Friday, January 22, 2016

KKගේ ප්‍රසංගයේ බ්‍රෙසියර් තහනමක්?

(අන්තිම වෙනකල් කියවන්න)

තව දින කීපයකින් කොළඹ නගරයේ තවත් සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා. ඒ ප්‍රසංගයට එන්නේ ඉන්දියානු ගායක කේ.කේ. හෙවත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත්.

මෙම ප්‍රසංගය පිළිබඳ මේ වෙන විට ලොකු ප්‍රශ්නයක් ඇතිව තියෙනවා. එනම්, ගැහැණු ළමයින් ස්ටේජ් එකට නැගීමට ඇති ඉඩ සහ ගැහැණු ළමයින් ස්ටේජ් එකට බ්‍රෙසියර් විසි කිරීමට ඇති ඉඩ පිළිබඳ ඇතිවූ ප්‍රශ්නයයි.

පළමු ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කළ අදාල අංශ වේදිකාව ආසන්නයේම උස් වැටක් ඉදි කරන්නට තීරණය කර තිබෙනවා. ඉන්පසු එහි උඩ යකඩ ඇණ සවි කරන්නත් තීරණය කරලා.

දෙවැනි ප්‍රශ්නය එතරම් පහසුවෙන් විසඳන්න නොහැකි බව ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි ආරක්ෂක වැටෙන් ඈත අඩුම මුදලට ප්‍රසංගය නරඹන අය සහ අනෙක් අය වෙන් කරන තවත් උස වැටක් ඉදි කරන්න තීරණය කර තිබෙනවා. එතරම් ඈතට බ්‍රෙසියරයක් විදීමට කෙනෙකුට හැකියාවක් නැතැයි ඔවුන් අනුමාන කරනවා.

වැඩි ආරක්ෂාව පිළිබඳ කළකා එම ප්‍රේක්ෂකයන් කැටපෝල යනාදිය ගෙන එන්නේද යන්න පරීක්ෂා කරන්නට තීරණය කර තිබෙනවා. නැත්නම් කැටපෝලවලින් බ්‍රෙසියර් විදින්නට ඉඩ ඇති නිසා එකේ කරන බව ආරංචියි.

මේ අතර​, ඉදිරි ආසනවල ඉන්නා කාන්තාවන් බ්‍රෙසියර් විසි කිරීම පාලනය කිරීමට ඔවුන් ප්‍රසංග භූමියට ඇතුලු වීමේදී බ්‍රෙසියර් සඟවාගෙන සිටීදැයි පරීක්ෂා කිරීම කෙරේ අවධානය යොමුව තිබෙනවා. එමෙන්ම එම කොටසට ඇතුලු වන කාන්තාවන්ට බ්‍රෙසියර් ඇඳීමද තහනම් කිරීම කෙරේ අවධානය යොමු වී තිබෙනවා.

තවද, බ්‍රෙසියර් තහනම් කිරීමෙන් පසු යම් අයකු විසින් ඒ වෙනුවට ජංගියක් විසි කිරීමේ ඉඩක් ද ඇති බව සංවිධායකයින් පවසනවා. මේ නිසා ඉදිරි පෙළ සිටින කාන්තාවන්ට ජංගි තහනම් කිරීම පිළිබඳවද සාකච්ඡාවක් ඇතිව තිබෙනවා.

*මෙය තනිකරම විහිලු කතාවක් පමණක් බව සළකන්න​

No comments:

Post a Comment