Thursday, March 24, 2016

බෙල්ජියම ගිනි ගනිද්දී ඔබාමා නටයි (වීඩියෝ සහිතයි)

බෙල්ජියමට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බව අප කවුරුත් දන්නා කරුණක්.

මෙම ප්‍රහාරය එල්ල වූයේ මාර්තු 22 වනදා.

මේ අතර ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සිටියේ ආර්ජන්ටීනාවේ. ඔහු එරට ජනාධිපතිවරයා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වුණා.

මෙම භෝජන සංග්‍රහයේදී ඔබාමාට සහ ඔහුගේ බිරිඳ මිෂෙල්ට ටැංගෝ නැටුමකට ආරාධනා ලැබුණා. ඒ එම භෝජන සංග්‍රහයේ නැටුම් ඉදිරිපත් කළ දෙදෙනකුගෙන්.

මේ අනුව ඔබාමා යුවළ ටැංගෝ නැටුමක යෙදෙන අයුරු දකින්නට ලැබුණා.

කෙසේ වෙතත් බෙල්ජියම ගිනි ගනිද්දී ඔබාමා නැටුම් නටමින් සිටීම ගැන යම් අප්‍රසාදයක් මතු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

No comments:

Post a Comment