Saturday, May 28, 2016

ගිං ගඟ පිටාර ගලයි, කැළණි ගඟේ ජල මට්ටම ඉහළට​

ඊයේ සවස සිට ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට සහ බස්නාහිර​, දකුණ ආදී පළාත්වලට තද වැසි ඇද හැලුණා.

මේ හේතුවෙන් අද උදේ වනවිට ගිං ගඟ කිහිප තැනකින් පිටාර ගලා තිබෙනවා.

දින කිහිපයකට පෙර කොළඹ අවට ජල ගැලීම​
උඩුගම​-බද්දේගම සහ උඩුගම​-නෙලුව මාර්ග ජලයෙන් යටවී තිබෙන බව ද සඳහන්.

මේ අතර කැළණි ගඟේ ද ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බව වාර්තා වී තිබෙනවා.

ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් වගේම හන්තාන කඳුවැටියේද නායයාමේ අවදානම තවමත් පවතිනවා.

No comments:

Post a Comment