Tuesday, May 31, 2016

අමු නිරුවතින් ලන්ඩනයේ සයිකල් පැද්ද ඉන්දීය තරුණිය​ (18+)


ලෝක නිරුවත් පාපැදි සවාරියේ ලන්ඩන් නගර සවාරිය පසුගිය දිනෙක එම නගරයේදී පවත්වනු ලැබුණා. සිය ගණනක් සයිකල්කරුවන් අඩ නිරුවතින් හෝ සම්පූර්ණයෙන්ම නිරුවතින් මෙම සවාරියට සහභාගී වුනා.

මෙම සවාරිය පවත්වනු ලබන්නේ පරිසර හානිය පිළිබඳ දැනුවත් කිරීමටයි. ෆොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට කරන පෙළඹවීමක් ලෙස මෙයට සහභාගීවන්නන් බයිසිකල් පැද යන අතර ඇතැමුන් පරිසර හානිය පිළිබඳ වැකි, චිත්‍ර ආදිය සිය ශරීරවල පින්තාරු කරගෙන මෙම අවස්ථාවට සහභාගී වනවා.

මෙවර පැවති සවාරිය පිළිබඳ විශාල කතාබහක් මෑතකදී ඉන්දියාවේ ඇති වුණා. එයට හේතු වූයේ ඉන්දියානු ජාතික තරුණියක මෙම සයිකල් සවාරියට සහභාගී වූ බව වාර්තා පළවීමත් සමඟයි.

මීනල් ජයින් නම් වන මෙම තරුණිය මුලුමනින්ම නිරුවතින් බයිසිකල් සවාරියට සහභාගී වන පින්තූර මාධ්‍යවල ප්‍රචාරය වුණා.

ඒ සමඟම ඉන්දියානු මාධ්‍ය සමහරක් ඇයට දරුණු ලෙස පහර දුන්නේ මෙය එරට සංස්කෘතියට නොගැලපෙන බව පවසමින්. ලෝක නිරුවත් සයිකල් සවාරියට සහභාගී වූ පළමු ඉන් දියානු කාන්‍තාව ඇය වීම මෙම ප්‍රහාරයට තවත් හේතු වුණා.

ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කළේ ස්ව කැමැත්තෙන් ප්‍රසිද්ධියේ නිරුවත් වූ පළමු ඉන්දියානු කාන්තාව බවයි.

නමුත් මීනල් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා. ඇයගේ විවේචකයින්ට පිළිතුරු දෙමින් කියා සිටියේ මීට පෙර විවිධ නිරූපණ ශිල්පිනියන් ප්‍රසිද්ධියේ නිරුවත් වී ඇති බව​.

ඇය නිරුවත් වූයේ වැදගත් පණිවිඩයක් ලබාදීමේ චේතනාවෙන් බව මීනල් කියා සිටිනවා.

No comments:

Post a Comment