Friday, June 3, 2016

ISIS ත්‍රස්තවාදී නීතිය​: සිගරට් විකිණුවාට මරණ දඬුවම​

ඉරාකයේ මෝසුල් නගරයේදී මිනිසුන් සය දෙනකු අත් අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් ඔවුන් වෙඩි තමා මරා දමා තිබෙනවා.

ඔවුන් කළ වරද ලෙස හැඳින්වෙන්නේ සිගරට් විකිණීමයි.

මෝසුල් නගරය අසළ ප්‍රදේශයකදී ISIS සංවිධානය විසින් අත් අඩංගුවට ගන්නා ලද ඔවුන්, ISIS ඉස්ලාමීය අධිකරණය හමුවට පමුණවා මෙම දඬුවමට යටත් කර තිබෙනවා.

ඉරාකයේ දෙවන විශාලම නගරය වන මෝසුල් නගරය අවුරුදු දෙකක් මුලුල්ලේ පවතින්නේ ISIS පාලනය යටතේ යි.

ISIS සංවිධානය සොරකම සහ මත්ද්‍රව්‍ය භාවිතයය සම්බන්ධව දැඩි දඬුවම් පමුණවන සංවිධානයක්.

කෙසේ වෙතත් මොවුන් වහලුන් ලෙස ගැහැණුන් විකිණීම නම් කිසි බාධාවක් නැතිව කරගෙන යනවා. ඔවුන් පාලනය කරන ප්‍රදේශවල ඉතා කුඩා දැරියන් පටන් වැඩිමහල් කාන්තාවන් දක්වා විවිධ මිල ගණන් යටතේ කාන්තාවන් විකිණෙනවා. සටන්වලින් පසු අල්ලාගන්නා ගැහැණුන්ට මෙම ඉරණමට මුහුණ දෙන්නට වෙනවා.

ප්‍රධාන පෙළේ ISIS නායකයන් සඳහා කළකට පෙර පවත්වන ලද වහල් වෙන් දේසි සඳහා මෙවන් තරුණ ගැහැණු ළමුන් සම්පූර්ණයෙන් නිරුවත් කර ඉදිරිපත් කෙරුණ බව වාර්තා වුණා. තමන් ඉදිරියේ හෙලුවෙන් පෙනී සිටින මේ කෙල්ලන් ගේ සියලුම අවයව හොඳින් පරීක්ෂා කර ඔවුන් මිලට ගන්නට නායකයින්ට අවස්ථාව ලැබුණා.

ISIS නීතියට අනුව සිගරට් විකිණීම මරණ දඬුවම ලැබෙන වරදක්. ගැහැණුන් විකිණීම ශුද්ධ වූ වෙළඳාමක්.

No comments:

Post a Comment