Monday, May 30, 2016

එමිලියා ක්ලාර්ක් Game of Thrones හි නිරුවතින් රඟපෑවේ වොඩ්කා බීලා ලු

ඉංග්‍රීසි ජාතික 29 හැවිරිදි නිළි එමිලියා ක්ලාර්ක් Game of Thrones කතා මාලාවේ Daenerys Targaryen චරිතයට පණ පොවනවා.

මෑතදී විකාශය වූ එම කතාවේ එක් කොටසක ඇය සම්පූර්ණ නිරුවතින් රඟපාන අවස්ථාවක් අඩංගු වුණා.

එම කොටස රඟ පෑමට ඇයට වොඩ්කා ටිකකුත් එම අවස්ථාවේ විශේෂ ආලෝකකරණයත් උපකාර වූ බව ඈ ඩේලිමේල් පුවත්පතට පවසා තිබුණා.

එම ජවනිකාව ඈ ඉතා ප්‍රිය කළ එකක් බවත් එයින් කාන්තාවගේ ශක්තිය පිළිබිඹු වන බවත් එමිලියා තවදුරටත් කියා තිබුණා.

එම ජවනිකාවේ දකින්නට ලැබෙන්නේ තමන්ව අවතක්සේරු කළ සතුරු පිරිසකගේ මූලස්ථානයක් ගිනිබත් කර කිසිදු අනතුරක් නොමැතිව නිර්වස්ත්‍රයෙන් ඈ එළියට එන ආකාරයයි. ඇගේ ඇඳුම් ගිනිබත් වී විනාශ වෙන්නට ඇතැයි සිතන්න පුලුවනි.

මේ අතර මින් පෙර වාර්තා වුන ආකාරයට එමිලියා තමුන් නිරුවතින් රඟපාන ජවනිකාව රූපවාහිනියේ විකාශය වනවිට එය බලා ඇත්තේ සිය දෙමාපියන් සමඟයි.

Game of Thrones හි සිය නිරුවත් රංගනය දෙමාපියන් සමඟ නැරඹූ එමිලියා (Photos, Video)

No comments:

Post a Comment