Saturday, March 26, 2016

A4 කොළයෙන් වැසූ ඉඟ​

අද කාන්තාවන් බොහෝ දෙනෙකුගේ ඉඟ සුඟ මිටි ගත නොහැකි වුවද, මිටින් ගත හැකි ඉඟ සුඟ පතනා තරුණියන් ඕනෑ තරම් ඉන්නවා.

චීන තරුණියන් කරනුයේ සිරස් අතට තැබූ A4 කොළයක් පිටුපස තමා සිට ගෙන සිටින ජායාරූපයක් සිය සමාජ ජාල වෙබ් අඩවි ගිණුමේ පළ කිරීමයි. මින් ඔවුන් පෙන්වීමට උත්සාහ කරන්නේ සිය ඉඟටිය A4 කොළයටත් වඩා කුඩා බවය.

මේ උන්මාදය චීනයේ රජයට අයත් ආයතනවලට ද බෝවී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. චීන පොලිසියට අයත් ගිණුම්වල අනන්‍යතා සොරකම් වළක්වා ගැනීම, බීමත් රිය පැදවීමට පනවන දඬුවම් වැනි දෑ පිළිබඳ තොරතුරු අඩංගු A4 කොළ පවා නිලධාරිනියන් සිය ඉඟ ඉදිරියෙන් තබාගෙන ගත් ජයාරූප පවා ඔවුන්ගේ සමාජ ජාල ගිණුම්වල දක්නට ඇතැයි වැඩිදුරටත් වාර්තා වනවා.

චීනයේ එක් පුවත්පතක් මේ උන්මාදය ගැන සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ මෙය ”‍යෝග්‍යතා අභියෝගයක්”‍ යනුවෙනි.

No comments:

Post a Comment