Wednesday, June 1, 2016

ත්‍රීවීල් එකට වඩා ලාභ රෝද හතරෙ වාහනේ - Qute

ත්‍රී රෝද රථයක මිලට අඩුවෙන් නවතම රෝද හතරේ වාහනයක් හඳුන්වා දෙන බව රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ඊයේ සඳහන් කළා.

එවන් රථයක් පිළිබඳ මෑතකදී අසන්නට ලැබෙන්නේ ඉන්දියාවෙන්.

මෙම වාහන හඳුන්වනු ලබන්නේ Quadricycle (කොඩ්රිසයිකල්) යනුවෙනි. කොඩ්රිසයිකලයේ ඉතිහාසය 1896තෙක් දිවෙන්නකි. ලෝ ප්‍ර‍කට ෆෝර්ඩ් සමාගම ලොව පළමු කොඩ්රිසයිකලය නිපදවන්නේ 1896 ජුනි 04දාය.

මේ වනවිට ඉන්දියාවේ බජාජ් සමාගම තම කොඩ්රිසයිකලය Qute නමින් වෙළඳපොලට හඳුන්වාදී තිබෙනවා. මෙහි මිල අමෙරිකානු ඩොලර් 2000ක් (රුපියල් ලක්ෂ 3ක්) පමණ වන බව සඳහන්.

මින් රථ කිහිපයක් ශ්‍රී ලංකාවට මේ වනවිට ගෙන්වා ඇති අතර, මේ දිනවල එම රථ තත්ව පරීක්ෂාවට ලක්කරමින් ඇති බවද වාර්තා වුණා.. ළඟදීම මෙම කොඩ්රිසයිකලය මෙරට ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති. රජයේ බදු ඇතුළත්ව අළෙවි කෙරෙන මිල තවමත් තීරණය කර නැහැ


පැයට කිලෝමීටර් 70 වේගයෙන් යා හැකි මෙම රථය නිපදවා ඇත්තේ නාගරික භාවිතය සඳහාය. මෙහි ගමන්කළ හැකි පුද්ගලයින් ගණන 04කි. පෙට්‍ර්ල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් ධාවනය කිරීමට හැකියාව ඇති බව බජාජ් සමාගම පවසයි.
(Neth FM ඇසුරින්)

No comments:

Post a Comment