Tuesday, June 28, 2016

කිම්ගේ පස්ස පරදන වෙන්ඩ නෑනා

කිම් කර්ඩශියාන් රියැලිටි තරුවක් බවට පත් වෙන්න ලොකුම හේතුවක් වුනේ ඇගේ විශාල තට්ටම් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. කොයි රටේ මොන නගරයේ මොන අවස්ථාවකදි වුනත් කැමරා කාච වගේම අහල පහල අයගේ ඇස් කිම්ගේ පුක දිහාට හැරෙන්නේ ඉබේම වගේ.

මීඩියාවලට දැන් කිම්ගේ පුක කියන්නෙ රැජිණගේ ඔටුන්න වගේ වටින වස්තුවක්.

ඒ වගේම කිම්ගේ සහෝදරියන්ටත් ඒ කිට්ටුවෙන්ම යන පුකවල් තියෙනවා.

කිම්ගේ මල්ලී වන රොබ් සොයාගත් පෙම්වතියත් ඒ වගේම ලොකු පුකක් තියෙන කෙල්ලක්. කෙල්ලක් කිව්වට පුතෙකුත් ඉන්න තරුණියක් වන ඈ නිරූපිකාවක්. දැන් ඇයට රොබ්ගෙනුත් දරුවෙක් ලැබෙන්න නියමිතයි.

ගැබිණි කාලෙ කිම්ගෙ පුකට වගේම බඩටත් විශේෂ අවධානයක් ලැබුණා වගේ දැන් බ්ලක් චයිනාගෙ පුකට වගේම බඩටත් ලොකු අවධානයක් ලැබෙමින් තියෙනවා.

මෑතකදි මාරියා කැරේ විසින් ඉදිරිපත් කරන වැඩසටහනකට බ්ලැක් චයිනා සහභාගී වුනා. ඉස්සරහට නෙරාපු බඩයි පිටිපස්සට නෙරාපු පුකයි නිසා එයා මාරියාගෙන් අවධානය උදුරා ගන්න සමත් වුනා. මරියාත් පස්ස පෙන්නීමේ උපක්‍රමය පාවිච්චි කරන්න එක කකුලක් සම්පූර්ණයෙන් පේන ඇඳුමක් ඇඳගෙන හිටියෙ. නමුත් බ්ලැක් චයිනා ඇගෙන ඒ අවධානය උදුරාගන්න සමත් වුනා.

මහාර්ඝ වස්තුවක් වෙච්ච කිම්ගේ පුකට අභියෝග කරන්න දැන් ඒ පවුලට එක්වෙන්න යන අලුත් සාමාජිකාවගේ පුක ඉස්සරහට ඇවිත්.

Monday, June 27, 2016

2012 ඔලිම්පික් කාන්තා මීටර සියය තරඟයේ ජය ජැමේකාව ලැබූ අයුරු

2012 ඔලිම්පික් උළෙල ලන්ඩනයේදී පැවති අතර එහි කාන්තා මීටර 100 ඉසව්ව කෙරෙහි කාගේත් අවධානය යොමු වුනා. මෙහිදී ජැමේකාවේ ශෙලී ඈන් ෆ්‍රේසර්-ප්‍රයිස් දෙවන වතාවටත් රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා.

2008 දී ද ඔලිම්පික් මීටර 100 ශූරිය වූයේ ජැමේකාවේ ශෙලී ඈන් ෆ්‍රේසර්. ඇය සිය නම ෆ්‍රේසර්-ප්‍රයිස් ලෙස වෙනස් කළේ 2011 සිය දිගු කාලීන පෙම්වතා එක්ක විවාහ වුනාට පසුවයි.


ෆ්‍රේසර්-ප්‍රයිස්ගේ වයස තවමත් අවුරුදු 29 යි. මේ වසරෙ රියෝ ඔලිම්පික් උළෙලෙදි ඇය දකින්නට නැවතත් අපට හැකි වේවි.

Thursday, June 16, 2016

ගර්භණී නැටලිගේ මෙහෙන්දි

නැටලි බ්ලෙයාර් 32 හැවිරිදි ඔස්ට්‍රේලියානු නිළියක්.

ඇය වඩා ප්‍රසිද්ධ වී සිටින්නේ නේබර්ස් නම් රූපවාහිනී ටෙලි කතා මාලාවේ රඟපෑම හේතුවෙන්.

ඇගේ සැමියා ද එම කතා මාලාවේ ම රඟ පෑ නලුවෙක්. ඔවුන් දෙදෙනා දෙමාපියන් වීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා.

දරුවෙක් දරාගෙන සිටින නැටලි මෙහෙන් දි රටාවක් බඩේ ඇඳගෙන සිටින පින්තූරයක් පළ කර තිබෙනවා.

නැටලිගේ දරුවා ජූලි මාසයේ උපදින්නට නියමිතයි.

Tuesday, June 14, 2016

සෙරීනා සහ නේමාර් මුණ ගැසෙති

ලෝක ටෙනිස් ශූර සෙරීනා විලියම්ස් මෑත දී ලාස් වේගාස් හි සාදයකට සහභාගී වුණා.

එහිදී ඇයට බ්‍රසීලියානු පාපන්දු ශූර නේමාර් මුණ ගැසුණා.

මේ දෙදෙනා ඡායාරූපයකට පෙනී සිටි අතර සෙරීනා එය සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කරා.

Saturday, June 11, 2016

Yovanna - බීබර්ගේ ලස්සන පරණ පෙම්වතියක්

ජස්ටින් බීබර් කියන්නෙ තරුණ පරපුරේ ගායකයෙක්.

බීබර්ගේ පරණ පෙම්වතියක් වුන යොවන්නා වෙන්චූරා ළඟදි දවසක නිවාඩුවක් ගත කරන්න කැරිබියානු දූපතක් වන සාන්ත බාර්ට්ස් වලට ආවා.

වෙන්චූරා තවමත් අවුරුදු 20 ක කෙල්ලක්. ලස්සන ඇඟක් තියෙන තරුණියක්. රැළි වැටුණ කහ පාට රෙදි කඩකින් තන් දෙක යාන්තමට වහගෙන චූටි කලුපාට පෑන්ටියකින් රහස් ප්‍රදේශයත් යන්තම් වහගෙන හිටිය යොවන්නාගෙ තට්ටම්වල ලොකු කොටසක් තිබුණෙ එළියෙ.



ලස්සනම දේ තමයි යොවන්නා මේ ගමන තනියම ඇවිත් නොතිබීම​. මීට පෙර නොදුටු අලුත් කොල්ලෙකුත් එක්ක තමයි ඈ මුහුදු වෙරළට ඇවිත් විනෝද වුනේ.

Wednesday, June 8, 2016

කිම් කර්ඩශියාන්ගේ පස්සට අභියෝගයක් විය හැකි කට්යා හෙන්රිගේ පස්ස​

21 හැවිරිදි නිරූපිකාවක වන කට්යා එලිස් හෙන්රි සිය 20 හැවිරිදි පෙම්වතා වන ගායක ඔස්ටින් මැහෝනේ සමඟ නිවාඩුවක් ගත කිරීමට ගියා.

මොවුන් දෙදෙනාගේ පින්තූර කීපයක් වගේම කට්යා තවත් යෙහෙළියක් එක්ක ලබාගත් පින්තූර සෙට් එකක් ම මාධ්‍යවලින් ප්‍රචාරය වුනා.



කට්යා හැඩකාර නිරූපිකාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. නියම විදියට මාර්කට් කලොත් කිම් කර්ඩශියාන් ගේ පුකට වඩා ලෝක ප්‍රසිද්ධ වෙන්නට කට්යා හෙන්රිගේ පුකට හැකියාව තියෙනවා.


ප්‍රමාණය අතින් කිම් අහළකටවත් එන්න බැරි වුනාට ලස්සන අතින් කට්යාගේ පස්ස​ කිම්ගේ පස්ස​ පහසුවෙන්ම පරදවනවා.

Monday, June 6, 2016

කල්ලි ගැසී ස්ත්‍රී දූෂණයට එරෙහිව බ්‍රසීලයේ උද්ඝෝෂණ (Photos)

මෑතකදී බ්‍රසීලයේ මහත් ආන් දෝලනයකට ලක් වූ 16 හැවිරිදි යුවතියක 30 දෙනෙකුගේ පමණ කල්ලියක් විසින් දූෂණය කිරීමේ සිදුවීමට එරෙහිව බ්‍රසීලයේ දී විශාල උද්ඝෝෂණයක් පැවැත්වුනා.

දින කිහිපයකට පෙර මෙම උද්ඝෝෂණය පැවැත්වුනේ බ්‍රසීලයේ විශාලම නගරය වන සාඕ පාවුලෝහිදී.





මෙම අවස්ථාවට කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්ව සිටියා.

ඇමරිකාවේ සුරූපීම යුවතිය වූ හමුදා සෙබළිය​

ඇමරිකාවේ 2016 Miss USA තරඟයේ ජයග්‍රහණය ලැබීමට කොළොම්බියා දිස්ත්‍රික්කයේ 26 හැවිරිදි දෙශෝනා බාර්බර් සමත් වුනා.

ඇය තොරතුරු තාක්ෂණ විශ්ලේෂකවරියක ලෙස යුධ හමුදාවේ සේවය කරන හමුදා සෙබළියක් වනවා.


ටයිටැනික් ඩිකැප්‍රියෝගේ sexy කෙල්ල රොක්සි

ටයිටැනික් චිත්‍රපටයෙන් ලෝක ප්‍රසිද්ධියට පත් වූ ඔස්කාර් සම්මානලාභී නලු ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ තරුණ ඉංග්‍රීසි ජාතික නිරූපණ ශිල්පිණියක් එක්ක පෙම් පළහිලව්වක පැටලී ඇති බව ඇතැම් මාධ්‍ය සැක පහළ කරනවා.

මේ වාර්තාවලට අනුව ඩිකැප්‍රියෝ නිතරම ඇමරිකාවේ සිට එංගලන්තයට එන්නේ මේ තරුණ නිරූපිකාව සමඟ කල් ගත කරන්නයි.

41 වියේ පසුවන ඩිකැප්‍රියෝ එක්ක මේ පැටලැවිල්ලට හසු වෙලා ඉන්න රොක්සි හෝර්නර්ගේ වයස අවුරුදු 24 ක් වනවා.

මේ දෙදෙනාගේ පෙම් පළහිලව්ව ගැන මුලින්ම වාර්තා පළ වෙන්න ගත්තෙ අප්‍රේල් මාසයේදි. නමුත් ඒ වෙලාවේ හෝර්නර් එම අනාවැකි ප්‍රතික් ෂේප කළා.

Sunday, June 5, 2016

ජාත්‍යන්තර නිරූපිකාවක වෙන්නට බලාපොරොත්තු වන මදුෂානි

නිරූපණ ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තරයටම යන්නට අදහස් කරගෙන සිටින යුවතියක පිළිබඳ ලංකාදීප "සාරවිට​" වෙබ් අඩවියේ සඳහන් වුනා. මේ ඇගේ විස්තරයි.

* ක්ෂේත්‍රයට යොමුවීම ගැන මුලින්ම කතා කළොත්?

පුංචි කාලේ ඉඳන් මේ ක්ෂේත්‍රයට එන්න කැමැත්තක් තිබුණා. අම්මා තමයි මේ ක්ෂේත්‍රයට එන්න මාව ගොඩක් උනන්දු කළේ. කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යායෙ තමයි මම ඉගෙන ගත්තෙ. පාසල් කාලය තුළදිත් මම කලාවට ලොකු උනන්දුවක් දැක්වුවා. කුලසිරි බුදවත්ත සර් ළඟ වසර ගණක් උඩරට තර්තනය හැදෑරුවා.

මම මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ රොසෑන් ඩයස් මහත්මිය යටතේ. මම ඇය ළඟ නිරූපණ පාඨමාලාවක් හැදෑරුවා. මෙවර ITN අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙන්න මට හැකියාව ලැබුණා. එහිදී මට අවසන් පහළොස් දෙනා අතරට එන්න හැකියාව ලැබුණා. මේ වනවිට චන්දි කොඩිකාර ලියන නවකතාවක ෆොටෝ ෂුට් එකට දායක වෙනවා. ඒ වගේම මට "කොළඹ අහස", නලින් මාපිටිය සර් කළ "ඉස්සරහට යන්න", "දුවිලි මල්" යන ටෙලි නාට්‍යවලටත් දායක වෙන්න හැකියාව ලැබුණා.

* නිරූපණ ශිල්පිනියක් විදියට දිගටම කටයුතු කරන්නද බලාපොරොත්තු වෙන්නේ?

මම නර්තන කටයුතු සිදු කරනවා. ඒ වගේම රංගනයටත් යොමුවෙනවා. මේ වෙද්දි ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබිලා නැහැ. නමුත් ඉදිරියෙදි හොඳ ටෙලි නාට්‍යයක් ලැබුණොත්, දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

* ජනප්‍රියත්වය ගැන තිබෙන අදහස?

නිරූපණ ශිල්පිනියෙකුට අනිවාර්යෙන්ම ජනප්‍රියත්වය අවශ්‍යයි. රංගනයටත් එය අදාළයි. එහෙත් ඒ ජනප්‍රියත්වය ලබාගන්න ඕන ක්ෂේත්‍ර‘යේ වැඩකටයුතු තෝරා බේරාගෙන සිදු කිරීම තුළින්. මම හිතන්නේ එහෙම.

* විලාසිතා ගැන හිතන්නේ?

නිරූපණ ශිල්පිනියෙක් විදියට මම කැමැතී වෙනස්ම දෙයක් කරන්න. හැමදාම කරන දේකට වඩා අලුත්ම දෙයක් කරන්න උත්සාහ කරනවා. ෆොටෝ ෂූට් එකක් කළත්, මම බලාපොරෝතතු වෙන්නෙ එය අලුත් විදිහට කරන්න. ගැළපෙන දේවල් කරනවා.

* ඉදිරි කටයුතු හා මතක් කළයුතු පිරිස ගැන කතා කළොත්?

නිරූපණ ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර තලයට යන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්ම මිස් ශ්‍රී ලංකා තරගයට මම සහභාගි වෙනවා. ආත්මගරුත්වයත් රැකගෙන ඉදිරි ගමනත් යන්න මම බලාපොරොත්තු වෙනවා.

මතක් කළයුතු කිහිපදෙනෙක්ම ඉන්නවා. රොසැන් ඩයස් මහත්මිය මතක් කරනවා. ඇය තමයි මට මුල්ම ශක්තිය වුණේ මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. චානක කන්දනාරංචිවත් මේ මොහොතේ මතක් කරනවා.

රංගන මදුසංඛ/ඡායාරූප චානුක කුලසේකර

Friday, June 3, 2016

කිම් කර්ඩශියාන් නිදියන්නේ හෙලුවෙන් ද​? (18+)

සරාගී නිළි කිම් කර්ඩශියාන් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුව හරහා ඇගේ නිරුවත යළිත් ප්‍රදර්ශනය කර තිබෙනවා.

එහි මෑතකදී පළවූ එක් පින්තූරයකින් පෙනෙන්නේ ඈ දෑතින් සිය නිරුවත් පියයුරු වසාගෙන සිටින ආකාරයයි.

ඒ වගේම තවත් පින්තූරයක කිම් උදෑසන ඇඳෙහි ඉන්නා දර්ශනයක් පෙන්නුම් කරනවා. ඇගේ ඇඳ මත කෝපි කෝප්පයක් තබා තියෙනවා. පොරවන රෙද්දකින් කිම්ගේ ශරීරයේ කොටසක් වැහිල තිබුණත් ඇගේ බ්‍රෙසියරයේ පටියක් වගේම නිරුවත් තට්ටම්වල ලොකු ප්‍රදේශයක් පැහැදිලිව පෙනෙන්න තියෙනවා.

ඉන්ස්ටග්‍රෑම් පින්තූරය සමඟ කිම් ස්ටේටස් එකක් දමා තිබුණ අතර එයින් කියැවුණේ මේ ඇගේ අලුත් රහස් ව්‍යාපෘතියක් බවයි.

දරුවන් දෙදෙනකුගේ මවක වන 35 හැවිරිදි කිම් බ්‍රෙසියරයක් විතරක් ඇඳන් ඇඳේ ඉඳගෙන ඉද්දි කෙනෙකුට ඈ නිදියන්නේ හෙලුවෙන් දැයි සැක සිතීම අසාධාරණ නැහැ.

බිකිනිය විතරක් ඇඳගෙන රූපවාහිනී සාකච්ඡාවකට ගිය ෂැනෙල් (Photos, Video)

ෂැනෙල් හේස් කලකට පෙර සිය බර වැඩිවීම නිසා පීඩාවට පත් වූ තරුණ ඉංග්‍රීසි ජාතික නිළියක්.

දැනටත් ඇගේ බර කිලෝග්‍රෑම් 90 ක් පමණ වනවා. නමුත් දැන් ඇගේ රූ සොබාව මනාව හැඩගැසී ඇති බව මෑතකදී ඈ සහභාගී වූ "Loose Women" නම් වැඩසටහනේදී පෙනෙන්නට තිබුණා.

Loose Women බ්‍රිතාන්‍යයේ ITV නාලිකාවේ විකාශය වන සාකච්ඡාමය වැඩසටහනක්. මෙහිදී වැඩසටහන් මෙහෙයවන්නියන් සිව් දෙනකු විසින් ආරාධිතයකු සමඟ සාකච්ඡාවක් පවත්වනවා.

මෙවර එම වැඩසටහනට සහභාගී වූ සිය නිළියක සහ ගායිකාවක වන ෂැනෙල් හේස් තමන් ඇඳ සිටි ලෝගුව ගලවා දමා එක් වැඩසටහන් මෙහෙයවන්නියක් පැවසූ ලෙස "බිකිනියකින් සහ සිනහවකින් පමණක්" සැරසී ප්‍රධාන මේසය කරා ඇවිද ආවා.

ෂැනෙල්ගේ රෝසපැහැ බිකිනිය "සංවර" බිකිනියක් ලෙස සලකන්න පුලුවන්. ඒ බිකිනියේ තනපටය සැලකිය යුතු ප්‍රමාණයකින් ෂැනෙල්ගේ පියයුරු ආවරණය කළා. ෂැනෙල්ගේ බිකිනි පෑන්ටිය එයාගෙ තට්ටම් නම් හොඳින් ආවරණය කළා.

එක් වැඩසටහන් මෙහෙයවන්නියක වූ ප්‍රකට නිරූපිකා කේටි ප්‍රයිස්, ෂැනෙල්ගේ උදර ප්‍රදේශය පැතලිව මනා හැඩයෙන් පැවතීම ගැන ප්‍රශංසා කළා. ඒ වගේම ඇය කැමරාවට ෂැනෙල්ගේ බඩ අහුවෙන විදියට මේසය උඩ තිබූ කෝප්පයක් ද ඈතට තල්ලු කරනු දකින්න ලැබුණා.


ෂැනෙල් ඉඳගෙන සිටි අයුරින්, මේසයට ටිකක් ඉහළින් ඇගේ බුරිය නරඹන්නන්ට හොඳින් දර්ශනය වුණා. කේටි, ෂැනෙල් ඉස්සරහ තිබුණ කෝප්පය ඈත් කළේ ඇගේ බුරිය කෙළින්ම පෙනෙන්න සලස්වමින්.

ෂැනෙල් ඉතාම සතුටින් එම වැඩසටහනට සහභාගී වුනත් ඇගේ පරණ පෙම්වතෙකුට ඉන් හොඳටම රිදී තිබුණා. ජැක් ට්වීඩ් ඒ පෙම්වතායි. සිය ට්විටර් ගිණුම ඔස්සේ ෂැනෙල්ගේ බර පිළිබඳ සඳහන් කළ ඔහු ඇය ඇත්තෙන්ම ඉන්නේ සතුටින් නොවන බව කියා සිටියේ සමච්චලයෙන්.

නමුත් එම ප්‍රකාශය පිළිබඳ ඔහුට විවිධ විවේචනවලට මුහුණ දෙන්නට වුණා. ෂැනෙල් නම් තවම ඒ ගැන කිසිත් පවසා නැහැ.

ISIS ත්‍රස්තවාදී නීතිය​: සිගරට් විකිණුවාට මරණ දඬුවම​

ඉරාකයේ මෝසුල් නගරයේදී මිනිසුන් සය දෙනකු අත් අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් ඔවුන් වෙඩි තමා මරා දමා තිබෙනවා.

ඔවුන් කළ වරද ලෙස හැඳින්වෙන්නේ සිගරට් විකිණීමයි.

මෝසුල් නගරය අසළ ප්‍රදේශයකදී ISIS සංවිධානය විසින් අත් අඩංගුවට ගන්නා ලද ඔවුන්, ISIS ඉස්ලාමීය අධිකරණය හමුවට පමුණවා මෙම දඬුවමට යටත් කර තිබෙනවා.

ඉරාකයේ දෙවන විශාලම නගරය වන මෝසුල් නගරය අවුරුදු දෙකක් මුලුල්ලේ පවතින්නේ ISIS පාලනය යටතේ යි.

ISIS සංවිධානය සොරකම සහ මත්ද්‍රව්‍ය භාවිතයය සම්බන්ධව දැඩි දඬුවම් පමුණවන සංවිධානයක්.

කෙසේ වෙතත් මොවුන් වහලුන් ලෙස ගැහැණුන් විකිණීම නම් කිසි බාධාවක් නැතිව කරගෙන යනවා. ඔවුන් පාලනය කරන ප්‍රදේශවල ඉතා කුඩා දැරියන් පටන් වැඩිමහල් කාන්තාවන් දක්වා විවිධ මිල ගණන් යටතේ කාන්තාවන් විකිණෙනවා. සටන්වලින් පසු අල්ලාගන්නා ගැහැණුන්ට මෙම ඉරණමට මුහුණ දෙන්නට වෙනවා.

ප්‍රධාන පෙළේ ISIS නායකයන් සඳහා කළකට පෙර පවත්වන ලද වහල් වෙන් දේසි සඳහා මෙවන් තරුණ ගැහැණු ළමුන් සම්පූර්ණයෙන් නිරුවත් කර ඉදිරිපත් කෙරුණ බව වාර්තා වුණා. තමන් ඉදිරියේ හෙලුවෙන් පෙනී සිටින මේ කෙල්ලන් ගේ සියලුම අවයව හොඳින් පරීක්ෂා කර ඔවුන් මිලට ගන්නට නායකයින්ට අවස්ථාව ලැබුණා.

ISIS නීතියට අනුව සිගරට් විකිණීම මරණ දඬුවම ලැබෙන වරදක්. ගැහැණුන් විකිණීම ශුද්ධ වූ වෙළඳාමක්.

මහ බැංකුවේ හොරා ආයෙ පත් කරන්න එපා, විමල් කියයි (සම්පූර්ණ කතාව​)

මහ බැංකුවේ ධනය තම සුඛවිහරණය සඳහා යොදා ගත් එමෙන්ම මහ බැංකු බැදුම්කර ක‍්‍රියාදාමය තම බෑණාගේ සමාගමට මුදල් ඉපයීම සඳහා වූ උල්පතක් බවට පත්කර දුන්, 2016 ජූනි 30 වැනිදායින් ධුර කාලය අවසන් වන මහ බැංකු අධිපතිවරයා යළි පත් කරන්නේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසා සිටී.

මෙයට ලබාදෙන උත්තරය අනුව, මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ රටේ සැබෑ ජනාධිපතිවරයාද? නැද්ද? යන්න ජනතාවට තහවුරු වනු ඇති බව ද විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

ඊයේ (02) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා, මෙසේ ද පැවසීය.

‘‘සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට මේ වන විට රටේ ආර්ථික අර්බුදය ඉතාමත් තදින් දැනෙන තත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ ආර්ථික අර්බුදයේ ප‍්‍රධානම වගඋත්තරකරුවකු වන්නේ මහ බැංකු අධිපතිවරයා වන අර්ජුන මහේන්ද්‍රන් මහත්තයායි. අද ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රුපියල ඩොලරයට සාපේක්‍ෂව 149.35ක මට්ටමකට වැටිලා තිබෙනවා. රුපියල මේ තරමට බාල්දු වූ අවස්ථාවක් ලංකා ඉතිහාසය තුළ දැකගත හැකි වන්නේ නැහැ. ඒ වගේම අද මහ බැංකුවේ සංචිත ඇමෙරිකන් ඩොලර් බිලියන 05ට වඩා අඩු මට්ටමකට ඇද වැටිලා. එමගින් පෙනී යන්නේ රටේ තීරණාත්මක ආර්ථික මර්මස්ථානයක් වූ මහ බැංකුව තමන්ගේ භූමිකාව අත හරිමින් සිටින බවයි. රුපියල බාල්දුවීම නතර කර ගන්න බැරි, විදේශ වත්කම් සංචිත ආරක්‍ෂාකර ගැනීමට බැරි මහ බැංකුව, අද මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ සුඛවිහරණය සඳහා පාවිච්චි කරන තිප්පොළක් බවට පත් වී තිබෙනවා.

‘මහ බැංකු අධිපති ක්‍රෙඩිට් කාඩ්පතින් කාපු හැටි’

මේ මහ බැංකු අධිපතිවරයා 2015 පෙබරවාරි සිට 2015 දෙසැම්බර් දක්වා වූ මාස 11ක කාලය තුළ ඔහුට එම ආයතනයෙන් ලබාදී තිබෙන ක්‍රෙඩිට් කාඞ්පත භාවිතා කළ අන්දම ඇතුළත් වාර්තාව මා සතුව තිබෙනවා(එම වාර්තාව මාධ්‍ය වෙත පෙන්වයි* එම ක්‍රෙඞ්ට් කාඞ්පත උපයෝගීකරගෙන අර්ජුන මහේන්ද්‍රන් තමන්ගේ පෞද්ගලික වියදම් සඳහා පමණක් රුපියල් මිලියන 14.5ක්, එනම් රුපියල් ලක්‍ෂ 145ක් වැයකොට තිබෙනවා. මේ රටේ ජනතාවගේ මුදල් තමයි ඒ විදියට තමන්ගේ පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදා ගෙන තිබෙන්නේ. මහ බැංකු ඉතිහාසය තුළ වෙනත් කිසිදු මහ බැංකු අධිපතිවරයකු මෙවැනි විශාල මුදලක් තමන්ගේ සුඛවිහරණය සඳහා යොදාගෙන නැහැ.

‘අර්ජුන මහේන්ද්‍රන් මුදල් කාබාසිනියා කළ අන්දම’

මේ රුපියල් මිලියන 14.5 තුළ අර්ජුන මහේන්ද්‍රන්ගේ හෝටල් බිල් පමණක් තිබෙනවා, රුපියල් මිලියන 4.7ක. කෑමට පමණක් ගිහින් තිබෙනවා. රුපියල් මිලියන 3.6ක්. ගතවූ මාස 11ක කාලයෙන් මේක බෙදලා බැලූවොත් දළ වශයෙන් දිනකට ජනතා මුදලින් රුපියල් 10,000.00ක් කාලා තිබෙනවා. ඒ විදිහට කෑමබීම, ඉඳුම් හිටුම්වලට අමතරව විනෝදාස්වාදය සඳහා පමණක් මිලියන 1.7ක යොදවලා තිබෙනවා. ඒකත් දින ගණනෙන් බෙදලා බැලූවොත් මහ බැංකු අධිපතිවරයා මහ බැංකුවේ මුදලින් දිනකට රුපියල් 5,000 බැගින් අරන් විනෝද වෙලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි මෙයා අභ්‍යන්තර ගමන්, එනම් රට තුළ ගමන් සඳහා රුපියල් ලක්‍ෂ හයහමාරක් වැය කොට තිබෙනවා. අපි දන්නා විදිහට අර්ජුන මහේන්ද්‍රන් මේ මාස 11ක කාලයෙන් රට තුළ සිටියේ ඉතාමත් කෙටි කාලයයි. වැඩි කාලයක් සිටියේ විදේශගතවයි. මේ රටේ හිටපු ඒ කෙටි කාලය සඳහා ගමන් බිමන් සඳහායි මේ ලක්‍ෂ හය හමාර වියදම් කොට ඇත්තේ. ‘යාල හෙලිකොප්ටර් සවාරි’ යන්න වියදම් කළ මුදලත් මෙතැන තිබෙනවා. රජයේ හොලිකොප්ටර් මහ බැංකු මුදලින් මිලදී අරගෙන සවාරි ගහපු මහ බැංකු අධිපති ගැන එදා ‘බේබිලාගේ හෙලිකොප්ටර් සවාරි’ ගැන කට උල් කරන් කෑගහපු අයට පෙනෙන්නේ නැහැ.

‘ලක්‍ෂ 21ක අපූරු ඇඳුම’

ඒ විතරක් නොවෙයි අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා විදෙස්ගත වෙලා සිටි අවස්ථාවක ඔහුගේ ඇඳුම් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 21ක මුදලක් වැයකොට තිබෙනවා. අපි අහනවා, ‘මේ ඇඳුම සකසා තිබෙන්නේ රත්තරනින්ද? කියලා. එවැනි ගණනක් ඇඳුමේ බිල හැටියට ආවාට අපට ආරංචි විදිහට වෙනත් කටයුත්තක් සඳහා තමයි මේ මුදල වැය කරලා තිබෙන්නේ. ඒ බව මහ බැංකුවේ බොහෝ නිලධාරීන් දන්නවා. ඒ මුදල කා වෙනුවෙන්ද වැය කළේ කියා හොයාගන්න එතුමාගේ මහ බැංකු කාර්යාලය ඇතුළට ගියාම අපහසු වන්නේ නැහැ.

‘මේක හොරාකෑම නොවෙයිද?’

මාස 11ක කාලයක් තුළ තමන්ගේ සුඛවිහරණය සඳහා පමණක් රුපියල් මිලියන 14.5ක මුදලක් යොදවපු මහ බැංකු අධිපතිවරයකු සිටින රටක ආර්ථිකය දියුණු වෙන්නේ කොහොමද? ‘රාජපක්‍ෂ ආණ්ඩුව හොරා කෑවා’ කියන මන්තරය ? දවල් දෙකේ ජප කරමින් මේ කන්නේ කවර කෑමක්ද? කවරකුවත් නොකාපු කෑමක් කාපු මේ මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය 2016 ජුනි මස 30 වැනිදා අවසන් වෙනවා. ‘මොහු නැවත පත් කරනවාද? නැද්ද?’ යන තීරණය එවිට මේ ආණ්ඩුවට ගන්න වෙනවා. මහ බැංකු අධිපතිවරයා පත් කරනු ලබන්නේ රටේ ජනාධිපතිවරයා විසිනුයි. ලංකා ඉතිහාසය පුරා මහ බැංකුව තිබුණේ මුදල් අමාත්‍යවරයා යටතේයි. එහෙම තිබුණු මහ බැංකුව ඉතිහාසයේ ප‍්‍රථම වතාවට අගමැතිවරයා යටතට පත්කළේ ඇයි? අගමැතිගේ ගජමිතුරාට මහ බැංකු අධිපතිකම ලබා දීමටයි. එමගින් අර්ජුන මහේන්ද්‍රන්ට සැප විඳීමට ඉඩ ලබා දීම සහ ඔහුගේ බෑණාගේ සමාගමට(පර්පචුවල් ටෙ‍්‍රෂරි* බැඳුම්කර ගනුදෙනු මගින් අතිරේක වාසි ලබාගෙන අයථා මුදලක් උපයා ගැනීමට ඉඩ ලබාදීම අගමැතිවරයාගේ අරමුණ වුණා.

‘ටයි - කෝට් හොරකම්’

පසුගිය මාර්තුවේ මහ බැංකුව විසින් රුපියල් බිලියන 77ක බැඳුම්කර නිකුත් කළා. මින් රුපියල් බිලියන 26ක්ම ගත්තේ කවුද? අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගේ සමාගම වූ පර්පචුවල් ටෙ‍්‍රෂරි සමාගම. මහ බැංකුව බැඳුම්කර හැටියට බිලියන 77ක ණයක් ගන්න හදන කොට දකුණු ආසියාවේ විශාලම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලත් (EPF) ණය දෙන්න එනවා. මේ රුපියල් බිලියන 77ම ණය හැටියට මහ බැංකුවට ලබාදීමට තරම් සේවක අර්ථසාධක අරමුදල ශක්තිමත්. නමුත් EPF එකෙන් ගත්තේ බැඳුම්කර හැටියට බිලියන 2.5ක ණයක් විතරයි. නමුත් බෑණාගේ සමාගමෙන් බැඳුම්කර හැටියට බිලියන 26ක ණයක් ගන්නවා. ඒක නිකුත් කළ සම්පූර්ණ බැඳුම්කර මුදල වූ බිලියන 77න් 34%ක මුදලක්. නමුත් 2015 ජනවාරි 08 වැනිදාට කලින් කවදාවත් මේ සමාගමෙන් මෙවැනි විශාල මුදලක් මහ බැංකුව ණයට ගෙන නැහැ. මේවා සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ. මේවාට කියන්නේ ‘ටයි - කෝට් හොරකම්’ කියලයි. මෙවැනි මහ බැංකු අධිපතිවරයකු තවදුරටත් ධුරයෙහි තබා ගත යුතුද?

මේ කෙටි කාලය තුළ මහ බැංකු බැදුම්කර සදහා වූ පොලී අනුපාතිකය 6%කින් ඉහළ ගොස් තිබෙනවා. 2014 - 2015 කාලය සන්සන්දනය කළාම මාස 03 බැඳුම්කර ණය සඳහා පොලිය වැඩිවීමේ ප‍්‍රතිශතය 54.2%යි, මාස 06 ණය සඳහා 64.3%යි, මාස 12 ණය සඳහා 67.2%යි, අවුරුදු 05 ණය සඳහා 73.0%යි, අවුරුදු 08 ණය සඳහා 66.2%යි, මේ විදිහට ‘බැඳුම්කර ණය සඳහා සියලූ පොලී අනුපාතිකයන් මේ කෙටි කාලය තුළ ඉතා විශාල ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. මේක තමයි බෑණාට අතිරේක ලාභ උපයන්න හදලා දුන්නු ක‍්‍රමය.

අපි දුටුවා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කොට තිබෙනවා, ‘මේ පුද්ගලයා මේ තනතුරට නුසුදුසු බවයි මගේ හැගීම. මම අගමැතිවරයාටත් යෝජනා කළා මේ පුද්ගලයා ඉවත් කරන්න, කියලා. නමුත් මම කීවාම අගමැතිවරයා ඊට එකග වුණේ නැහැ. කියලා. ඒ අනුව ජනාධිපතිවරයා පිළිගන්නවා, ‘මේ පුද්ගලයා පත් කිරීම නුසුදුසුයි’ කියලා. නමුත් මේ නුසුදුසු පුද්ගලයා තවමත් තනතුරේ සිිටිනවා. ‘ටයි-කෝට්’ හොරකම තවම කරනවා. කරුණාකරලා මේ බව පත්තරේ දාන්න. එතකොටවත් ජනාධිපතිතුමා ඒ බව දැන ගනීවි. (මාධ්‍යවේදීන්ගේ සිනා)

‘මහ බැංකුවේ ධනය තම සුඛවිහරණය සඳහා යොදා ගන්න, මහ බැංකු බැඳුම්කර ක‍්‍රියාදාමය තම බෑණාගේ සමාගමට මුදල් ඉපයීම සඳහා වූ උල්පතක් බවට පත්කර දී තිබෙන මේ මහ බැංකු අධිපතිවරයා ජූනි මාසයේ 30 වැනිදායින් පසු යළි පත් කරනවාද? කියා අපි ජනාධිපතිවරයාගෙන් අහනවා. කරුණාකරලා උත්තර දෙන්න. මේක තමයි මෛත‍්‍රීපාල සිරිසේන මේ රටේ ඇත්තටම ජනාධිපතිද? නැද්ද? කියා උරගා බලන ප‍්‍රධානතම අවස්ථාව. අගමැතිවරයාට අවශ්‍ය වෙලා තිබෙනවා මේ දූෂිත මහ බැංකු අධිපතිතුමා යළිත් ගෙන ඒමට. අපට මතකයි ජනාධිපතිවරයාගේ උපදේශකයකු වන ශිරාල් ලක්තිලක මහතා පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වූ අවස්ථාවේදී ප‍්‍රසිද්ධියේ පැවසුවා, මේක දැවැන්ත හොරකමක් කියලා. ජනාධිපතිතුමාගෙන් අහන්නේ නැතිව මෙහෙම දෙයක් ජනාධිපති උපදේශකයකු ප‍්‍රසිද්ධියේ කියන්නේ නැහැනේ. අපි යළිත් ජනාධිපතිතුමාට කියනවා, සොරකම් සිදු වූවා කියලා පිළිගන්නවා නම් කරුණාකරලා රටේ ආර්ථිකය බිල්ලට දෙන මේ පුද්ගලයා යළි මහ බැංකු අධිපති ලෙස පත්කරන්න එපා කියලා.

‘රනිල්ගේ ගජමිතුරාට සුදුසුකම් නැහැලූ’

මේ අවස්ථාවේ රට හමුවේ තැබිය යුතු තවත් කරුණක් තිබෙනවා. ලංකා පුත‍්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට පත්කොට ඇත්තේ ලසන්ත ගුණවර්ධන නම් වූ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ඉතාම කුළුපග මිතුරෙක්. ඒ වගේම ඔහු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක්. මහ බැංකුවේ බැංකු අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බලය පැවරී තිබෙනවා ‘විශේෂ බලපත‍්‍රලාභී බැංකුවක සභාපතිවරයකු එම තනතුර සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබේද?’ යන්න සොයා බැලීමට. ඒ අනුව සොයා බැලීම් කළ මහ බැංකුවේ බැංකු අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලසන්ත ගුණවර්ධන මහතා මෙම තනතුරට නුසුදුසු බව 2016 මාර්තු 24 වැනිදා දන්වා තිබෙනවා. ඒ අනුව ලසන්ත ගුණවර්ධන මහතාට එම තනතුර දරන්න බැහැ. නමුත් විශේෂ බලපත‍්‍රලාභී බැංකු පාලන පනත උල්ලංඝනය කරමින් මේ තැනැත්තා තවමත් ධුරයේ සිටිනවා. ඔහු ඉවත් කිරීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැහැ.

‘දුමින්ද සහ සරත් ෆොන්සේකා’

ඒ වගේම මේ ආණ්ඩුව කිසිදු මූල්‍ය විනයක් සහිතව කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට නැහැ. දුමින්ද දිසානායක කෘෂිකර්ම ඇමතිවරයා විගණන විමසුම් නොතකා හරිමින් රුපියල් කෝටි 98ක පමණ මුදලකට අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගෙන තිබෙනවා. ඒ කටයුත්ත නැවත්තුවා කීවාට වසර 2ක අත්තිකාරම් මුදල මේ වන විට ගෙවා අවසන්. තමන්ගේ අමාත්‍යාංශය යටතේ කිසිදු ආයතනයක් ගැසට් කරලා නැති, නියමිත රාජකාරියක් නොමැති, ලියලා දුන්නොත් පාර්ලිමේන්තුවේදී කොලය බලාගෙන හිටපු ජනාධිපතිතුමාට බැන වැදීමේ රාජකාරිය පමණක් පවරපු සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කටයුතු කරන අන්දම බලන්න. ඔහු අමාත්‍යාංශය සඳහා යැයි කියමින් කුන්ඩන්මාල්ස් නැමැති ව්‍යාපාරයට අයත් ගොඩනැගිල්ලක් කුලියට ගෙන තිබෙනවා. අත්තිකාරම් ලෙස පමණක් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 310ක්. අගමැතිට කෝටි 60ක වාහන, කෘෂිකර්ම අමාත්‍යවරයාට රුපියල් කෝටි 98ක ගොඩනැගිල්ලක්, ඒ වගේම සරත් ෆොන්සේකාට ගොඩනැගිල්ලක් සඳහා කෝටි 31ක අත්තිකාරම් මුදලක්, අනුමත කළ කැබිනට් මණ්ඩලයක් සිටින මේ ආණ්ඩුව ජනතාවට කියනවා ‘කැප කරන්න’ කියලා. පසුගිය ආණ්ඩුවට බොරු චෝදනා එල්ල කරමින් බලයට ආපු මේ ආණ්ඩුව පසුගිය පාලන කාලයේ පමණක් නොවෙයි, මේ රටේ කිසිදු පාලනයක් යටතේ සිදු නොවුන
ු ආකාරයේ වංචා, දූෂණ, හොරකම් ප‍්‍රමාණයක් එළිපිටම සිදු කරමින් සිටිනවා. මේවා ගැන කතා කරන කොට අපට FCIDයට, උසාවිවලට, තවතවත් යන්න වෙනවා. ඒක තමයි මේ ආණ්ඩුවේ ක‍්‍රමය.

‘GMOAට අපේ ගෞරවය පුද කරනවා’

මේ ආණ්ඩුව ආර්ථික පරිහානියට රට ඇද ගෙන යන ආකාරයට අදාළව කළ පැහැදිලි කිරීම්වලට අමතරව අපට කීමට තවත් කරුණක් තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි මහතා මේ වන විට ඉල්ලා අස් වී ඇති බව අපි කවුරුත් දන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන අන්දමට අද සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ පවුල් පාලනයක් තිබෙන තැනක්. මම දැක්කා සෞඛ්‍ය ඇමතිවරයාගේ පුත‍්‍රරත්නය ඉතාම අශෝභන ආකාරයෙන් ‘නිවටයින්, ගෙවලයන්, කාමාතුරයන්’ යැයි කියමින් මේ රටේ වෛද්‍යවරුන්ට පරිභව කරනවා. මම දන්නේ නැහැ, ‘තාත්තා වෛද්‍යවරයකු නිසා ඒ පුතාට ඒ විදියේ අදහසක් සමස්ත වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඇති වුණාද? කියලා . වෛද්‍යවරුන්ට නොවෙයි කිසිදු සේවකයකුට නිග‍්‍රහ නොකළ යුතු අන්දමින් මේ ඇමති පුත‍්‍රරත්නය වෛද්‍යවරුන්ට නිග‍්‍රහ කළා. අවසානයේදී කුමක්ද වුණේ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාධාරණ ඉල්ලීම්වලට යටත් වෙලා සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලේඛනය යළි සකස් කිරීමට ඇමතිවරයාට සිදු වුණා. තාත්තයි - පුතයි වෛද්‍යවරුන්ට හතර වටේට පහර ගැසුවාට, අවලාද ගුවාට අන්තිමේදී සිදු වුණා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ඉදිරියේ දණ ගහන්න.

‘එකාවන්ව සමගිව කටයුතු කළොත් ඇමතිවරයකු පමණක් නොවෙයි, මේ ජනතාදෝහී ආණ්ඩුව වුණත් දණ ගස්වන්න පුළුවන්’ කියලා රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය ඔප්පු කොට පෙන්වා තිබෙනවා. ඒ නිසා අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අපගේ ගෞරවය පුදකර සිටිනවා’’

(Wimal Weerawansa - Facebook පිටුවෙනි)

Thursday, June 2, 2016

අසභ්‍ය දර්ශන බලන අය ආගම දහමට කිට්ටු වෙනවා ලු

අසභ්‍ය දර්ශන නරඹන පුද්ගලයින් විශේෂයෙන් ආගම දහම වෙත නැඹුරු වීමේ ප්‍රවණතාවයක් තිබෙන බව අමෙරිකාවේ ඔක්ලහෝමා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයකින් හෙළි වී තිබේ.

එම සම්බන්ධයෙන් පළ කළ පර්යේෂණ පත්‍රිකාවක ‍මේ බව සඳහන් කර ඇත.

වැඩිහිටි පුද්ගලයින් 1314 දෙනෙකුගේ නියැදියකින් මෙම පර්යේෂණය සිදු කර ඇති බව සඳහන් කර ඇත.

අසභ්‍ය දර්ශන නරඹන පුද්ගලයින් මෙලෙස ආගම දහම වෙත නැඹුරු වීමේ ප්‍රවණාවක් දැක්වීමට හේතුවී ඇත්තේ එම පුද්ගලයින් තුළ සිය ආගම දහමට විරුද්ධව කටයුතු කරනවායැයි වරදකාරී හැගීමක් ඇතිවීම නිසා බව අනාවරණ වී තිබේ. 

ISIS ත්‍රස්තයෝ Facebook හරහා 'වහලියන්' වෙළෙඳාමේ යෙදෙති

ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශයක් පුරා බලය ව්‍යාප්‍ත කරගෙන සිටින 'ඉස්ලාමීය රාජ්‍යය​' හෙවත් ISIS ත්‍රස්තයින් කාන්තාවන්ට, විශේෂයෙන්ම අන්‍යාගමික කාන්තාවන්ට​, සලකන ආකාරය පිළිබඳ ඉතා දරුණු සාධක ලැබී තිබෙනවා.

මේ අතර බොහෝ කාන්තාවන් වගේම ගැහැණු ළමුන් පවා වහලුන් ලෙස තබාගන්නා අවස්ථා පිළිබඳ අසන්න ලැබෙනවා.

මෑතකදී දැනගන්නට ලැබුණේ මොවුන් සමාජජාල හරහා මේ වගේ වහලියන් වෙළෙඳාම් කරන්නත් පටන් අරන් තියෙන බවයි.

මෙවන් සාමාජිකයකු වන 'අබු අසාද් අල්මානි' නමැත්තා වයස අවුරුදු 18 ක පමණ තරුණියකගේ පින්තූරයක් ෆේස්බුක් හි පළකොට ඇත්තේ ඇගේ මිල ඩොලර් 8,000 ක් බව පවසමින්.

මෙම පින්තූරයත් සමඟ අල්මානි ලියා තිබුණේ "විවාහ වී දවුලාහ් වෙත (ISIS පාලන ප්‍රදේශය​) පැමිණෙන්න​" යනුවෙනි. මේ අතර ඔහුගේ දැන්වීමට පහළින් විශාල විවාදයක් ඇතිවූ අතර ඩොලර් 8,000 ක් වැනි මුදලක් ගෙවීමට තරම් එම වහලියගේ ඇති විශේෂත්වය කුමක්ද යන්නත් අසා තිබුණා.

"ඉල්ලුම් සැපයුම් අනුව තමයි මිල තීරණය වෙන්නේ" ඊට අල්මානි දුන් පිළිතුරයි.

කෙසේ නමුත් ෆේස්බුක් ආයතනය විසින් අල්මානිගේ ගිණුම ඉවත් කර (Delete) තිබුණා.

පසුගිය අගෝස්තුවේ එක්සත් ජාතීන් අතට පත් වූ මිල දර්ශනයකට අනුව වයස අවුරුදු 1-9 අතර ගැහැණු දරුවන් ඩොලර් 165 කටත්, ගැටවර වියේ ගැහැණු ළමුන් ඩොලර් 124 කටත් වයස අවුරුදු 40 ට වැඩි ගැහැණුන් ඩොලර් 41 කටත් ආදී වශයෙන් විවිධ මිල ගණන්වලට වහලියන් අලෙවි කෙරුණා.

ඇතැම්විට අයිතිකරුවන් කිහිප දෙනකු අතින් අතට විකිණුන අතර ඇතැම්විට ඩොලර් දහස් ගණන්වලට ඔවුන් ආපසු ඔවුනගේ පවුල්වලටම නිදහස් කරන අවස්ථා ද දකින්න තිබුණා.

මේ අතර මීට කලකට පෙර ඉරාකයේ යසිඩි ගෝත්‍රිකයන් දහස් ගණනක් අල්ලාගත් ISIS සටන්කාමීන් ඉන් පියකරුම තරුණියන් සිරියාවට යැවුණ බවත් එහිදී ඔවුන් වහල් වෙන්දේසි වෙත යොමු කෙරුණ බවත් වාර්තා වුණා.

නව යොවුන් වියේ සහ යොවුන් වියේ පසුවූ පියකරු කෙල්ලන් ඉහළ පෙලේ ISIS නායකයින් සහභාගී වන වෙන්දේසි සඳහා අමු නිරුවතින් ඉදිරිපත් කෙරුණ අතර ඔවුන්ගේ සිරුරු පරීක්ෂා කළ පිරිමින් එම නිරුවත් ගැහැණු ළමයින් මිලදී ගත් බව වාර්තා වුණා.

වෙනකක් තබා වහලියන්ට සලකන අයුරු, ඔවුන් හා ලිංගික ක්‍රියාවල යෙදෙන අයුරු සහ දඬුවම් පනවන අයුරු ආදිය අඩංගු නීති පවා ISIS සංවිධානය විසින් පනවා තිබෙනවා. මෙයින් පෙනෙන්නේ මොවුන් ආගම විකුණා සිය ආශාවන් සම්පූර්ණ කරගන්නා මෘගයින් බවයි.

Wednesday, June 1, 2016

ත්‍රීවීල් එකට වඩා ලාභ රෝද හතරෙ වාහනේ - Qute

ත්‍රී රෝද රථයක මිලට අඩුවෙන් නවතම රෝද හතරේ වාහනයක් හඳුන්වා දෙන බව රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ඊයේ සඳහන් කළා.

එවන් රථයක් පිළිබඳ මෑතකදී අසන්නට ලැබෙන්නේ ඉන්දියාවෙන්.

මෙම වාහන හඳුන්වනු ලබන්නේ Quadricycle (කොඩ්රිසයිකල්) යනුවෙනි. කොඩ්රිසයිකලයේ ඉතිහාසය 1896තෙක් දිවෙන්නකි. ලෝ ප්‍ර‍කට ෆෝර්ඩ් සමාගම ලොව පළමු කොඩ්රිසයිකලය නිපදවන්නේ 1896 ජුනි 04දාය.

මේ වනවිට ඉන්දියාවේ බජාජ් සමාගම තම කොඩ්රිසයිකලය Qute නමින් වෙළඳපොලට හඳුන්වාදී තිබෙනවා. මෙහි මිල අමෙරිකානු ඩොලර් 2000ක් (රුපියල් ලක්ෂ 3ක්) පමණ වන බව සඳහන්.

මින් රථ කිහිපයක් ශ්‍රී ලංකාවට මේ වනවිට ගෙන්වා ඇති අතර, මේ දිනවල එම රථ තත්ව පරීක්ෂාවට ලක්කරමින් ඇති බවද වාර්තා වුණා.. ළඟදීම මෙම කොඩ්රිසයිකලය මෙරට ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති. රජයේ බදු ඇතුළත්ව අළෙවි කෙරෙන මිල තවමත් තීරණය කර නැහැ


පැයට කිලෝමීටර් 70 වේගයෙන් යා හැකි මෙම රථය නිපදවා ඇත්තේ නාගරික භාවිතය සඳහාය. මෙහි ගමන්කළ හැකි පුද්ගලයින් ගණන 04කි. පෙට්‍ර්ල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් ධාවනය කිරීමට හැකියාව ඇති බව බජාජ් සමාගම පවසයි.
(Neth FM ඇසුරින්)

නිරුවතින් Photo Shoot එකකට පෙනී සිටි ෂැන්ටෙල් කොනෙලි (18+)

බ්‍රිතාන්‍යයේ ජෝර්ඩි ශෝර් රියැලිටි වැඩසටහනෙන් කරළියට පැමිණි ෂැන්ටෙල් කොනෙලි 2017 වසර සඳහා දැන්ම සූදානම් වනවා.

ඒ කැලැන්ඩරයක් සඳහා නිරූපණ කටයුතුවලට එකතු වෙමින්. ඈ එසේ නිරූපණයෙහි යෙදුණේ මොරොක්කෝවේදී.

සරාගී පිහිනුම් ඇඳුම්වලින් සැරසී ඡායාරූපවලට පෙනී සිටි ඈ එක් අවස්ථාවක සිය උඩුකය නිරුවතින් ගොඩනැගිල්ලක් අසළ ඡායාරූප සඳහා පෙනී සිටියේ වීදුරු ගොඩනැගිල්ල තුළ සිටින්නන්ට ඇයව හොඳට පෙනෙන විදියටයි.


ඒ වගේම ෂැන්ටෙල් මුහුදු වෙරළේ සියලු ඇඳුම් ගලවා දමා තම ආකර්ශනීය නිතඹ දිස්වන ආකාරයෙන් වැලි පොළවේ හිඳගෙන පින්තූරවලට පෙනී සිටියේ කිසිම සබකෝලයක් නැතිව​.

හිටපු striptease (ඇඳුම් එකිනෙක් ගලවමින් කරන නැටුම​) නාටිකාංගනාවක් වන ඇයට නම් ඉතින් සබකෝලයක් තියෙන්න නැතිව ඇති.