Tuesday, November 11, 2014

ඉන්දියාවේ පන්චායත් සභාවක 'බූරුවෝ' රැළක් ගැහැණියක බූරුවකු පිටේ හෙලුවෙන් ගෙනයති (18+)

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ගම්මානයක අවුරුදු 45 ක කාන්තාවකට ඇගේ ගමේ පන්චායත් ගම් සභාව විසින් අමානුෂික දඬුවමක් ලබා දී තිබෙනවා. මෙහි නරකම කාරණය වන්නේ ඇයට මේ දඬුවම දී ඇත්තේ ඈ නොකළ වරදකට වීමයි.

නොවැම්බර් 2 වනදා මෙම ගමෙහි වසන වාර්දි සිං නැමැත්තෙක් මියගොස් තිබෙන අතර එය සියදිවි නසාගැනීමක් බවයි කියැවෙන්නේ. නමුත් මෙම මරණෙන් දින කීපයකට පසු ඔහුගේ නෑයින් විසින් ඔහුගේ නැන්දණිය වන කාන්තාවකට මේ ගැන චෝදනා කර තිබෙනවා. නමුත් මේ අය පොලිසි යනවා වෙනුවට චෝදනාව යොමු කර ඇත්තේ ගම් සභාවටයි.

තුර්වාල් නම් ගමේ ගම් සභාව තීරණය කර ඇත්තේ මේ කාන්තාව මරණයට වග කිව යුතු බවයි. මේ අනුව ඇයව ගම මැදට ගෙනවුත් නිරුවත් කර හිස බූ ගා ඇගේ මුහුණේ දැලි අඟුරු ගා තිබෙනවා. ඉන් පසුව ඇයව පැයක් තිස්සේ ගම වටේ නිරුවතින්ම ගෙනගොස් තිබෙනවා. නමුත් සමහර අවස්ථාවල ඉන්දියාවෙන් වාර්තා වෙන ආකාරයෙන් මේ කාන්තාව නම් නිරුවත් කර පයින් ගෙන ගොස් නැහැ. ඒ වෙනුවට ඇයව බූරුවෙක් පිට තමයි ගෙනගොස් තිබෙන්නේ.
මේ නම් රඟපෑමක්...

මේ සිද්ධියට වගකිව යුතු 30 දෙනෙක් අත් අඩංගුවට ගෙන තවත් 9 දෙනෙක් රඳවාගෙන තිබෙන බව වාර්තා වුණා.

ඉන්දියාවේ පන්චායත් සභාවලින් මේ වැනි කාන්තාවන් ලජ්ජාවට පත් කරපු අවස්ථා නිතර වාර්තා වෙනවා. ඔක්තෝබරයේදි ජාර්ඛාන්ඩ් ප්‍රාන්තයේ තරුණ කාන්තාවක් නිරුවතින් ප්‍රසිද්ධියේ ඇවිද්දවන ලැබුණේ දෑවැදි ප්‍රශ්නයක් අරභයා. ඒ වගේම ඊට පෙර වයස 60 ක කාන්තාවක යක්දෙස්සියකැයි චෝදනා කර නිර්වස්ත්‍ර කර ලයිට් කණුවක ගැටගැසූ සිද්ධියක් වාර්තා වුණා.

ඒ අතරෙම ගම් සභාවක් විසින් "අයථා" සම් බන් ධයක් ගැන චෝදනා කර තරුණ කාන්තාවක් සමූහ දූෂණය කිරීමට අණ දුන් අවස්ථාවකුත් මෑතකදී වාර්තා වුණා.

පන්චායත් සභාවල තීරණවලට නීතිමය බලයක් නැති වුණත් විශේෂයෙන් ඈත පළාත්වල ඒවාට විශාල බලයක් තියෙනවා. ඒ වගේම ගමක වැසියන් එකා වගේ මේ සභාවල තීරණවලට අනුව යමින් කටයුතු කරනවා දකින්න පුලුවන්. මෙහි තියෙන නරකම කාරණය නම් කිසිදු වරදක් නැතිව පවා කෙනෙක් මේ ආකාරයෙන් නින් දාවට ලක් කිරීමයි.

ඉන්දියාවේ අලුත් බීජේපී රජයට මෙවැනි ගල් යුගයේ ක්‍රමවේදයන් නැවැත්වීමට කටයුතු කිරීමේ වගකීමක් තිබෙනවා. අවුරුදු 66 ක් ඉන්දියාව පාලනය කරපු කිසිවෙකුට මේ තත්ත්වය නවත්වන්න බැරුව ගිය වග පැහැදිලියි. නමුත් අගමැති නරේන් ද්‍ර මෝඩි යම් යම් දැඩි තීරණ ගන්නට මැළි නොවන බව කවුරුත් පිළිගන්නවා. මෙවැනි සිද්ධිවලදී දැඩි තීරණ ගැනීම ඉතා අවශ්‍යයි.

රාජස්ථාන් ප්‍රාන්තයේද බලය බීජේපී පක්‍ෂය සතු වන නිසා මේ සිද්ධියේදී නීතිය අකුරටම ක්‍රියාත්මක වන බවට වග බලාගන්නට බීජේපීයට වගකීමක් තිබෙනවා. නමුත් මෙවන් පන්චායත් සභාවලට අමතක නොවන පාඩමක් ඉගැන්වීම ඉතා අවශ්‍ය කාරණාවක්.

අතුරු කතාවක්: මේ වැනි දේ වෙන්නේ ඉන් දියාව වගේ රටවල පමණද​? මීට අවුරුදු 70 කට කළින් ප්‍රංශයේ ගැහැණුන්ව අසල්වැසියන් විසින් මේ විදියටම හිස මුඩු කරලා ප්‍රසිද්ධියේ අඩ නිරුවතින් හෝ නිරුවතින් හෝ ඇවිද්දවාපු හැටි අපි කළින් දුටුවා.

No comments:

Post a Comment