Thursday, October 30, 2014

හිතූ හිතූ ගණන් මිනිසුන් වළලන පත්තර​

මුලුමහත් ශ්‍රී ලංකාවම කම්පාවට පත් වූ කොස්ලන්ද නාය යෑම සිද්ධ වුනේ ඔක්තෝබර් 29 වනදා. මෙයින් 200 ක් පමණ පිරිසක් මරණයට පත් වන්න ඇති කියලා දැනට විශ්වාස කරනවා. මේ දන්නා ඉතිහාසයේ ලංකාවේ සිද්ධ වුන දරුණුම නායයාම කියලා තමයි සඳහන් වෙන්නේ.

මේ වගේ අවස්තාවක වැදගත් මාධ්‍ය ආයතන විසින් කරන්න ඕන දෙයක් තමයි නිවැරදි තොරතුරු ජනතාවට ලබා දෙන එක​. නමුත් සමහර පත්තර සහ විද්‍යුත් මාධ්‍ය කටයුතු කළේ එතරම්ම වැදගත් විදියට නෙවෙයි. හරියට තහවුරු කරගත්තු නැති තොරතුරු ප්‍රකාශ කිරීම එයින් එක උදාහරණයක්.

අනෙක් කාරණය තමයි මේ තොරතුරු පාවිච්චි කරපු ආකාරය​. අපි අය වැය අවස්ථාවේ දැක්කා එකම පුවත එක එක පත්තරවල එක එක විදියට පළ වෙච්ච ආකාරය​. ඒකෙන් නම් කියන්න පුලුවන් වෙන්නේ එක එක්කෙනා කඩේ යන ප්‍රමාණය​. නමුත් ජාතික විපතක් වෙලාවට මිය ගිය මිනිස්සු ප්‍රමාණය උලුප්පා දැක්වීම වගේම එය පහත ආකාරයෙන් පෙන්වීම කොච්චර සදාචාරසම්පන්නද කියන ප්‍රශ්නය ඇති වෙනවා.

මේ පින්තූරය හදලා තියෙන විදියෙන් හැබැයි පෙනෙන්නේ "සිලෝන් ටුඩේ 350 ක් වැළලෙයි" වගේ අදහසක්. වැරදීමකින් වුනත් මේගොල්ලො තමුන්ව විහින් වළලාගෙන තියෙනවාද කියලා හිතෙනවා.

නමුත් පසුව පැහැදිලි වුනේ මේ ප්‍රදේශයේ මේ වෙනකොට හිටියේ 200 ක පමණ පිරිසක් කියන එක​. ඒ වගේ හරියට තහවුරු නොකළ පුවත් ලොකුවට මවා පෑම හරිම ඛේදනීයයි. මියගිය මිනිසුන් ගණන එක්ක සෙල්ලම් කරනවාට වැඩිය වැදගත් මාධ්‍ය සදාචාරයක් මේ අයට නැද්ද කියන ප්‍රශ්නයක් අපට පැන නඟිනවා.

Thursday, October 16, 2014

ප්ලේබෝයි සඟරාව කතෝලික ආගමත් විකිණූ හැටි: අඩ නිරුවතින් යේසුස්වහන්සේ සමඟ​ (18+)

අපි ළඟදි කතා කළා ජර්මන් ජාතික මොඩ්ල් කෙනෙක් බුද්ධ ප්‍රතිමාවක් උඩ හෙලුවෙන් ඉඳන් ගත්තු පින්තූර කීපයක් ප්ලේබෝයි සඟරාවේ පළවීම ගැන. මේ ගැන තමුන් හිතන දේ ඇහුවොත් ගොඩක් බෞද්ධ අය ඊට විරුද්ධ අදහස් දක්වන බව පැහැදිලියි. පහුගිය කාලෙ අහපු දැකපු දේවල්වලින් පේන්නෙ ඒ බව​. වෙන එකක් තියා, සමහරු ඒ කෙල්ලට දෙන්න විවිධ දඬුවම් පවා යෝජනා කරලා තිබ්බා.

නමුත් මේ ක්‍රියාවෙන් ඒ අය එයාලගේ මූලික අරමුණක් වෙච්ච තමුන්ව මාර්කට් කිරීම ලස්සනට කරගත්තා. යම් කිසි මිනිසුන් කොටසක් කුපිත කරවීමෙනුත් තමුන්ව මාර්කට් කරගන්න පුලුවන් බව ඔවුන් පෙන්නුම් කළා.

එහෙම නැතුව මේක එක සැරේම තනිකර බෞද්ධ විරෝධයක් කියලා කියන්න අමාරුයි. ඇත්තම කතාව මේ අයට ආගමක් නැහැ. විශ්වාස කරන්න බැහැ තමයි. නමුත් මේ ෆොටෝ එක බැලුවාම ඒ බව පෙනෙනවා.

මේකෙන් පෙන්නන්නේ යේසුස් වහන්සේ එක්ක අඩ නිර්වස්ත්‍රව ඉන්න කෙල්ලන් කීප දෙනෙක්. මේ එක පින්තූරයක් නෙවෙයි. මේ වගේ පින්තූර කීපයක්ම 2010 අවුරුද්දේ පිටවුනා. මේවා පළ වුනේ කතෝලික ආගම ඉතා ප්‍රබල පෘතුගාලයේ ප්ලේබෝයි සඟරාවෙ කලාපයක​.

කෙසේ වුනත් මේ සඟරාව නම් වෙලෙඳපොලට නිකුත් වෙන්න කළින් එයට ආපු විරුද්ධත්වය නිසා එය ඉවත් කරගනු ලැබුණා.

මේ වගේ ෆොටෝ ෂූට්වලින් පැහැදිලි වෙන්නේ ප්ලේබෝයි කොම්පැණියට ආගම වැඩක් නැති බව සහ ප්‍රසිද්ධිය සහ වෙලෙඳාම සඳහා ආගම වුනත් විකුණාගන්න සූදානම් බව​.

Wednesday, October 15, 2014

පටාචාරා කතා පුවත සහ නසියා ජැන්සන් කතා පුවත​ (18+)

පටාචාරා තෙරණින් වහන්සේගේ කතාව අපි ගොඩක් අය අසා තිබෙනවා. හිතුමතේ විවාහයක් කරගෙන, අන්තිමට සැමියා සහ දරු දෙන්නා අහිමි වෙලා පටාචාරාවගේ සිහි විකල් වෙනවා. අවසානයේදි ඇඟේ තිබුණ ඇඳුම් ද නැතිව නිරුවතින් දුව යන ඇයට මිනිස්සු ගල් ගහනවා.

නමුත් වාසනාවකට ඇයට බුදුන් වහන්සේ සිටින තැනට ලැබෙනවා. බුදුන් වහන්සේගේ කරුණාවන්ත හඬ අසන ඈ පියවි සිහියට එනවා. ඒ එක්කම ඇයට කාගෙන් හෝ උතුරු සලුවක් ලැබෙනවා විළි වසා ගන්නට​. ඉන් පසු ඈ බුදුන් වහන්සේගෙන් බණ අසා සත්‍යය අවබෝධ කරගන්නවා.

පටාචාරාවට තමන් ලෝකයට බැඳ තබන ආශාව​, තණ්හාව කියන දේවල් පිළිබඳ අවබෝධ වන්න ඇත්තේ පවුලෙන් පිටමං කර​, සැමියා සහ දරුවන් අහිමිව සහමුලින්ම කාත් කවුරුත් නැති තත්ත්වයට පත් වූ නිසා වෙන්න පුලුවන්. මුලින්ම ඇයට ඒ තනිකම දරාගන්න බැරි වෙනවා. ඒ නිසා අසරණ වෙන ඇයට අර විදියට පිස්සු හැදෙනවා. නමුත් ඇයට බුදුන් වහන්සේ දේශනා කරන ධර්මය වැටහෙන පසුබිමකට ඇගේ මනස එන්නේ ඈ තනි වී, කිසිම බැඳීමක් නැති වීමෙන් වෙන්න පුලුවනි.

පටාචාරාව මතකයට ආවේ වෙනත් තරුණියක් මෑතදී කරපු දෙයක් නිසා. සුප්‍රසිද්ධ ප්ලේබෝයි සඟරාව වෙනුවෙන් නිරූපණයේ යෙදෙමින් ජර්මන් නිරූපිකාවක් නැත්නම් මොඩ්ල් කෙනෙක් වන නසියා ජැන්සන් බුද්ධ ප්‍රතිමාවක් මත නැග ෆොටෝ ෂූට් එකක් කරපු බව දැන් ප්‍රසිද්ධ කාරණයක්.

බුද්ධ ප්‍රතිමාව ඉස්සරහ බ්‍රා එකක් සහ චූටි පෑන්ටියක් පමණක් ඇඳගෙන මුලින්ම පෙනී සිටින නසියා පස්සේ බ්‍රා එක නැතිව ජංගිය පිටින් බුද්ධ ප්‍රතිමාව මත ඉඳ ගන්නවා. අන්තිමට මේ ලැජ්ජා නැති කෙල්ල අමු හෙලුවැල්ලෙන් බුද්ධ ප්‍රතිමාව මත්තෙ දිග ඇදිලා සහ හිටගෙන පින්තූරවලට පෙනී ඉන්නේ තමන්ට තියෙන ඔක්කොම අවයව ලෝකයටම පෙනෙන විදියට​. (ඒ සමහර පින්තූර අපි මෙහි පෙන්වන්නේ නැහැ)

නසියා කරපු මේ වැඩේ ගැන අමනාපයට​, කේන්තියට පත් වූ බොහෝ අය ඇයට විරුද්ධ වුනා. මේ නිසා අන්තිමට නසියා ජැන්සන් ඈ කරපු දෙයට සමාව ගත්තා. නසියාගේ ට්විටර් ගිණුමේ පහත පණිවිඩය ඈ ලියා තිබ්බා.

"I never meant to disrespect Buddha, when I work i have to pose wherever I get told to pose, I'm really sorry ,I feel very bad, I removed it."

(මම බුදුන්ට අගරුවක් කරන්න හිතුවේ නැහැ. මගේ රැකියාවෙදි මට කියන විදියට ෆොටෝවලට පෙනී ඉන්න වෙනවා. මම සමාව අයදිනවා. මගේ හිතට මේ සිද්ධිය තදින් වැදුණා. මම පින්තූර අයින් කලා)

තමුන්ට කියන ආකාරයෙන් ෆොටෝවලට පෙනී ඉන්න වෙනවා කියන දේ ඇත්ත වෙන්න පුලුවනි. මොකද නසියා ජැන්සන් වගේ මොඩ්ල්ස්ලා කරන්නේ රස්සාවක්. ඒබව අපි කැමති වුනත් නැතත් පිළිගන්න වෙනවා. හෙලුවෙන් පින්තූරවලට පෙනී ඉන්න තමන්ට පොඩ්ඩක් හෝ තියෙන ලජ්ජාව නැති කරගෙන ඉදිරිපත් වෙන්න ඕන​. අපි කැමති වුනත් නැතත් ගැහැණුන් ගෙ නිරුවතට මාර්කට් එකක් තියෙනවා. ඒක තනිකර අසික්කිත පැත්තෙන් හෝ කලාව පැත්තෙන් හෝ වෙන්න පුලුවන්. කොහොම වුනත් ඒ මාර්කට් එකට සැපයීම දෙන එක තමයි මේ වගේ අය කරන්නේ.

මේ වගේ පින්තූරවලට පෙනී ඉන්නවා කියන්නේ කැමරා ශිල්පියා ඇතුලු කීප දෙනෙක් ඉස්සරහ මේ කෙල්ලො අමු හෙලුවැල්ලෙන් ඉන්නවා වගේම ඊට පස්සෙ ලෝකය වටේම ඒ අයගේ හෙලුව විකිණෙනවා. ඒ සඳහා රස්සාවක් විදියට ඒක කරන එකේ ගැටලුවක් නෑ.

නමුත් ආගමික සංකේතයක් එක්ක මෙහෙම සෙල්ලම් කරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ මාර්කට් එකම තමයි. මේ වගේ දෙයක් කළාම මේ සඟරාව නිකම්ම ප්‍රොමෝට් වෙනවා. ප්ලේබෝයි කියන්නේ ප්‍රසිද්ධ සඟරාවක් වුනත් වෙලෙඳපොල තරඟය කාටත් පොදුයි. මේ වගේ අමුතු ප්‍රචාරයක් ලැබීම ඔවුනට හරි වටිනවා.

නසියා ජෙන්සන් හෙලුවෙන් බුදු පිළිමයක් මත ඉන්න පින්තූර දුටුවහම පටාචාරා කතාව මතකයට ආවේ ඒ දෙන්නාම බුදුන් හමුවේ එකම ඇඳුමෙන්, ඒ කියන්නේ උපන් ඇඳුමෙන් පෙනී හිටපු නිසා. පටාචාරා නම් ජීවමාන බුදුන් හමුවේ. නසියා නම් බුදුන්වහන්සේගේ පිළිරුවක් ළඟ. නමුත් පටාචාරා එයින් ජීවිතය අවබෝධ කරගත්තා. නසියා ජැන්සන් මේ සිද්ධිය තවත් එක සිද්ධියක් විතරයි.
මේ විදියට ඉන්නවා දකින කාටහරි ඒකිගෙ පස්ස පැත්තට දෙකක් ගහලා බිමට බස්සන්න හිතුනොත් පුදුමයක් නෑ

නසියා අර විදියට සමාව ගත්තත් එයා පෙනී හිටපු සඟරාව තමුන්ව මාර්කට් කරගෙන ඉවරයි. නසියා පවා තමුන්ව මාර්කට් කරලා ඉවරයි. සමාව ගත්තා කියන්නේ තවත් ප්‍රසිද්ධියට හේතුවක්. දැන් ඉතින් නසියා ජැන්සන් මේ විදියට ඉන්නවා දකින කාටහරි ඒකිගෙ පස්ස පැත්තට දෙකක් ගහලා බිමට බස්සන්න හිතුනොත් පුදුමයක් නෑ. නමුත් එදාටත් නසියා ප්‍රසිද්ධ වේවි. ඔන්න ඕකයි ඇත්ත​.

මේ නිසා ජීවිතේ හැටි තියා තමුන් කරපු දේ වරදක් විදියට නසියා ජැන්සන් ඇත්තටම තේරුම් ගත්තාද කියන සැකය මතු වෙනවා.

Sunday, October 12, 2014

අසල්වැසියන් විසින් නිරුවත් කෙරුණ ප්‍රංශ කාන්තාවන් (18+)

යුද්ධය කියන්නේ කිසිම අවස්ථාවක යහපත් දෙයක් නෙවෙයි. ඒ වගේම සාමාන්‍යයෙන් පවතින තත්ත්වයට වඩා වෙනස් සමාජ තත්ත්වයක් යුද්ධයෙන් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම යුද්ධයක වෙනසක් සිදුවන අවස්ථාවල ආපහු සිවිල් පාලනය ඇති වෙන්න කල් යනවා. මෙහිදී ලැබෙන නරුම නිදහස ඇතැම් අය බොහොම නරක විදියට යොදා ගන්නවා.

සොල්දාදුවන් අතින් අකටයුතුකම් සිදු වීම ඇතැම් යුද්ධවලදි අහන්න ලැබෙන දෙයක්. නමුත් එයින් ඇත්ත කතාව එලියට එන්නෙ සමහර වෙලාවට පමණයි. උදාහරණයක් විදියට දෙවන ලෝක යුද්ධය නිම වුනාට පස්සේ සෝවියට් හමුදා සෙබලුන් විසින් නැගෙනහිර යුරෝපයේ කරන ලද අකටයුතුකම් සහ ස්ත්‍රී දූෂණ වගේ අපරාධ බටහිර මාධ්‍යවලින් වාර්තා වෙනවා. ඒ ගැන කතා වෙනවා. නමුත් ස්පාඤ්ඤ සිවිල් යුද්ධය කාලෙ ෆ්‍රැන්කෝගෙ හමුදා වගේම ඇතැම් වෙලාවට දෙවන ලෝක යුද්ධය කාලෙම මිත්‍ර පාර්ශවික හමුදා කරපු දේවල් ගැන සඳහන් වෙනවා අඩුයි.

නමුත් සමහර වෙලාවට විදේශවලින් ආපු සොල්දාදුවන්ට වඩා තමුන් ගෙම අසල්වැසියන් අතින් පීඩාවට පත් වෙන්නට සිදු වුන අය අප්‍රමාණයි. මෙයින් ප්‍රධාන වශයෙන්ම කියවෙන්නේ ප්‍රංශ ජාතිකයන් ගැන​.

1940 ජුනි මාසයේ ප්‍රංශය ජර්මනියට යටත් වූ පසු පැරිසිය ඇතුලු කොටසක් ජර්මනිය විසින් පාලනය කෙරුණා. ජර්මන් හිතවාදී රජයක් විචි කියන නගරයේ පිහිටෙව්වා. බොහෝ ප්‍රංශ ජාතිකයන් ජර්මනියට එරෙහි වුනාට සමහරු ඔවුනගේ පැත්ත ගත්තා. මෙයින් ඔවුනට වාසි සිදු වෙන්න ඇති. ඇතැම් අය තම අසල්වාසීන් පාවා දෙන්න පවා ඇති.

1944 දි ප්‍රංශයේ හිටපු ජර්මානුන් පළවා හැරුණා. මෙහි උච්ඡම අවස්ථාව වුනේ අගෝස්තු 25 පැරිසියට මිත්‍ර හමුදා පැමිණීම​. ජර්මන් හමුදා පිටව යද්දි මිත්‍ර හමුදා එන්නට කළින් බොහෝ නගරවල බලය අල්ලා ගත්තේ ජර්මනියට එරෙහිව සටන් වැදුණ ප්‍රංශ විමුක්තිකාමීන්. ඔවුන් ජර්මෛයට පක්‍ෂ වූ අයගෙන් පළි ගන්න පටන් ගත්තා. ඒ සමඟම තමන් සහ රට පාවා දුන්නා කියලා සැක කරපු ප්‍රංශ ජාතිකයන් අනෙක් අයගේ ප්‍රහාරවලට ලක් වුනා.
දකුණු ප්‍රංශයේ මාර්සේයි (Marseilles) නගරය අසළ ගමකදී

මේ අතරින් ම්ලේච්ඡතම ප්‍රහාරයන්ට අහු වුනේ කාන්තාවන්. ජර්මන්කාරයින් එක්ක නිදිවැදුන ප්‍රංශ කාන්තාවන් නගරවල ප්‍රධාන චතුරශ්‍රවලට ගෙනවිත් ප්‍රසිද්ධියේ අපකීර්තියට ලක් කෙරුණා.

මේ හැම ගැහැණියකගේම වගේ හිස මුඩු කෙරුණා. ඉන් පසුව ඔවුන් නගර දිගේ පාගමනින් රැගෙන යනු ලැබුණා. වාසනාවන්ත වූ ගැහැණුන්ට අඩු තරමින් යට ඇඳුමකින් හෝ විළි වසාගන්න ඉඩ ලැබුණා.

සමහර කාන්තාවන් ගේ හිස මුඩු කර උඩුකය ඇඳුම් අයින් කරලා, එයාලගේ තන්වල ස්වස්තික ලකුණු කරලා නගර හෝ ගම්මාන හෝ දිගේ රැගෙන ගියා. සමහර වෙලාවට ගැහැණු එකා දෙන්නා වගේම​ ලොකු නගරවල නම් ගැහැණු කණ්ඩායම් මේ විදියට අරගෙන ගියා.

සමහර වෙලාවට මේ කාන්තාවන් සමාජමය වශයෙන් උපරිම ලෙස ලජ්ජාවට පත් කෙරුණා. කොයි විදියෙන් අරන් ගියත් ඒ අයට සමාජයට මූණ දෙන්න අපහසු වුනා.

නමුත් ඒ සමහර අයට​​, හරියට මේ කෝර්සිකානු තරුණියට වගේ, දෙනෝදාහක් බලාගෙන ඉඳිද්දි අමු හෙලුවැල්ලෙන් ඇවිද යන්නට සිද්ධ වුණා.

මේ සිදුවීම් ප්‍රංශ ජනතාවගේ ජර්මනිය කෙරේ කැකෑරෙමින් පැවැති වෛරය පෙන්නනවා වගේම ඒ වෛරය පරපීඩකත්වයක් කරා ගිය හැටි පෙන්නුම් කෙරෙනවා. හිස මුඩු කර ලජ්ජාවට පත් කිරීමෙන් නැවතුනේ නැති ඇතැමුන් ගැහැණුන් ගේ තන්වල ස්වස්තික ලකුණු කරන්නත් හෙලුවෙන් නගර දිගේ අරගෙන යන්නත් හේතු වෙන්න ඇත්තේ වෛරයටත් වඩා පරපීඩක කාමුකත්වයක් වෙන්න බැරි නැහැ. කෝර්සිකාව වගේ දූපතක නම් සාමාන්‍යයෙන් පළි ගැනීම​, "ඇසට ඇසක්" කියන සංකල්පය අතීතයේදි තිබුණා. ඒ වුනත් මේ සමහර සිදුවීම් තනිකරම වෛරය පමණක් නිසා වුනා වෙන්න බැහැ කියා හිතෙනවා.
ජර්මන්කාරයෙකුගෙන් ලැබුණ දරුවකු සමඟ​

බටහිර යුරෝපයේ මෑත ඉතිහාසයේ අරාජිකත්වය පිළිබඳ දරුණුම උදාහරණයක් වූ මේ ගැන කතා කරනවා දකින්න අඩුයි. ඒ වෙනුවට වෙනත් ජාතීන් විසින් ගැහැණුන් වෙත කරපු අපරාධ ගැන නම් බටහිර මාධ්‍ය අදත් කියවනවා විටින් විට දකින්න පුලුවනි.

Thursday, October 9, 2014

බොදු බල සේනා - RSS 'දීගය' කෙරෙයිද​?

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන් ළඟදී ප්‍රකාශ කරලා තිබුණා තම සංවිධානය ඉන්දියාවේ රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සාංග් හෙවත් ආර්. එස්. එස්. සංවිධානය සමඟ බෞද්ධ-හින්දු සාම කලාපයක් පිහිටුවීම ගැන සාකච්ඡා කරන බව​.

මේ ආරංචිය එක්තරා ආකාරයකට අරුමයකුත් නෙවෙයි. මොකද ලංකාවේ ජාතිකවාදී කණ්ඩායම් සහ ඉන් දියාවේ භාරතීය ජනතා පක්‍ෂය අතර සහයෝගීතාව ගැන කටකතා සහ උපකල්පන බොහෝ කාලයක සිට එන නිසා.

නමුත් අනිත් අතට මේක ටිකක් හිතාගන්නට අපහසු කතාවක්.

බොදු බල සේනාව පැත්තෙන් ගත්තොත් ඒ අයට මේක ලොකු වාසියක් ගෙනෙයි කියලා එක සැරේ විශ්වාස කරන්න බැහැ. ඉන්දියාව ගැන හිතන්න කළින් බොදු බල සේනාව ලංකාවේ ඉන්නා හින්දු අය එක්ක එකඟතාවයකට එන එක ගැනත් නිතර කියවමින් සිටියා. නමුත් අපි අමතක කරන්න නරකයි, ලංකාවේ ඉන්නා හින්දූන් හැමෝම වගේ දෙමළ ජාතිකයන් බව​. ඉන්දියාවේ එහෙම නෑ.

ලංකාවේ දෙමළ මිනිස්සුන් ගෙ පක්‍ෂය වගේ පෙනී සිටින ටී. එන්. ඒ. එකට ඉන්දියාවේ මහ ආණ්ඩුව ගැන යම් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න උදව් කරාවි කියලා. නමුත් බොදු බල සේනාව ඊට විරුද්ධයි.

ආර්. එස්. එස්. එක කියන්නේ බී. ජේ. පී. පක්‍ෂයේ ප්‍රධානම සංඝටක කණ්ඩායමක්. අගමැති මෝඩි පවා එහි සාමාජිකයෙක්. ඉතින් කොහොමද බොදු බලය ඉන් දියාවේ හින්දූන් එක්ක එකතු වෙලා ලංකාවේ හින්දූන් එක්ක එකමුතු වෙන්නෙ?

අනෙක් අතට​, බොදු බල සේනාව කියන්නේ ලංකාව වෙනුවෙන්, බෞද්ධයින් වෙනුවෙන් හඬ නගනවා කියන කණ් ඩායමක්. බී. ජේ. පී හෝ ආර්. එස්. එස්. හෝ කියන්නේ ඉන්දියාව පළමු තැන තියාගෙන කටයුතු කරන පක්‍ෂ නැත්නම් සංවිධාන​. එතකොට රටවල් දෙක අතර වෙනස්කම් ඇති වුනොත් එතනදි බොදු බලය ගන්නේ කාගෙ පැත්තද​?

ධීවරයින් ගෙ ප්‍රශ්නෙදි, ටී. එන්. ඒ. එක ගන්නේ කොයි පැත්තද​? බී. ජේ. පී. එක ගන්නේ කාගෙ පැත්තද​? බොදු බලේ ඒ ගැන කියලා තියෙන්නේ මොනවද​? (මුකුත් නැහැ).

අපේ අදහස නම් ආර්. එස්. එස්. - බොදු බල සේනා හරියන දීගයක් නෙවෙයි. ඥානසාර හාමුදුරුවෝ බොරු කියලා ඉල්ලාගෙන කන්න හදනවා වගේ පෙනෙන්නේ.