Wednesday, October 21, 2015

සාහිත්‍ය සම්මාන දිනූ චම්පිකගේ පොතේ පරිවර්තකයා කවුද​?

ආණ්ඩුව චම්පික රණවක සාහිත්‍යකාරයකු කළේය​. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ලොකුම විහිලුව බවට පත්වෙමින් චම්පිකගේ 'බලය සහ බලය​' නම් පොතට සාහිත්‍ය සම්මානයක් ලැබුණි. පොතේ ගත යුත්තක් තිබේ. ඒ ගැන ගැටලුවක් නැත​. නමුත් එයට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබීම නම් ගැටලුවකි.

මේ පොත චම්පිකගේ පරණ කුමන්ත්‍රණයේ, ඒ කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව වැට්ටීමේ සැලැස්මේ එක කොටසකි. මේ පොත ආවේ ආණ්ඩුව වට්ටන අදහස පවතින කාළයක ය​. එමෙන්ම මින් පසු ලියූ 'ආලපාලු ආර්ථිකය​' පළකලේ ජනාධිපතිවරණ කාළයේය​.

ආලපාලු ආර්ථිකයට ඉංග්‍රීසි පොතක් ලියුවේ නැත​. නමුත් 'බලය සහ බලයට​' ඉංග්‍රීසි පොතක් ඇත​. එහි පරිවර්තකයා කවුදැයි පොතේ පෙරවදනේ පුංචියට ලියා තබන්නට චම්පික කාරුණික විය​. ඒ නිසා බොහෝ අය හිතන්නේ චම්පික ඉංග්‍රීසි පොතද ලියූ වගයි.

චම්පික ඉංග්‍රීසි දන්නා බව ඇත්තය​. නමුත් පොත් ලියන්න තරම් ඉංග්‍රීසියේ හසල දැනුමක් නැති බවද ඇත්තය​. ඒ බව නොහංඟා ඉංග්‍රීසි පොත පරිවර්තනය කළ කෙනාගේ නම ලියුවා නම් අගනේය​.

No comments:

Post a Comment