Thursday, June 2, 2016

අසභ්‍ය දර්ශන බලන අය ආගම දහමට කිට්ටු වෙනවා ලු

අසභ්‍ය දර්ශන නරඹන පුද්ගලයින් විශේෂයෙන් ආගම දහම වෙත නැඹුරු වීමේ ප්‍රවණතාවයක් තිබෙන බව අමෙරිකාවේ ඔක්ලහෝමා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයකින් හෙළි වී තිබේ.

එම සම්බන්ධයෙන් පළ කළ පර්යේෂණ පත්‍රිකාවක ‍මේ බව සඳහන් කර ඇත.

වැඩිහිටි පුද්ගලයින් 1314 දෙනෙකුගේ නියැදියකින් මෙම පර්යේෂණය සිදු කර ඇති බව සඳහන් කර ඇත.

අසභ්‍ය දර්ශන නරඹන පුද්ගලයින් මෙලෙස ආගම දහම වෙත නැඹුරු වීමේ ප්‍රවණාවක් දැක්වීමට හේතුවී ඇත්තේ එම පුද්ගලයින් තුළ සිය ආගම දහමට විරුද්ධව කටයුතු කරනවායැයි වරදකාරී හැගීමක් ඇතිවීම නිසා බව අනාවරණ වී තිබේ. 

No comments:

Post a Comment