Sunday, November 8, 2015

මාදුලුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ දේශපාලනය

මාදුලුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ දේශපාලනය විවිධාකාර යි​. විශ්ව විද්‍යාලයේ ඉන්නා කාළයේ පටන් උන්වහන්සේ දේශපාලනයට සම්බන්ධ වුනා. මුල්ම කාලෙ වමේ දේශපාලනයත් එක්ක උන්වහන්සේ කටයුතු කළා.

එක්තරා කාළයක උන්වහන්සේ මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන ගෙ ප්‍රබල ආධාරකරුවකු වුනා. පසුව 1994 දි චන්ද්‍රිකා ජනාධිපති කරන්න සටනට දායක වුනා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාදිපති වී සිටින අන්තිම කාළයේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ගොඩ නඟා, එමඟින් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි සටනට ලොකු නායකත්වයක් උන්වහන්සේ දුන්නා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරඟ කිරීම වෙනුවට පොදු අපේක්ෂකයකු කියන සංකල්පය ජනතාව අතරෙ යවන්න උන්වහන්සේ දායක වුනා.

මේ නිසාම රාජපක්ෂ පාක්ෂික සමහරුන් උන්වහන්සේව දැක්කෙ දේශද්‍රෝහියකු විදියට​. උන්වහන්සේ නොහිටින්න ඇතැම්විට රනිල් වික්‍රමසිංහ තරඟ කරලා ඒ නිසාම මහින් ද රාජපක්ෂ ආපහු දිනන්න තිබ්බා.

නමුත් සෝභිත හාමුදුරුවන් සටන් කරපු සාධාරණ සමාජය තව බොහෝ ඈතයි. ළඟදි ආපු ඇවන්ට්ගාර්ඩ් සිද්ධිය ඒ බවට එක සාක්කියක් පමණයි. උන්වහන්සේ හිටියා නම් ඇවන්ට්ගාර්ඩ් සිද්ධිය ගැන ආණ්ඩුවට පහර ගහනවා සිකුරුයි.

No comments:

Post a Comment