Wednesday, June 1, 2016

2012 ඔලිම්පික් කාන්තා බීච් වොලිබෝල් අවසන් තරඟය​ (Video)

2016 රියෝ ඔලිම්පික් උළෙල දවසින් දවස ළං වෙනවා. ඒ නිසා අපි සිතුවා පසුගිය ඔලිම්පික් උළෙලවල සිදු වූ වැදගත් සිදුවීම් කීපයක් ඉදිරිපත් කලොත් වැදගත් වේවි කියලා.

2012 ඔලිම්පික් බීච් වොලිබෝල් කාන්තා අවසන් තරඟය ඓතිහාසික තරඟයක් බවට පත් වුණා. එයට සහභාගී වූ කණ්ඩායම් දෙකම ඇමරිකානු කණ්ඩායම් වීම එක් විශේෂත්වයක්. ඒ වගේම 2004, 2008 වසරවල ඔලිම්පික් රන් පදක්කම දිනූ මිස්ටි මේ-ට්‍රේනර් සහ කෙරී වොල්‍ෂ් ජෙනිංග්ස් මෙම අවසන් තරඟයට සහභාගී වුණේ සිය තුන්වන රන් පදක්කමත් දිනන අදහසින්.

අන්තිමට 21-16, 21-16 ලෙස වට 2-0 වශයෙන් මේ-ට්‍රේනර් සහ කෙරී ජෙනිංග්ස් සිය ප්‍රතිවාදීන් වූ ජෙනිෆර් කෙසී සහ ඒප්‍රිල් රොස් පරාජය කර පිට පිට තුන්වන වරටත් රන් පදක්කම දිනාගත්තා.

No comments:

Post a Comment