Saturday, November 28, 2015

2015 වසරේ බ්‍රසීලයේ හොඳම පස්ස

බ්‍රසීලයේ මෙම වසරේ හොඳම පස්ස තේරීම සඳහා වන Miss BumBum 2015 තරඟය මෑතකදී එරටදී පවත්වනු ලැබුණා.

මෙම තරඟය මෙවර පවත්වන ලද්දේ පස් වන වතාවටයි. ඒ බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයේදි. මෙහිදී මූලික වටයට රට පුරා විවිධ ප්‍රදේශවලින් තරුණියන් 500 ක් සහභාගී වූ අතර අවසන් වටය සඳහා එක් ප්‍රාන්තයකින් එක් තරුණියක බැගින් දහසය දෙනෙක් සහභාගී වී සිටියා.

කොහොමටත් විශාල වූ තට්ටම් තවත් කැපී පෙනෙන පරිදි සිහින් තොංග් පෑන්ටි ඇඳ​, අඩි උස සපත්තු දමාගෙන මේ දහසය දෙනා තරඟයට සහභාගී වුනා. සමහර තරුණියන් තම පස්ස පැත්තට වැඩි ආකර්ශණ​යක් ලබාගන්නට ඒවායේ රන්වන් දිලිසෙන කුඩු තවරාගෙන සිටිනු දකින්න ලැබුණා.

මෙවර බ්‍රසීලයේ හොඳම නිතඹ ඇති තරුණිය ලෙස සම්මාන ලැබුවේ එරට අගනුවර වන බ්‍රසීලියා නගරයද අයත් ෆෙඩරල් දිස්ත්‍රික්කයෙන් පැමිණි සුසී කෝර්ටේස්. ඈ සිය ජයග්‍රහණය ගැන වගේම තම පස්ස ගැනත් බොහොම උද්දාමයෙන් කතා කළා.

"මම මාස හතරක් මේකට මහන්සි වුනා. මම ව්‍යායාම කළා, ආහාර පාලනය කළා," සුසී කෝර්ටේස් සඳහන් කළා.

No comments:

Post a Comment