Saturday, November 28, 2015

2015 වසරේ බ්‍රසීලයේ හොඳම පස්ස

බ්‍රසීලයේ මෙම වසරේ හොඳම පස්ස තේරීම සඳහා වන Miss BumBum 2015 තරඟය මෑතකදී එරටදී පවත්වනු ලැබුණා.

මෙම තරඟය මෙවර පවත්වන ලද්දේ පස් වන වතාවටයි. ඒ බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයේදි. මෙහිදී මූලික වටයට රට පුරා විවිධ ප්‍රදේශවලින් තරුණියන් 500 ක් සහභාගී වූ අතර අවසන් වටය සඳහා එක් ප්‍රාන්තයකින් එක් තරුණියක බැගින් දහසය දෙනෙක් සහභාගී වී සිටියා.

කොහොමටත් විශාල වූ තට්ටම් තවත් කැපී පෙනෙන පරිදි සිහින් තොංග් පෑන්ටි ඇඳ​, අඩි උස සපත්තු දමාගෙන මේ දහසය දෙනා තරඟයට සහභාගී වුනා. සමහර තරුණියන් තම පස්ස පැත්තට වැඩි ආකර්ශණ​යක් ලබාගන්නට ඒවායේ රන්වන් දිලිසෙන කුඩු තවරාගෙන සිටිනු දකින්න ලැබුණා.

මෙවර බ්‍රසීලයේ හොඳම නිතඹ ඇති තරුණිය ලෙස සම්මාන ලැබුවේ එරට අගනුවර වන බ්‍රසීලියා නගරයද අයත් ෆෙඩරල් දිස්ත්‍රික්කයෙන් පැමිණි සුසී කෝර්ටේස්. ඈ සිය ජයග්‍රහණය ගැන වගේම තම පස්ස ගැනත් බොහොම උද්දාමයෙන් කතා කළා.

"මම මාස හතරක් මේකට මහන්සි වුනා. මම ව්‍යායාම කළා, ආහාර පාලනය කළා," සුසී කෝර්ටේස් සඳහන් කළා.

Wednesday, November 25, 2015

තරුණියන් පස් දෙනෙක් නිරුවත් කර ගස් බැඳලා (18+)

කාන්තාවන්ට තියෙන්න ඕන ආදරය​, කරුණාව​, පැත්තක තබා ඔවුන් ලජ්ජාවට පත් කළ කතාවක් ළඟදි ආරංචි වුණා. ඒ අප්‍රිකාවේ බෙනින් කියන රටේ සිදුවූ බව කියන සිදු වීමක්.

එක්තරා හමුදා නිලධාරියකුගේ බිරිඳකට අයිති බාර් එකක් තිබුණා. මෙහි මුදල් සොරකමක් වුනා. මේ ගැන එහි කළමණාකරු සහ එහි වැඩකරපු සේවිකාවන් පස් දෙනකු ගැන හමුදා නිලධාරියා සැක කළා.

ඉතින් ඔහු ඇවිත් මේ අයට දඬුවම් කළා.

කළමණාකරු ඇත්තෙන්ම සේවිකාවන්ට වඩා වාසනාවන්තයි. ඔහුව දණගස්වනු ලැබූ අතර ඔහුට පහර දුන්නාදැයි පැහැදිලි නැහැ.

නමුත් අර කෙල්ලන් පස් දෙනා නිරුවත් කර ගස් බඳිනු ලැබුණා.

වෙනත් අවස්ථාවක දුටුවා නම් ඇත්තෙන්ම හිත ඇදී යන විදියේ ශරීරයන් මේ කෙල්ලන් සතුයි. ඒ අයගේ මනාව සකස් වුන පිරුණ පියයුරු සහ වටකුරු තට්ටම් එයට කදිම සාධකයක්. නමුත් මේ අවස්ථාවේ භීතිය සහ ලජ්ජාවෙන් පීඩාවට පත්ව සිටින ඔවුන් කෙරේ ඇතිවන්නේ අනුකම්පාවක්. ඒ වගේම කෙල්ලන් පස් දෙනකු මෙසේ ප්‍රසිද්ධියේ ලජ්ජාවට පත් කිරීමට තරම් නිර්භීත වූ හමුදා නිලධාරියා කෙරෙහි නීතිය ක්‍රියා නොකරන බව පැහැදිලියි. මීට වැඩි දෙයක් වුනත් ඇතැම්විට ඔහුට විරුද්ධව මුකුත් වෙන එකක් නැහැ.

Sunday, November 22, 2015

සනී ලියෝන් ලංකාවට ආවම ආතල් එක කාටද​?

මේ කෙනෙකුට විවාද කරන්න පුලුවන් ප්‍රශ්නයක්. ඉන්දියානු-කැනේඩියානු නිල් චිත්‍රපට නිළි සනී ලියෝන් ලංකාවට එන්න නියමිත බව ළඟදි වාර්තා වුනා. මේකට විරුද්ධ අය කියන්නෙ සනී කැසිනෝ දියුණු කරන්න ලංකාවට එනවා කියලා.

සමහරු කම්පියුටර් එකෙන් හරි ෆිල්ම් එකක හරි දැකපු සනී ලංකාවට එනවා කියලා පොඩි ආතල් එකකුත් ගත්තා ඒ අස්සෙම​.

සනී ලංකාවට ආවම කැසිනෝ, ක්ලබ් එහෙම අමුතුවෙන් දියුණු වෙනවද​? සනී ආවම අපට ආතල් ද​?

සනී එන්නෙ කොළඹ ප්‍රධාන ක්ලබ් එකක තියෙන ප්‍රසංගයකට​. සාමාන්‍ය මනුස්සයින්ට බලන්න යන්න පුලුවන් ගාණට නෙවෙයි ඒවයෙ ටිකට් තියෙන්නෙ. ඒ වගේම ඒවයෙ ගිහින් සාමාන්‍ය මනුස්සයෙක්ට ඉන්නත් බැහැ. ඒ ක්ලබ් හැදිල තියෙන්නෙ සුපිරි පැලැන්තියට​. ඒ නිසා අමුතුවෙන් ක්ලබ් ජනප්‍රිය වෙන්නෙවත්, කැසිනෝ ජනප්‍රිය වෙන්නෙවත් නැහැ. කොහොමත් ඒවා පාවිච්චි කරන අයට තමයි සනී බලන්න යන්න වෙන්නෙ.

ඒ නිසා සනී ලියෝන් ඒ ක්ලබ් එකට ඇවිත් හෙලුවැල්ලෙන් නැටුවත් සාමාන්‍ය අයට ආතල් එකක් වෙන්නෙ නෑ. අමුතුවෙන් ක්ලබ් ජනප්‍රිය වෙන්නෙත් නෑ.

ඔන්න සනී සුගතදාස එකේ හරි, වෙන තැනක හරි ප්‍රසිද්ධ ප්‍රසංගයකට ආවා නම් ඒක වෙනම කතාවක්. නමුත් එහෙම නෙවෙයි වෙන්නෙ.

සනී ලියෝන් කියන්නෙ සාමාන්‍ය වෙළෙඳපොලේ අලෙවිවන භාණ්ඩයක් නෙවෙයි.

Sunday, November 15, 2015

පැරිසියට ගහද්දි අපිට දැනුනෙ ඇයි?

පැරිසියට ගහද්දි අපට දැනුනෙ, ඒ යුරෝපයේ විශාලම නගරයක් වගේම ලෝකයේ සංස්කෘතික අගනුවර කියල කියන නගරය නිසා. එතකොට ලෝක ජනමාධ්‍ය ඔක්කොම එතනට රොක් වෙලා විනාඩියෙන් විනාඩිය ඒ නිව්ස් එක දීපු නිසා.

ඔය වගේම තමයි ටයිටැනික් නැව​. ඒකෙදි වැඩිපුරම නැති වුනේ සල්ලි තියෙන පෝසත් අය​. ඒ නිසා ඒ නැව ජනප්‍රිය වුනා. ජනප්‍රිය කළා. ඊට වඩා මිනිස්සු නැති වෙන අනතුරු ඕන තරම් වෙලා තියෙනවා මුහුදෙ සහ ගංගාවල​. බංගලිදේශයෙ, ඉන්දුනීසියාවෙ, පිලිපීනෙ, කොංගෝවෙ එහෙම​. නමුත් ඒ දුප්පත් මිනිස්සු ගැන කතා කිරීම මාධ්‍යවලට විකුණන්න බෑ.

ඒ වගේම කෙන්යාවෙ විශ්වවිද්‍යාලයකට ඉස්ලාමීය සටන්කාමීන් ගහල 147 ක් මැරුණ එකට වඩා ලොකු ප්‍රචාරයක් පැරිසියට ලැබෙන්නෙත් ඒකයි.

සැපතේදි විතරක් නොව විපතේදි පවා ලෝකය වැඩිපුර කතා කරන්නෙ පොහොසත් රටවල්, පොහොසත් මිනිස්සු ගැන​.

Friday, November 13, 2015

රුවංගි ඊළඟ ඇඳුමෙන් පෙන්නන්නෙ බුරියද​?

රුවංගි රත්නායක නම් නිළිය පසුගිය කාළයේ බොහොම කතාබහට ලක් වුනේ එක්තරා උත්සවයකට ඇඳපු තන් දෙක බාගෙට පෙනෙන ඇඳුමක් නිසා. එවෙලෙ අපි කිව්වා රුවංගි හදන්නෙ මාර්කට් එකක් හදාගන්න​, නමක් හදාගන්න කියලා.

පස්සෙ කාළෙක රුවංගි කට්ටියට බැනලා තිබ්බා එයාගෙ ඇඳුමට වැරදි කිව්වෙ නොදන්නාකමට කියලා.

ඇත්තටම ගොඩක් අය තේරුම් ගත්තෙ නෑ එයාට ඕන ප්‍රසිද්ධ වෙන්න විතරයි කියන එක​. අපේ අයගෙ අසහනේ හැටියට පොඩ්ඩක් තන් දෙක පෙන්නුවාම තියෙන රඟේ බලාගන්න පුලුවන් වුනේ එදා.

ඊට පස්සෙ රුවංගි ඒ රඟපෑම ඊළඟ අදියරට ගෙනිච්චෙ එයාගෙ උපන් දිනේ දවසෙ ඇඳපු ඇඳුමෙන්. මේකෙ තන් දෙකට පහලින් කෑල්ලක් කපලා දාලා. මේකත් පිටරට වෙබ් සයිට් එකක ඩිසයින් එකක් ද දන්නෙ නෑ ඉතින්.

දැන් රුවංගි තව තව ඇඳුම් ඩිසයින් හොයාගෙන ඒවි. ඊළඟට බඩ මැදින් කපලා බුරිය පෙනෙන්න ඇඳුමක් ඇඳන් ඒවි කියලයි හිතෙන්නෙ. පිළිවෙලට ගියොත්, මුලින් තන් දෙක පෙන්නලා, ඊට පස්සෙ ඊට පහළින් පපුව පෙන්නුව නිසා, දැන් තියෙන්නෙ බඩ පෙන්වන්න තමයි.

එතකොට ඊට පස්සෙ?

Tuesday, November 10, 2015

බුරිය පෙන්නන්න එපා! සියලු ගැහැණුන්ට මුස්ලිම් ලෝගු අන්ඳවමු!

බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය ලබන ජනවාරි පළමුවැනිදා ඉඳන් ක්‍රියාවට නැගෙන අලුත් නීතියක් ගෙනෙන්න යනවා. ඒ අනුව ඉස්කෝලවල ගුරුවරියන් සහ නැටුම් ඉගෙන ගන්නා ගැහැණු ළමයින් බුරිය පෙනෙන්න අඳින එක තහනම් කරනවා ලු.

ඇත්තෙන්ම මේ ඉතා හොඳ නීතියක්. පිරිමි ළමයිනුත් ඉන්න පාසැලක නම් ගුරුවරියන් අශෝභන විදියට අඳින එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට බුරිය පෙනෙන්න අඳින එක හොඳ දෙයක් නෙවෙයි කියල කියන්න පුලුවන්.

ප්‍රශ්නය තියෙන්නෙ ඒක නෙවෙයි. පිරිමි ආස ගෑණුන් ගෙ බුරියට විතරද​? නෑ නෙ. සමහරු තොල්වලට ආසයි, සමහරු ඇස්වලට​, නැත්නම් හැට්ටය ඇන්ඳහම ලස්සනට පෙනෙන තන් දෙක​. හැඩකාර කෙනෙක් නම්, සාරිය ඇඳපුවාම පස්ස ලස්සනට නොපෙනේද​? ඒ දිහා පිරිමි ගුරුවරු පවා නොබලාවිද​?

ඒ වගේම සමහරු ලස්සන අතපය දිහා බලන්න ආසයි. සමහර ටීචර්ලා අත් නැති හැට්ට, අත් කොට හැට්ට ඇඳපුවාම බලන්න පුලුවනි ඒක​.

බුරිය නොපෙනෙන්න අඳින එක හොඳයි. නමුත් එතනින් නතර වෙලා බැහැ. ඔක්කොම ගුරුවරියන්ට ඇඟම වහන මුස්ලිම් ලෝගුව අන්ඳවන්න​. අන්න එදාට වැඩේ සම්පූර්ණ වේවි.

Sunday, November 8, 2015

මාදුලුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ දේශපාලනය

මාදුලුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ දේශපාලනය විවිධාකාර යි​. විශ්ව විද්‍යාලයේ ඉන්නා කාළයේ පටන් උන්වහන්සේ දේශපාලනයට සම්බන්ධ වුනා. මුල්ම කාලෙ වමේ දේශපාලනයත් එක්ක උන්වහන්සේ කටයුතු කළා.

එක්තරා කාළයක උන්වහන්සේ මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන ගෙ ප්‍රබල ආධාරකරුවකු වුනා. පසුව 1994 දි චන්ද්‍රිකා ජනාධිපති කරන්න සටනට දායක වුනා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාදිපති වී සිටින අන්තිම කාළයේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ගොඩ නඟා, එමඟින් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි සටනට ලොකු නායකත්වයක් උන්වහන්සේ දුන්නා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරඟ කිරීම වෙනුවට පොදු අපේක්ෂකයකු කියන සංකල්පය ජනතාව අතරෙ යවන්න උන්වහන්සේ දායක වුනා.

මේ නිසාම රාජපක්ෂ පාක්ෂික සමහරුන් උන්වහන්සේව දැක්කෙ දේශද්‍රෝහියකු විදියට​. උන්වහන්සේ නොහිටින්න ඇතැම්විට රනිල් වික්‍රමසිංහ තරඟ කරලා ඒ නිසාම මහින් ද රාජපක්ෂ ආපහු දිනන්න තිබ්බා.

නමුත් සෝභිත හාමුදුරුවන් සටන් කරපු සාධාරණ සමාජය තව බොහෝ ඈතයි. ළඟදි ආපු ඇවන්ට්ගාර්ඩ් සිද්ධිය ඒ බවට එක සාක්කියක් පමණයි. උන්වහන්සේ හිටියා නම් ඇවන්ට්ගාර්ඩ් සිද්ධිය ගැන ආණ්ඩුවට පහර ගහනවා සිකුරුයි.