඳ සහ නරක ගැනත් සාකච්ඡා කරන්න නියමිතව තියෙනවා. (ඒක නම් අහන්න තියෙන්නේ අම්මගෙන් කියල තමයි කියන්න වෙන්නේ)

මෙම සිදුවීමේ ප්‍රශ්න සහිත තැන් දෙකක් අපි දකිනවා.

1. ලංකාවේ පාසල් අධ්‍යාපනය තියෙන්න ඕන අධ්‍යාපන ඇමතිතුමා සහ අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ කියලා අපි විශ්වාස කරනවා. ඒ දැන් ඉන්න ඇමතිතුමා ගැන තියෙන විශ්වාසයකට නෙවෙයි. නමුත් අධ්‍යාපනය වගේ ක්ශේත්‍රයක පාලනය රජයෙන් සම්පූර්ණයෙන් ගිලිහෙන එක ගැටලුවක් නිසා. පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් තිබීමේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඒවා අධීක්‍ෂණය කරන්න අමාත්‍යාංශයට බලය තියෙන්න ඕන​. දැනට මේවා ක්‍රියාත්මක වෙන්නේ බිස්නස් විදියට ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ අවසර යටතේ බව තමයි කියන්නේ. නමුත් ඕනෑම අධ්‍යාපන ආයතනයක් ගැන කටයුතු කරන්න අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශවලට අයිතියක් තියෙන්න ඕන​.

නැත්නම් වෙන්නේ ජාත්‍යන්තර පාසල් ඕන ඕන විදියට නටන එක​. දැන් වෙන්නෙත් ඒකම තමයි. දැන් පවතින තත්ත්වයේ හැටියට බන්දුල ගුණවර්ධන නෙවෙයි ඔහුගේ අතිජාත මිත්‍රයා වන සක්කරයාගේ පුත් වයිමාටවත් ජාත්‍යන්තර පාසල්වලට ඇඟිලි ගහන්න බෑ.

2. සදාචාරාත්මක​, සුචරිතවාදී පැත්තෙන් මේ ප්‍රශ්නය දිහා බලන අය කියන්නේ මේ දේවල් පාසල්වල ඉගැන්වීම සදාචාරයට අනුගත නැති බව​. මීට විරුද්ධ අදහස් දරන අය කියන්නේ මේ වගේ සිදුවීම් සමාජයේ සිද්ධ නෙවෙනවා නෙවෙයි කියන එක​. ඒ නිසා ඒ වගේ දේවල් ගැන ළමයි අවබෝධයෙන් ඉන්න එක හොඳයි ලු. ඇත්තෙන්ම අපට ප්‍රශ්නය තියෙන්නේ මේ වැනි දේවල් උගන්වන එක පාසැලෙන් කිරීම​. මේවා පෞද්ගලික ප්‍රශ්න මිස පාසැලේදි කියා දෙන්න ඕන දේවල් නෙවෙයි. පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් ළමයින් එක්ක ගනුදෙන කරන්න ඕන දෙමාපියන්. පාසැලක ගුරුවරු නෙවෙයි. එයින් අදහස් වෙන්නේ නෑ ළමයින් ගැන ගුරුවරු හොයන්න ඕන නෑ කියලා. විශේසයෙන් ප්‍රශ්න තියෙන ළමයි ගැන ගුරුවරු අවධානයෙන් ඉන්න ඕන​. නමුත් ඒ එක් එක් ළමයින් ගැන වෙන වෙනම සැලකීමක් මිස පොදුවේ කටයුතු කිරීමක් නෙවෙයි.

Friday, September 19, 2014

උගන්ඩාවෙ පිරිමින්ගෙ සයිස් එකට කොන්ඩම් පොඩි වැඩිලු

උගන්ඩාව කියන්නේ ඒඩ්ස් රෝගයෙන් දරුණු ලෙස බැටකන රාජ්‍යයක්. මේ රටේ ඒඩ්ස් පැතිරීම පාලනය කිරීමට පියවර තුනක් සහිත ABC කියන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. A කියන්නේ Abstinence, එහෙමත් නැත්නම් වැළකීම​. B කියන්නේ Be faithful, එහෙමත් නැත්නම් අවංක වීම​. කොටින්ම කිව්වොතින් අවලමේ නොයෑම​. C කියන්නේ Condomize, එහෙමත් නැත්නම් කොන්ඩම් පාවිච්චිය​.

නමුත් ඒ රටෙන් වාර්තාවෙන විදියට රටේ වෙලඳපොලේ ගන්නට තියෙන කොන්ඩම් එහෙ මිනිස්සුන් ගෙ ශිෂ්නවල දිග පළලත් එක්ක ගැලපෙන්නේ නෑ ලු. ඒ කියන්නේ ඒ කොන්ඩම් සයිස් පොඩි වැඩියි. මෙයින් එක සයිස් එකක් සම්පූර්ණයෙන්ම වගේ පාවිච්චියට ගන්න බෑ ලු.

අසාමාන්‍ය විදියට පොඩි හරි ලොකු හරි නැත්නම් පිරිමියෙකුගේ ලිංගයේ සයිස් එක ගෑණියකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගෑණු කෙනෙකුගේ යෝනිමාර්ගය හැදිලා තියෙන්නේ ඒ ඕන එකකට හැඩගැහෙන්න පුලුවන් විදියට​. අනික ගෑණුකෙනෙක් සතුටු කරන්න පුලුවන් ඕක ඇතුලට දාලා පැලෙන්න ගහලාම නෙවෙයි.

නමුත් ආරක්සා සහිතව ලිංගික එක් වීමකදි කොන්ඩම් පාවිච්චි කරද්දි නම් සයිස් එකට ගැලපෙන කොන්ඩම් ගන්න ඕන​. කොන්ඩම් සයිස් එක පොඩි වුනොත් ඒක පැලෙන්න පුලුවනි. ලොකු වුනොත් කොන්ඩම් එක හැලෙන්න පුලුවනි. මේ වගේ ලොකු වැඩි වගේම පොඩි වැඩි කොන්ඩම් කියන දෙකම ප්‍රශ්නයක්.

සාමාන්‍යයෙන් ආසියාතික රටවල මිනිස්සුන් ගෙ ලිංගය අප්‍රිකානු අයට වඩා කුඩායි. සාමාන්‍ය නිර්ණායකවලින් කොන්ඩම් හැදුවහම​, ගොඩක් ආසියාතික අයට ඒවා ලොකු වෙන්න පුලුවන් වගේම අප්‍රිකාවේ ගොඩක් අයට ඒවා පොඩි වෙන්න පුලුවන්.

උගන්ඩාවෙ ඒඩ්ස් රෝගී ප්‍රතිශතය 1990 ගණන්වල මුල් කාලෙ රටේ ජනතාවගෙන් පහෙන් එකක් පමණ වුනා. මෑතකදී ඒක සියයට 6-7 ප්‍රමාණයේ තිබුණා. අර වැඩසටහන ඒකට ලොකු උපකාරයක් වුනා. නමුත් දැන් එයින් කොටස කරන්න අමාරු වෙලා තියෙන්නේ සයිස් ප්‍රශ්නයක් නිසා.

Thursday, September 18, 2014

අඩ නිරුවත් 'ඇමතිවරිය​' හමුදා ඇඳුමෙන් විළි වසාගනී

ඉරිනා ෆිලතෝවා කියන නම ඇතැම්විට ඔබට මතක ඇති. අපි ඇය ගැන කතා කලා මීට කලකට පෙර​. ඈ යුක්‍රේනයෙන් වෙන්වූ බවට ප්‍රකාශයට පත් කරගත් ජනරජ දෙකෙන් එකක​, එනම් ලුහාන්ස්ක් මහජන ජනරයයේ, ඇමතිවරියක ලෙස (පසුව තහවුරු කරගත් විදියෙන් විදෙස් ඇමති ලෙස​) දිවුරුම් දුන්නා.

නමුත් ඈ 'ජනප්‍රිය' වුනේ එයින් පසුව ඇගේ කියාපු පින්තූර වගයක් පිට වීමෙන්. මේ පින්තූර කාළයකට කලින් ගත්තු පින්තූර වගයක් බව හෙළි වුනා. මේවායේ ඉරිනා ෆිලතෝවා බිකිනියක් ඇඳගෙන විවිධ ඉරියව්වලින් පෙනී ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, සමහර පින්තූරවල බිකිනි පෑන්ටිය විතරක් ඇඳන් ඉන්න ඉරිනා ෆිලතෝවාගෙ දෙතන වැහෙන්නේ එයාගෙ දෙඅතින්.

මෑතකදි ඉරිනා නැවත කරලියට ආවා. ඒ අගෝස්තු 25 වනදා. ඒ යුක්‍රේනයේ නිදහස් දිනය​. එදා ලුහාන්ස්ක්වල 'සහෝදර ජනරජය​' එහෙමත් නැත්නම් ඩොනෙට්ස්ක් මහජන ජනරජයේ අගනුවර බවට ප්‍රකාශයට පත් කර ඇති ඩොනෙට්ස්ක් නගරයේ මේ වෙනුවෙන් උත්සවයක් තිබුණා. එහිදී යුක්‍රේන හමුදාවේ යුධ සිරකරුවන්ව වීදි දිගේ ගෙනියනු ලැබුනා.

මේ අවස්ථාවේ ඉරිනා ෆිලතෝවා ඇඳගෙන හිටියේ අර පින්තූරවල වගේ බිකිනියක් නම් නෙවෙයි. ඒ වගේම අතේ තියෙන්නේ බෝතලයකුත් නෙවෙයි. ඒ වෙනුවට හමුදා නිල ඇඳුමක් ඇඳගෙන තුවක්කුවකුත් අතින් අරන් ඉරිනා පෙළපාලියේ යනවා. මේ විස්තරය වාර්තා කරලා තිබ්බේ විදෙස් වෙබ් සයිට් එකක​.