Sunday, October 4, 2015

කොටදෙණියාවේ OIC අමතක කරන්න එපා

කොටදෙණියාවේ ස්ථානාධිපති හෙවත් ඕ.අයි.සී, ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර කියන නම හොඳින් මතක තියා ගන්න​.

වරදකරුවෙක් ද යන්න නොදැන පාසැල් යන ළමයෙක් අත් අඩංගුවට ගැනීමත් ඔහුට අමානුෂික ලෙස පහර දුන්නා කියන සිද්ධියකටත් ඔහු පිළිතුරු දිය යුතුයි.

පහර දීම සිදු වුණේ නැහැ කියමු. කුමන හේතුවක් නිසා ද වරද පිළිගත් බව කියන කොණ්ඩයා කියන කෙනා මාධ්‍යයට නොපෙන්නා සුදු රෙදිවලින් වහගෙන යන ගමන් අර ළමයාව ප්‍රසිද්ධියේ පෙන්නුවේ? ළමයකු වරදකරු වුනත් ඔහුගේ නම ගම ප්‍රසිද්ධ වීම නවත්වන්න ආණ්ඩුව වග බලාගන්න ඕන​. ඒක ආණ්ඩුවේ, ඒ කියන්නෙ පොලිසියේ වගකීමක්.

මේ ළමයාව රටට පේන්න උසාවි ගෙනාවේ ඒ ළමයා ගැන ඉරිසියාවෙන් ද​? උදය කුමාර කියන පොලිස්කාරයා මීට පෙර ලැප්ටොප් දැකලා නැද්ද​?

උදය කුමාරට පොලිසිය දඬුවම් නොකළොත්, කවදා හරි මිනිහා ඒ.එස්.පී, එස්.එස්.පී, නැත්නම් පොලිස්පති වෙයි.

කවදාහරි දවසක ඒ.එස්.පී. උදයකුමාර​, එස්.එස්.පී උදය කුමාර​, පොලිස්පති උදය කුමාර කියන නම අහන්න ලැබුණොත් මතකයට නගා ගන්න ඒ කවුද කියලා.

ප​. ලි. මේ ළමය ගැන ලියපු පත්තරකාරයොත් ළමයගෙ පින්තූර පෙන්නුවා මිස මේ පොලිස් 'රාළහාමිගෙ' පින්තූර පෙන්නුවේ නෑ නෙ. ඇයි දන්නෙ නෑ.

තොත්ත බබා පොලීසියට උත්තරයක් - පොලීසිය කරපු වැරදි මෙන්න​

No comments:

Post a Comment