Sunday, March 27, 2016

A4 පිටුවෙන් ඉඟ වසාගත් ගැබිණිය​

තායිවාන නිළියක සහ ගායිකාවක වන 47 හැවිරිදි ඇනී ලී දැන් මාස හයක ගැබිණියක්.

පසුගිය දිනවල චීන තරුණියන් A4 පිටුවකින් ඉඟ වැසීමේ උන්මාදයට ඇනී ලී ද එක් වී තිබෙනවා.

"Never Give Up" ලෙස සඳහන් ටී ශර්ට් එකක් හැඳ සිටින ඈ සිය ගැබ්බර කුස පෙනෙන ලෙස එය ඉහළට ඔසවා පින්තූරවලට පෙනී සිටියා. ඒ අතරම ඇගේ කුස මතින් පිටුවක් තබාගෙන ද ඈ පින්තූරවලට පෙනී සිටියා.

"ගැබ්බර අම්මාවරුනි, අතාරින්න එපා!" (Pregnant mums, never give up!) යයි ඈ එම පින්තූර සමඟ සඳහන් කර තිබුණා.

ඇනී ලී ට සිය පළමු විවාහයෙන් 13 හැවිරිදි පුතකු සිටිනවා. ඇයට වඩා දස වසක් වයසින් අඩු චීන ජාතික නලුවකු වන ක්වින් හාඕ සමඟ ඈ විවාහ වුණේ පසුගිය වසරේ මාර්තුවේ දී.

No comments:

Post a Comment