Tuesday, May 24, 2016

අරණායක මිනිසුන් බඩගින්නේ තැබීමට Neth FM මෙහෙයුමක්

අරණායක ප්‍රදේශයේ නායයාමෙන් අවතැන් වූ මිනිසුන්ට ආහාර ලබාදීම කඩාකප්පල් කිරීමේ වක්‍රාකාර උත්සාහයක Neth FM නිරත වන්නේදැයි සැක මතුව තිබෙනවා.

මක් නිසාද කිවහොත් අරණායකට යවන කෑම අපතේ යන බවට විශාල ප්‍රචාරයක් ලබා දීමට ඔවුන් උත්සාහ කරන නිසා.

මෙම උත්සාහය පිටිපස කිනම් අවශ්‍යතාවයක් ඇත්දැයි පැහැදිලි නැහැ.

ඇත්තෙන්ම ඉක්මණින් නරක් වන කෑම අරණායකට යැවීමෙන් නාස්ති වන බව ඇත්ත​. නමුත් වැදගත් වන්නේ වියළි ආහාර සහ වෙනත් අවශ්‍යතා සැපිරීමයි.

Neth FM Off Air නම් තීරය ඔස්සේ ගොසිප් පමණක් ප්‍රචාරය වන අතර එම තීරයේ මෙම ප්‍රවෘත්තිය ද පළ කර තිබෙනවා.

වගකිව යුතු මාධ්‍ය ආයතනයක් නම් කළ යුතුව තිබුණේ මිනිසුන්ට අවශ්‍ය දෑ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මිස කෑම ගේන්න එපා කීම නොවේ.

Off Air තීරය භාරව සිටින්නේ විවිධ මාධ්‍ය ආයතනව රැඳෙමින් ඉවත් වෙමින් තැනින් තැන යන වගකීමක් රහිත 'ජඩ මාධ්‍යකරුවකු' බව ප්‍රකට කරුණක්.

ඔහුගේ නම අපි දැන් එළි කරන්නේ නැහැ. නමුත් එය යථා කාළයේදී කරළියට ඒවි.

No comments:

Post a Comment