Monday, May 23, 2016

පූජාගේ රෝස පාට යට ඇඳුමේ ඇත්ත කතාව​

ප්‍රකට නිළි පූජා උමාෂන්කර් ළඟදී ෆේස්බුක් හරහා වීඩියෝවක් නිකුත් කරමින් ගංවතුර ආධාර සකසන අවස්ථාවක් පෙන්වූවා.

මෙහිදී ඈ කියා සිටියේ මේ සඳහා ඕනෑම කෙනකුට ආධාර කළ හැකි බවත් රුපියල් දහසක වියදමින් එක මල්ලක් බැගින් ආධාර මලු සකස් කරන බවත්.

මේ එක මල්ලක ඇඳ ඇතිරිල්ලක්, සරමක්, ටී ෂර්ට් එකක් මෙන්ම කාන්තා, පිරිමි යට ඇඳුම් සහ දත් බෙහෙත්, දත් බුරුසු, සබන් ආදිය අඩංගු වුණා.

ඇත්තෙන්ම බොහෝ දෙනාට අමතක වූ අංශයක් කෙරෙහි තමයි මෙහිදී පූජා අවධානය යොමු කළේ. නායයාම සහ ගංවතුර නිසා අවතැන් වූ අය බොහෝ දෙනාට ඇඳුම් සහ සනීපාරක් ෂක අපහසුතා තිබුණා.

ඇතැම් අය පූජා අතේ තිබුණු රෝසපාට ජංගිය ගැන විහිලු කළා. සත්‍ය තත්ත්වය නම් ඈ කළේ අති විශාල සේවයක්. ආධාර කළා පමණක් නොව මේ අවශ්‍යතා ගැන ජනතාව ෆේස්බුක් ඔස්සේ හෝ දැනුවත් කිරීමෙන්.

No comments:

Post a Comment