Sunday, March 20, 2016

ස්වර්ණවාහිනිය කුජීත වෙයි: වීඩියෝව ගලවයි

තම ප්‍රධාන පුවත් විකාශය වන ලයිව් ඇට් 8 එකෙන් විනාඩි තුනක් විතර් "දවසේ වැරැද්ද​" කියන විගඩමකට නාස්ති කරන ස්වර්ණවාහිනියට අමතක නොවන පාඩමක් උගන්වන්න ෆේස්බුක් සහ යූ ටියුබ් සමාජ ජාල භාවිතා කරන්නන් සමත් වුනා.

පොඩි රථවාහන නීති කඩවීමකට පොලිසියෙන් දඩ කොලයක් ලියන සිදුවීමක් මහා සිද්ධියක් වගේ රිපෝර්ට් කරන්න ගිය කැමරාකාරයකුට අදාල රියැදුරු මහතා බනින අවස්ථාවක් සිකුරාදා රෑ ඔවුන් විකාශය කළා.

ස්වර්ණවාහිනී මෝඩයො හිතන්න ඇත්තෙ තමන් ගෙ සූර වීර මාධ්‍ය කළාව මිනිසුන් අගයාවි කියල​. මිනිසුන් ඒක ඇගැයූවේ කුණුහරුපෙන්.

අන්තිමට ජඩ මාධ්‍ය කළාවේ ශ්‍රී ලංකා සලකුණ බවට පත්වෙලා තමයි ඒ විනාශය නැවතුනේ.

ස්වර්ණවාහිනිය සද්ද නැතුවම ඒ වීඩියෝ එක අයින් කළා වුනත් ඕන තරම් වෙනත් තැන්වල එය බලන්නට තිබෙනවා කියල සැලයි.

No comments:

Post a Comment