Wednesday, May 18, 2016

කොළඹට මහ ගංවතුරක්

කැළණි ගඟේ ජල මට්ටම මේ වන විට තවදුරටත් වැඩිවෙමින් පවතිනවා. ඊට ප‍්‍රධානතම හේතුවක් වී තිබෙන්නේ මධ්‍යම කදුකරයට තවදුරටත් ලැබෙන අධික වර්ෂාවයි.

මේ වන විට කාසල්රී, නෝර්ටන් සහ කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. එම ජලය එකතු වන්නේද කැළණි ගඟටයි.  ඒ අනුව කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් යටවී ඇති ප‍්‍රදේශවල ජල මට්ටම වැඩිවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

කැළණි ගඟෙහි ජල මට්ටම පරීක්ෂා කෙරෙන නාගලගංවීදිය ප‍්‍රදේශයේ ජල මට්ටම ද අඩි 07 ක් දක්වා මේ වන විට වැඩි වී තිබෙනවා. ඊයේ (17) හවස 06.00 පමණ වන විට එම ස්ථානයේ ජල මට්ටම පැවතියේ අඩි 06 යි දශම 01 ක් ලෙසයි. අඩි 07 කට වඩා වැඩියෙන් මෙම ස්ථානයේ ජල මට්ටම ඉහළ යාම මහා ගංවතුරක පෙර සලකුණු බවයි වාරිමාර්ග අංශ පෙන්වා දෙන්නේ.

No comments:

Post a Comment