Thursday, September 18, 2014

අඩ නිරුවත් 'ඇමතිවරිය​' හමුදා ඇඳුමෙන් විළි වසාගනී

ඉරිනා ෆිලතෝවා කියන නම ඇතැම්විට ඔබට මතක ඇති. අපි ඇය ගැන කතා කලා මීට කලකට පෙර​. ඈ යුක්‍රේනයෙන් වෙන්වූ බවට ප්‍රකාශයට පත් කරගත් ජනරජ දෙකෙන් එකක​, එනම් ලුහාන්ස්ක් මහජන ජනරයයේ, ඇමතිවරියක ලෙස (පසුව තහවුරු කරගත් විදියෙන් විදෙස් ඇමති ලෙස​) දිවුරුම් දුන්නා.

නමුත් ඈ 'ජනප්‍රිය' වුනේ එයින් පසුව ඇගේ කියාපු පින්තූර වගයක් පිට වීමෙන්. මේ පින්තූර කාළයකට කලින් ගත්තු පින්තූර වගයක් බව හෙළි වුනා. මේවායේ ඉරිනා ෆිලතෝවා බිකිනියක් ඇඳගෙන විවිධ ඉරියව්වලින් පෙනී ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, සමහර පින්තූරවල බිකිනි පෑන්ටිය විතරක් ඇඳන් ඉන්න ඉරිනා ෆිලතෝවාගෙ දෙතන වැහෙන්නේ එයාගෙ දෙඅතින්.

මෑතකදි ඉරිනා නැවත කරලියට ආවා. ඒ අගෝස්තු 25 වනදා. ඒ යුක්‍රේනයේ නිදහස් දිනය​. එදා ලුහාන්ස්ක්වල 'සහෝදර ජනරජය​' එහෙමත් නැත්නම් ඩොනෙට්ස්ක් මහජන ජනරජයේ අගනුවර බවට ප්‍රකාශයට පත් කර ඇති ඩොනෙට්ස්ක් නගරයේ මේ වෙනුවෙන් උත්සවයක් තිබුණා. එහිදී යුක්‍රේන හමුදාවේ යුධ සිරකරුවන්ව වීදි දිගේ ගෙනියනු ලැබුනා.

මේ අවස්ථාවේ ඉරිනා ෆිලතෝවා ඇඳගෙන හිටියේ අර පින්තූරවල වගේ බිකිනියක් නම් නෙවෙයි. ඒ වගේම අතේ තියෙන්නේ බෝතලයකුත් නෙවෙයි. ඒ වෙනුවට හමුදා නිල ඇඳුමක් ඇඳගෙන තුවක්කුවකුත් අතින් අරන් ඉරිනා පෙළපාලියේ යනවා. මේ විස්තරය වාර්තා කරලා තිබ්බේ විදෙස් වෙබ් සයිට් එකක​.

No comments:

Post a Comment