Sunday, October 4, 2015

යුද්ධය අවසානයේ රට ගොඩගන්න උදව් කළේ ගඩාෆි - රාජපක්ෂ කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තමන්ට විරුද්ධව එල්ලවන ඇතැම් චෝදනා පිළිබඳ අදහස් දැක්වූවා. ඒ වගේම ඔහු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදි ලංකාව ගැන සම්මත වූ යෝජනාව තරයේ විවේචනය කළා. ඒ වගේම රටේ පළමු යුතුකම රණවිරුවන් ආරක්ෂා කිරීම බව ඔහු කියා හිටියා.

රාජපක්ෂ පිළිතුරු දුන් බොහෝ චෝදනා ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය විවේචනය කරමින් වත්මන් රජයේ පාර්ශවකරුවන් විසින් එල්ල කරන ලද ඒවා වුනා. මේ අතර ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ කරට අත දමාගෙන සිටීම ගැනත් කියැවුනා.

හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමා ගඩාෆිගේ කරට අත දමාගෙන සිටියා නොව ගඩාෆි තමාගේ කරට අත දමාගෙන සිටි බවයි.

මේ අතරම රාජපක්ෂ කියා සිටියේ යුද්ධය අවසාන වීමත් සමඟ රට විශාල ආර්ථික අර්බුදයකට යාමේ ඉඩක් ඇතිවූ අවස්ථාවේ, බටහිර රටවල් අප රට කෙරෙහි නොසතුටින් සිටියදී, ලිබියාව අපට උපකාර කළ බවයි. තමාගේ එක දුරකථන ඇමතුමකට පසු, ගඩාෆි ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ණය වශයෙන් ලබාදුන් අතර එයින් රටේ ආර්ථිකය තල්ලු කරගෙන ගිය බව රාජපක්ෂ කියා සිටියා.

ශ්‍රී ලංකාවේ යුද්ධය නිමවී මාස කිහිපයකට පසු, ගඩාෆි බලයට පැමිණි 1969 ලිබියානු විප්ලවයේ 40 වන සංවත්සරය සඳහා රාජපක්ෂ ලිබියාවට ගිය අවස්ථාවේ තමයි අර සිදුවීම වුණේ.

No comments:

Post a Comment