Wednesday, June 1, 2016

ඔස්ට්‍රේලියාවට එරෙහිව කුලේගේ විකට් පහ (Video)

නුවන් කුලසේකර අද දින ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කළා.

2003 සිට ශ්‍රී ලංකා එක් දින කණ් ඩායම නියෝජනය කරන ඔහු ටෙස්ට් පිළ නියෝජනය කරන්නේ 2005 සිටයි. ටෙස්ට් තරඟ 21 කට පමණක් ක්‍රීඩා කර ඇති ඔහු කඩුලු 48 ක් ලබාගෙන තිබෙනවා.

නමුත් කුලසේකර වඩා ප්‍රසිද්ධ වන්නේ එක් දින ක්‍රීඩකයකු ලෙසයි. ඔහු 2009 දී වරක් ලෝක එක් දින පන් දු යවන්නන් අතර පළමු ස්ථානයේද රැඳී සිටියා.

කුලසේකර 2013 දී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු පහක් දවාගත් අවස්ථාව පහත වීඩියෝවේ දැක්වෙනවා.

No comments:

Post a Comment