Friday, April 1, 2016

කොදෙව්වෝ ඉන්දියාව පරදති (අවසන් ඕවරයේ වීඩියෝව​)

ඊයේ දිනයේ මුම්බායි නගරයේ පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයේදී ඉන් දියාව පරදා විශිෂ්ට ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත් වූහ​.

ඉන්දියාව කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 192 ක් ලබා ගත් අතර කොදෙව් ඉනිම මුලදීම ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් දැවී යාමෙන් ඔවුන් අපහසු තත්ත්වයකට පත් වූහ​. නමුත් ලෙන්ඩල් සිමන්ස්, ජොනතන් චාර්ල්ස් සහ අන්ඩ්‍රෙ රසල් තරඟය ඉන් දියානුවන් ගෙන් උදුරා ගත් හ​.

ඉන්දියානු නායක දෝනි තරඟයේ අවසන් ඕවරය යැවීමට තෝරාගත්තේ විරාත් කෝලි ය​. නමුත් ඕවරයේ 4 වන පන් දුවෙන් එල්ල කළ දැවැන්ත හයී පහරක් සමඟ කොදෙව්වෝ තරඟය ජයගත් හ​.

No comments:

Post a Comment