Wednesday, May 25, 2016

බල්ලා සමඟ නිරුවතින් යන කාන්තාව​ (PHOTOS)

චෙකෆ්ගේ ප්‍රකට කෙටි කතාවක් බල්ලා කැටුව යන කාන්තාව​. එයට පාදක වෙන්නෙ සුරතල් බල්ලකු ඇවිද්දවන කාන්තාවක්. බටහිර රටවල තම සුරතල් බල්ලන් ඇවිද්දවන්න යන කාන්තාවන් ඕනෑ තරම් දකින්න පුලුවනි.

නමුත් පසුගිය දිනෙක එංගලන්තයේ කෝර්න්වෝල් ප්‍රදේශයේ වෙරළක දකින්න ලැබුණේ සාමාන්‍යයෙන් නොදකින ආකාරයෙන් බල්ලන් ඇවිද්දවන්න යන කාන්තාවක්.

බල්ලන් දෙදෙනක් සමඟ වෙරළේ ඇවිද ගිය මේ කාන්තාව සිටියේ සිය බලු සුරතලුන් සිටි ආකාරයෙන්ම නිරුවතින්. කෙසේ වුනත් ඈ අමු හෙලුවැල්ලෙන් සිටියේ යයි කීම ඇයට කරන බලවත් අසාධාරණයක්. මොකද ඇය හැට් තොප්පියක් පැළඳ සිටි නිසා.

පසුගිය දිනවල එංගලන්තයට බලපෑ දැඩි උශ්ණත්වය නිසා ඈ මෙසේ හෙලුවෙන් ඇවිද යන්නට ඇතැයි සිතන්න පුලුවන්.

No comments:

Post a Comment