Friday, May 27, 2016

ලංකාවේ ඉස්ලාම් අන්තවාදී පාසැලක්?


මහනුවර, මඩවල මදීනා ජාතික පාසලේ පාසල් අභිවෘද්ධි සංගමය විසින් එම පාසල මුහුණ දී ඇතැයි කියන සංස්කෘතික සහ පාලන ගැටළු කිහිපයක් සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් යවා තිබෙනවා.

එම සංගමය විසින් පාසල මුහුණ පා ඇති ගැටළු කිහිපක් පිළිබඳව එම ලිපියෙහි සඳහන් කොට ඇති අතර  මඩවල සංස්කෘතික අනන්‍යතාවයට හානි පැමිණීම , විනය ගැටළු පැන නැගීම, අසමගිය හා ගැටුම් ඇතිවීම හා ප්‍රමාද වී පාසල් එන ගුරු අනුපාතය ඉහළ ගොස් තිබීම යන කාරණා ඒ අතර වේ.

මේ අතර පාසැල බටහිරකරණය වීම සහ ගැහැණු ළමුන් ක්‍රීඩාවන්හි නිරත වීම වැනි කරුණු පිළිබඳව ද එම සංගමය සිය අප්‍රසාදය පළකර තිබෙනවා.

එම අභිවෘද්ධි සංගමය විසින් අදාළ ගැටළුවලට විසඳුම් ලෙස යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතර මඩවල ප්‍රදේශයේම ගුරුවරයෙකු විදුහල්පති තනතුරට පත් කිරීම, පාසල් ගරු මණ්ඩලය තුළ මඩවල මුස්ලිම් ගුරු අනුපාතය 100% දක්වා වැඩි කිරීම, අන්‍ය ජාතික ගුරුවරුන්ට සහ දුර සිට මදීනා පාසලට එන ගුරුවරුන්ට තමන් කැමති සිංහල හෝ වෙනත් පාසලකට යාමට නිදහස දීම යන යෝජනා අන්තර්ගත වේ.

කෙසේ වෙතත් ජාතික පාසැලක් ද වන මදීනා විද්‍යාලයට වෙනම නීති පැවතිය නොහැකියි. මොවුන් මේ ඉදිරිපත් කරන්නේ තලේබාන් සහ වැනි සංවිධාන විසින් ඉදිරිපත් කෙරෙන ආකාරයේ විසඳුම් මිස ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉදිරිපත් කෙරෙන විසඳුම් නොවේ.

No comments:

Post a Comment