Sunday, November 22, 2015

සනී ලියෝන් ලංකාවට ආවම ආතල් එක කාටද​?

මේ කෙනෙකුට විවාද කරන්න පුලුවන් ප්‍රශ්නයක්. ඉන්දියානු-කැනේඩියානු නිල් චිත්‍රපට නිළි සනී ලියෝන් ලංකාවට එන්න නියමිත බව ළඟදි වාර්තා වුනා. මේකට විරුද්ධ අය කියන්නෙ සනී කැසිනෝ දියුණු කරන්න ලංකාවට එනවා කියලා.

සමහරු කම්පියුටර් එකෙන් හරි ෆිල්ම් එකක හරි දැකපු සනී ලංකාවට එනවා කියලා පොඩි ආතල් එකකුත් ගත්තා ඒ අස්සෙම​.

සනී ලංකාවට ආවම කැසිනෝ, ක්ලබ් එහෙම අමුතුවෙන් දියුණු වෙනවද​? සනී ආවම අපට ආතල් ද​?

සනී එන්නෙ කොළඹ ප්‍රධාන ක්ලබ් එකක තියෙන ප්‍රසංගයකට​. සාමාන්‍ය මනුස්සයින්ට බලන්න යන්න පුලුවන් ගාණට නෙවෙයි ඒවයෙ ටිකට් තියෙන්නෙ. ඒ වගේම ඒවයෙ ගිහින් සාමාන්‍ය මනුස්සයෙක්ට ඉන්නත් බැහැ. ඒ ක්ලබ් හැදිල තියෙන්නෙ සුපිරි පැලැන්තියට​. ඒ නිසා අමුතුවෙන් ක්ලබ් ජනප්‍රිය වෙන්නෙවත්, කැසිනෝ ජනප්‍රිය වෙන්නෙවත් නැහැ. කොහොමත් ඒවා පාවිච්චි කරන අයට තමයි සනී බලන්න යන්න වෙන්නෙ.

ඒ නිසා සනී ලියෝන් ඒ ක්ලබ් එකට ඇවිත් හෙලුවැල්ලෙන් නැටුවත් සාමාන්‍ය අයට ආතල් එකක් වෙන්නෙ නෑ. අමුතුවෙන් ක්ලබ් ජනප්‍රිය වෙන්නෙත් නෑ.

ඔන්න සනී සුගතදාස එකේ හරි, වෙන තැනක හරි ප්‍රසිද්ධ ප්‍රසංගයකට ආවා නම් ඒක වෙනම කතාවක්. නමුත් එහෙම නෙවෙයි වෙන්නෙ.

සනී ලියෝන් කියන්නෙ සාමාන්‍ය වෙළෙඳපොලේ අලෙවිවන භාණ්ඩයක් නෙවෙයි.

No comments:

Post a Comment