Tuesday, November 10, 2015

බුරිය පෙන්නන්න එපා! සියලු ගැහැණුන්ට මුස්ලිම් ලෝගු අන්ඳවමු!

බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය ලබන ජනවාරි පළමුවැනිදා ඉඳන් ක්‍රියාවට නැගෙන අලුත් නීතියක් ගෙනෙන්න යනවා. ඒ අනුව ඉස්කෝලවල ගුරුවරියන් සහ නැටුම් ඉගෙන ගන්නා ගැහැණු ළමයින් බුරිය පෙනෙන්න අඳින එක තහනම් කරනවා ලු.

ඇත්තෙන්ම මේ ඉතා හොඳ නීතියක්. පිරිමි ළමයිනුත් ඉන්න පාසැලක නම් ගුරුවරියන් අශෝභන විදියට අඳින එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට බුරිය පෙනෙන්න අඳින එක හොඳ දෙයක් නෙවෙයි කියල කියන්න පුලුවන්.

ප්‍රශ්නය තියෙන්නෙ ඒක නෙවෙයි. පිරිමි ආස ගෑණුන් ගෙ බුරියට විතරද​? නෑ නෙ. සමහරු තොල්වලට ආසයි, සමහරු ඇස්වලට​, නැත්නම් හැට්ටය ඇන්ඳහම ලස්සනට පෙනෙන තන් දෙක​. හැඩකාර කෙනෙක් නම්, සාරිය ඇඳපුවාම පස්ස ලස්සනට නොපෙනේද​? ඒ දිහා පිරිමි ගුරුවරු පවා නොබලාවිද​?

ඒ වගේම සමහරු ලස්සන අතපය දිහා බලන්න ආසයි. සමහර ටීචර්ලා අත් නැති හැට්ට, අත් කොට හැට්ට ඇඳපුවාම බලන්න පුලුවනි ඒක​.

බුරිය නොපෙනෙන්න අඳින එක හොඳයි. නමුත් එතනින් නතර වෙලා බැහැ. ඔක්කොම ගුරුවරියන්ට ඇඟම වහන මුස්ලිම් ලෝගුව අන්ඳවන්න​. අන්න එදාට වැඩේ සම්පූර්ණ වේවි.

No comments:

Post a Comment