Tuesday, May 31, 2016

ප්‍රංශය කළඹන කම්කරු සටන්

ප්‍රංශයේ දක්ශිනාංෂික පක්ෂවල නැගීම හමුවේ මඳක් පසුබා සිටි ප්‍රංශ වාමාංශය මෑතකදී එරට රජය විසින් හඳුන්වා දීමට යන නව පනතක් හේතුවෙන් පණ ගසා නැගිට තිබෙනවා.

සතියකටත් වැඩි කළක් ප්‍රංශයේ වෘත්තීය සමිති රජයට බලකර සිටින්නේ එම නීති හකුළා ගන්නා ලෙසයි.

රටේ බලශක්ති ක්ෂේත්‍රය ඇතුලු විවිධ ක්ෂේත්‍ර රැසක් මේ වනවිට දැඩි අර්බුධයකට පත්වී තිබෙනවා.

අලුත් නීති අනුව හාම්පුතුන්ට සේවකයින් බඳවා ගැනීම සහ ඉවත් කිරීම පහසු වන බව පැවසෙනවා. රටේ කම්කරු නීති වෙනුවට ආයතනික කම්කරු නීති හඳුන්වා දීමේ අවස්ථාව ලැබෙනවා.

මේ පනතට එරෙහිව දක්ෂිනාංශිකයන් නම් වීදි බසිනු දකින්න ලැබෙන්නේ නැහැ.

නමුත් මෙහි අගනාම කරුණ වන්නේ මෙම පනත හඳුන්වා දී ඇත්තේ වාමාංශික සමාජවාදී පක්ෂ රජයක් විසින් වීමයි.

No comments:

Post a Comment