Tuesday, April 19, 2016

මගේ බබා එන්න ළඟයි

ලිව් ටයිලර් ප්‍රකට හොලිවුඩ් නිළියක්. ලෝර්ඩ් ඔෆ් ද රින් ග්ස් චිත්‍රපට පාලාව ඇතුලු නිර්මාණ කිහිපයකටම ඈ දායක වී තිබෙනවා.

38 හැවිරිදි ටයිලර් මේ දිනවල සිය තෙවන දරුවා ලැබීමට සූදානම් වෙමින් සිටිනවා. ඈ මේ වෙද්දී අවුරුදු 11 ක සහ අවුරුද්දක වයසැති පුතුන් දෙදෙනකුගේ මවක්.

මෑත දිනෙක ටයිලර් සුන්දර ඡායාරූපයක් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේ පළ කළා. මිතුරියක සමඟ පෙනී සිටින කලුසුදු ඡායාරූපයක් වූ එහි ඈ සිය ටී-ෂර්ට් එක ඔසවා ඉදිරියට එරා ඇති උදරය නිරාවරණය කරමින් සිටිනු දකින්නට පිළිවන්.

එමෙන්ම ඇයත් ඇගේ මිතුරියත් එකිනෙකා දෙස අත් දිගු කරගෙන සිටින්නේ ළං වන්නට මෙන්.

No comments:

Post a Comment