Thursday, May 26, 2016

අමන්දා නිරුවත් වෙයි. කියන්න පුලුවන් ද එයාගෙ වයස​?

බ්‍රිතාන්‍ය ජාතික නිළියක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වන අමන්දා හෝල්ඩන් ජීවිතයේ පළමු වතාවට නිරුවතින් ඡායාරූපයකට පෙනී සිටියා.

ඇගේ දැන් වයස අවුරුදු 45 ක්.

මීට පෙර වරක් ඈ ප්‍රකාශ කර තිබුණේ වැදගත් හේතුවක් වේ නම් සම්පූර්ණයෙන් නිරුවතින් වුවද ඡායාරූපයකට පෙනී සිටින්නට ඈ පසුබට නොවන බවයි.

අවසානයේදී ඇයට නිරුවතින් ඡායාරූපයකට පෙනී ඉන්නට හේතුවක් ලැබුණේ සත්ත්ව අවිහිංසාව වෙනුවෙන් සටන් කරන PETA සංවිධානය හරහායි.

එලවලු ගොඩක් මත වැතිර සිටින අමන්දා තම දකුණු අතින් පියයුරු වැසෙන සේ එම අත තබාගෙන සිටිනවා. ඇගේ දකුණතෙහි වන වළල්ලක් හැරුන විට අමන්දා සිටින්නේ සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍රවයි.

ඇය මෙම පින්තූරයෙන් කියා සිටින්නේ මස් අනුභව නොකර එලවලු පමණක් අනුභව කරන ලෙසයි.

මෙම ඡායාරූපය එඩිට් කිරීමක් කර නොමැති අතර ඇගේ සම ඒ ආකාරයෙන්ම පෙනෙන්නට තිබෙනවා. අමන්දා පවසන්නේ වයස අවුරුදු 13 පටන් ඈ මස් මාංශ අනුභව නොකළ බවයි. ඇගේ සම රැකීමේ රහස එය බැව් ඈ පවසනවා.

No comments:

Post a Comment