Thursday, June 2, 2016

ISIS ත්‍රස්තයෝ Facebook හරහා 'වහලියන්' වෙළෙඳාමේ යෙදෙති

ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශයක් පුරා බලය ව්‍යාප්‍ත කරගෙන සිටින 'ඉස්ලාමීය රාජ්‍යය​' හෙවත් ISIS ත්‍රස්තයින් කාන්තාවන්ට, විශේෂයෙන්ම අන්‍යාගමික කාන්තාවන්ට​, සලකන ආකාරය පිළිබඳ ඉතා දරුණු සාධක ලැබී තිබෙනවා.

මේ අතර බොහෝ කාන්තාවන් වගේම ගැහැණු ළමුන් පවා වහලුන් ලෙස තබාගන්නා අවස්ථා පිළිබඳ අසන්න ලැබෙනවා.

මෑතකදී දැනගන්නට ලැබුණේ මොවුන් සමාජජාල හරහා මේ වගේ වහලියන් වෙළෙඳාම් කරන්නත් පටන් අරන් තියෙන බවයි.

මෙවන් සාමාජිකයකු වන 'අබු අසාද් අල්මානි' නමැත්තා වයස අවුරුදු 18 ක පමණ තරුණියකගේ පින්තූරයක් ෆේස්බුක් හි පළකොට ඇත්තේ ඇගේ මිල ඩොලර් 8,000 ක් බව පවසමින්.

මෙම පින්තූරයත් සමඟ අල්මානි ලියා තිබුණේ "විවාහ වී දවුලාහ් වෙත (ISIS පාලන ප්‍රදේශය​) පැමිණෙන්න​" යනුවෙනි. මේ අතර ඔහුගේ දැන්වීමට පහළින් විශාල විවාදයක් ඇතිවූ අතර ඩොලර් 8,000 ක් වැනි මුදලක් ගෙවීමට තරම් එම වහලියගේ ඇති විශේෂත්වය කුමක්ද යන්නත් අසා තිබුණා.

"ඉල්ලුම් සැපයුම් අනුව තමයි මිල තීරණය වෙන්නේ" ඊට අල්මානි දුන් පිළිතුරයි.

කෙසේ නමුත් ෆේස්බුක් ආයතනය විසින් අල්මානිගේ ගිණුම ඉවත් කර (Delete) තිබුණා.

පසුගිය අගෝස්තුවේ එක්සත් ජාතීන් අතට පත් වූ මිල දර්ශනයකට අනුව වයස අවුරුදු 1-9 අතර ගැහැණු දරුවන් ඩොලර් 165 කටත්, ගැටවර වියේ ගැහැණු ළමුන් ඩොලර් 124 කටත් වයස අවුරුදු 40 ට වැඩි ගැහැණුන් ඩොලර් 41 කටත් ආදී වශයෙන් විවිධ මිල ගණන්වලට වහලියන් අලෙවි කෙරුණා.

ඇතැම්විට අයිතිකරුවන් කිහිප දෙනකු අතින් අතට විකිණුන අතර ඇතැම්විට ඩොලර් දහස් ගණන්වලට ඔවුන් ආපසු ඔවුනගේ පවුල්වලටම නිදහස් කරන අවස්ථා ද දකින්න තිබුණා.

මේ අතර මීට කලකට පෙර ඉරාකයේ යසිඩි ගෝත්‍රිකයන් දහස් ගණනක් අල්ලාගත් ISIS සටන්කාමීන් ඉන් පියකරුම තරුණියන් සිරියාවට යැවුණ බවත් එහිදී ඔවුන් වහල් වෙන්දේසි වෙත යොමු කෙරුණ බවත් වාර්තා වුණා.

නව යොවුන් වියේ සහ යොවුන් වියේ පසුවූ පියකරු කෙල්ලන් ඉහළ පෙලේ ISIS නායකයින් සහභාගී වන වෙන්දේසි සඳහා අමු නිරුවතින් ඉදිරිපත් කෙරුණ අතර ඔවුන්ගේ සිරුරු පරීක්ෂා කළ පිරිමින් එම නිරුවත් ගැහැණු ළමයින් මිලදී ගත් බව වාර්තා වුණා.

වෙනකක් තබා වහලියන්ට සලකන අයුරු, ඔවුන් හා ලිංගික ක්‍රියාවල යෙදෙන අයුරු සහ දඬුවම් පනවන අයුරු ආදිය අඩංගු නීති පවා ISIS සංවිධානය විසින් පනවා තිබෙනවා. මෙයින් පෙනෙන්නේ මොවුන් ආගම විකුණා සිය ආශාවන් සම්පූර්ණ කරගන්නා මෘගයින් බවයි.

No comments:

Post a Comment