Wednesday, January 27, 2016

වහලියක වූ තරුණිය පැය 22 කදී 110 වරක් දූෂණයට

වහල් වෙළෙඳාම නීති විරෝධී වුවද​, බොහෝ රටවල විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙවන් එක් බිහිසුණු කතාවක් මැතදී යුරෝපයෙන් වාර්තා වුනා.

වයස අවුරුදු 14 දී බ්‍රිතාන්‍ය දැරියක් මව සමග ග්‍රීසියට පිටත්ව ඇත්තේ නිවාඩුවකටයි. කෙසේ වෙතත් දැරිය ලිංගික වහල් කමට ගොදුරුව තිබේ. එතැන් සිට වසර 6ක් පුද්ගලයින්ට විකිණී තිබෙනවා.

මේගන් ස්ටෙපන් ලෙස හඳුන්වා දී ඇති ඇය මේ වනකොට අනාවරණ කර ඇත්තේ දිනකට පුද්ගලයින් 50ක් සමගවත් ලිංගික සේවනයේ යෙදුනු  බවයි. ඇය වසර 6ක අතීතය සිහිපත් කරමින් පවසන්නේ වරෙක පැය 22ක්  පුද්ගලයින් 110කගේ ගොදුරක් වූ බවයි.

කෙසේ හෝ ඇය ලිංගික ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් මිදී පවුලේ පිරිස සමග යළි බ්‍රිතාන්‍යට පැමිණ තිබෙනවා.

ඇය මේ වන විට විවාහ වී ඇති අතර දරුවෙක් අපේක්ෂාවෙන් සිටී.

මේ අතර ලිංගික අඩම්තේට්ටම් හේතුවෙන් අසරණ වූ පිරිසට - පිහිටවීමේ පුණ්‍යායතනයක් ගොඩ නගා ගැනීමටද තරුණිය බලාපොරොත්තුවෙයි.

No comments:

Post a Comment