Thursday, May 26, 2016

Game of Thrones හි සිය නිරුවත් රංගනය දෙමාපියන් සමඟ නැරඹූ එමිලියා (Photos, Video)

එමිලියා ක්ලාර්ක් Game of Thrones කතා මාලාවේ Daenerys Targaryen නම් චරිතයට පණ දෙන 29 හැවිරිදි ඉංග්‍රීසි ජාතික නිළියක්.

ඈ මේ දිනවල තිරගතවන සයවැනි කතා මාලාවේ එක් කොටසක නිරුවත් රංගනයකින් දායක වුණා.

එහි නිරූපණය වන්නේ Daenerys, ගිනිගන්නා ගොඩනැගිල්ලක් තුල සිට ඈ කිසිදු තුවාලයක් නොමැතිව පිටතට එන ආකාරයයි.

ඈ එසේ පිටතට එන්නේ තම උපන් ඇඳුමෙන්; වෙනත් විදියකින් කිව්වොත් අමු හෙලුවැල්ලෙන්.

මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ මිරර් පුවත්පතට ප්‍රකාශයක් කළ ඈ කියා තිබුණේ එම දර්ශනය පිළිබඳ ඈ ඉතා සතුටු වූ බවයි. සෑම කතා මාලාවකදීම වගේ ඇයට ලොමු දැහැ ගැන්වෙන අංගයක් ලැබෙන බව ඈ මතක් කර තිබුණා.

නමුත් තමා අවසන් වරට නිරුවතින් රඟපෑවේ තෙවැනි කතා මාලාවේ බව ඈ මතක් කර දුන්නා.

එමිලියා ඉතා සරාගී නිළියක බව බොහෝ දෙනා පිළිගන්නවා. එස්ක්වයර් සඟරාව 2015 දී ලොව ජීවත්වන සරාගීම කාන්තාව ලෙස ඇයව නම් කළා.

පහළ පින්තූරයෙන් ඈ නිරුවතින් රඟපෑ කළින් අවස්ථාවක් දැක්වෙනවා. 

මෙවර අංගය අඩංගු වූ කොටස රූපවාහිනියේ තිරගත වෙද්දී එමිලියා රූපවාහිනිය නරඹමින් සිට තිබෙනවා. ඒ ඇගේ දෙමාපියන් සමඟ වීම විශේෂත්වයක් වන බව කොස්මොපොලිටන් වෙබ් අඩවිය වාර්තා කළා.

No comments:

Post a Comment