Monday, March 28, 2016

ලංකාවේ කෙල්ලෝ දකුණු අප්‍රිකානු කෙල්ලන් පරදති

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා විශිෂ්ට ජයක් වාර්තා කරන්න සමත් වුනා.

ඒ 20-20 ලෝක කුසලාන තරඟාවලියේ දෙරට අතර පැවති තරඟයේදි.

ශ්‍රී ලංකා කණ් ඩායම මුලින්ම පන්දුවට පහර දුන් අතර නායිකා චමරි අතපත්තුගේ ලකුණු 52 ක ඉනිම වටා ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගුණා. අතපත්තුගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු වේගය මඳක් අඩාල වූ නමුත් ඔවුන් නියමිත පන්දුවාර 20 දී කඩුලු 7 ක් දැවී ලකුණු 114 ක් ලබාගත්තා.

දකුණු අප්‍රිකා පිළ ඉතා හොඳින් මෙම ලකුණු හඹා යාම ආරම්භ කළා. ඩේන් වෑන් නීකර්ක් සහ ට්‍රීෂා චෙට්ටි ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 50 ක සබඳතාවක් ගොඩ නැගුවා. නමුත් නීකර්ක්ගේ දැවී යාමත් සමඟ දකුණු අප්‍රිකානු ඉනිමද කඩා වැටුණා. චමරි අතපත්තු පන්දුවෙන් ද මනා දස්කම් දක්වමින් සිය ඕවර 4 ලකුණු 12 කට පමණක් සීමා කළේ කඩුල්ලක්ද ලබා ගනිමින්.

දකුණු අප්‍රිකාව පන්දුවාර 20 නිම වෙද්දී කඩුලු 7 කට ලබාගත්තේ ලකුණු 104 ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 10 කින් තරඟය ජය ගත්තා.

No comments:

Post a Comment