Friday, March 25, 2016

විශාල පියයුරු තිබීමේ අවාසි හයක්

ප්ලේබෝයි නිරූපිකාවක වන 24 හැවිරිදි ලින්ඩ්සේ පෙලාස් ස්වාභාවිකවම ප්‍රමාණයෙන් විශාල පියයුරු යුවළකට හිමිකම් කියන තරුණියක්. විශාල පියයුරු යුවළක් තිබීම කාන්තාවකගේ පියකරු බවෙහි මෙන්ම ඇගේ ලිංගික ආකර්ශණීයත්වයේ අංගයක් ලෙස බොහෝ අය විසින් සැළකෙයි.

එහෙත් විශාල දෙතනක් තිබීමෙහි අවාසි රැසක්ද පවතින බව පෙලාස් පවසයි.

"මුල්ම දේ තමයි පොඩ්ඩක් හෝ ඉස්සරහට නැමෙන හැම වෙලේම ඇඳුම අස්සෙන් තන් දෙක පෙනෙන එක​. ඒ නිසා නැමෙනවා නම් ඇඳුම අල්ලාගන්නම වෙනවා" ඈ පවසන්නීය​.

එසේම සාමාන්‍ය ඇඳුමක් ඇන්ඳ විටදී වුවද කාමාසක්ත කාන්තාවකගේ ප්‍රතිරූපයක් ගොඩ නැගීම ද ප්‍රශ්නයක් බව ඈ කියනවා. සාමාන්‍ය ප්‍රමාණයේ පියයුරු ඇති තරුණියකට එම ඇඳුම කදිම වීමට පුලුවන් වුනත් ලොකු පියයුරු සහිත තරුණියකට එය නොගැලපෙන්න පුලුවන්.

බ්ලවුසයක බොත්තම් දැමීමේ අපහසුව ඊළඟට ඈ ඉදිරිපත් කරන ප්‍රශ්නයයි. "අමාරුවෙන් පළමු බොත්තම සහ දෙවැන්න අමාරුවෙන් දමාගෙන තුන්වැන්න දමන විට දෙවැන්න ආයෙමත් ගැලවෙන්න පුලුවන්. අමාරුවෙන් ඔක්කොම දාගත්තත් පපුව ප්‍රදේශයෙදී ඇඳුම රැළි වැටෙන්න පුලුවන්" ලින්‍ඩ්සේ පවසනවා.

ව්‍යායාම කිරීමේදී මොන උත්සාහයක් ගත්තද පියයුරු උඩ පැනීම නවත්වාගන්නට නොහැකි වීමත් ස්පෝර්ට්ස් බ්‍රා සෙවීම අන්ත අමාරු කාරණයක් වීමත් ඇයගේ ඊළඟ ප්‍රශ්නයයි.

සාමාන්‍යයෙන් විශාල දෙතන සහිත කතකට බ්‍රෙසියර් සෙවීම අපහසු බව ඈ කියනවා. කප් සයිස් එක ගැලපෙන බ්‍රෙසියර් තිබුණත් ඒවා ආකර්ශණීය නොවන බව ඈ කියනවා.

වැඩි අවධානයකට යොමු නොවන අනෙක් කරුණ වන්නේ පියයුරු අතරට සහ පියයුරුවල යට කොටසට දහඩිය දැමීම​. ලින්ඩ්සේ මේ නිසා ඇඳුමක් ඇන්ඳ පසු පියයුරු අතරට ඩියෝඩ්‍රන්ට් ගල්වන බව සඳහන් කළා.

විශාල පියයුරු තිබීමේ එක වැදගත් වාසියක් ඈ කියා සිටියා. එනම් මුදල්, ලිප්ස්ටික් කුප්පි වැනි දෑ ඒ අතර සඟවා ගැනීමේ හැකියාවයි.

No comments:

Post a Comment