Sunday, November 15, 2015

පැරිසියට ගහද්දි අපිට දැනුනෙ ඇයි?

පැරිසියට ගහද්දි අපට දැනුනෙ, ඒ යුරෝපයේ විශාලම නගරයක් වගේම ලෝකයේ සංස්කෘතික අගනුවර කියල කියන නගරය නිසා. එතකොට ලෝක ජනමාධ්‍ය ඔක්කොම එතනට රොක් වෙලා විනාඩියෙන් විනාඩිය ඒ නිව්ස් එක දීපු නිසා.

ඔය වගේම තමයි ටයිටැනික් නැව​. ඒකෙදි වැඩිපුරම නැති වුනේ සල්ලි තියෙන පෝසත් අය​. ඒ නිසා ඒ නැව ජනප්‍රිය වුනා. ජනප්‍රිය කළා. ඊට වඩා මිනිස්සු නැති වෙන අනතුරු ඕන තරම් වෙලා තියෙනවා මුහුදෙ සහ ගංගාවල​. බංගලිදේශයෙ, ඉන්දුනීසියාවෙ, පිලිපීනෙ, කොංගෝවෙ එහෙම​. නමුත් ඒ දුප්පත් මිනිස්සු ගැන කතා කිරීම මාධ්‍යවලට විකුණන්න බෑ.

ඒ වගේම කෙන්යාවෙ විශ්වවිද්‍යාලයකට ඉස්ලාමීය සටන්කාමීන් ගහල 147 ක් මැරුණ එකට වඩා ලොකු ප්‍රචාරයක් පැරිසියට ලැබෙන්නෙත් ඒකයි.

සැපතේදි විතරක් නොව විපතේදි පවා ලෝකය වැඩිපුර කතා කරන්නෙ පොහොසත් රටවල්, පොහොසත් මිනිස්සු ගැන​.

No comments:

Post a Comment